එහෙන් මෙහෙන් කතාවෙන නිසා Etsy කියන්නේ මොකද්ද කියල කට්ටිය හොයන්න අරගෙන තියනවනේ. එට්සි කියන්නේ මචන් මාකට් ප්ලේස් එකක්. තම තමන්ගේ හැකියා අනුව අපිටම අපේ නිර්මාණ හා සේවා විකුණන්න පුළුවන් තැනක්. Etsy එකෙන් ඒකට කියන්නේ මෙහෙම. Etsy is a global online marketplace, where people come together to make, sell, buy and collect unique items. Support independent creators. Etsy කරන්නේ කොහොමද? මොනාද විකුණන්න පුළුවන් වගේ දේවල්නේ උඹලා හිතන්නේ
මචං. මෙහෙමයි.... එට්සි එක ඇතුලේ භාණ්ඩ හා සේවා දෙකෙන්ම විකිණීම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල තියන හැමදේම විකුනන්නත් බෑ. එට්සි එකේ විකුණන එකත් එක්තරා ආට් එකක්. මුලින්ම එට්සියේ රවුමක් ගහල බලන්න මොන වගේ දේවල්ද විකිණෙන්නේ කියල.
වැඩේ පටන්ගන්න වගේ ආස හිතෙනවා නම්......
1. මුලින්ම පේපෑල් එකක් හදාගනින් මචං. අන්න ඒක බිස්නස් ටයිප් පේපැල් එකක් උනොත් ටිකක් හොඳයි. පේපෑල් ගැන ලොකු විස්තරයක් කියන්න අවශ්‍ය නෑ මොකද ඕනේ තරම් ගයිඩ්ස් විස්තර තියනවා මේක ගැන. පොඩ්ඩක් හොයල බලහන්.
2. පේපැල් එක තියනවා නං මචන් ඊළඟට කරන්න ඕනේ එට්සියේ ගිහින් එකවුන්ට් එකක් හදාගන්න එක.
3. ඕක මුලින්ම හැදෙන්නේ සාමාන්‍ය බයින් කරන එකවුන්ට් එකක්. ඒක අපි සෙලින් වලට හරෝගන්න ඕනේ. ලොකු දෙයක් නෑ එතනත්. සෙලින් ටැබ් එකෙන් ගිහින් විස්තර ටික පිරෙව්වම සෙලින් එකවුන්ට් එකත් හරි.
4. එතනින් එහාට මචන් ගේම තියෙන්නේ තනිකර උඹේ අතේ. මේකේ ඩ්‍රොප්ෂිපින් කරන්න යන්න එපා... කරන්න බෑ... කරන්න දෙන එහෙකුත් නෑ. අනික අතේ ලොකු සල්ලියකුත් නැත්නං වැඩේ කොහොමත් අමාරුයි නේ.
5. මුලින් එට්සිය වටේ රවුම් ගහපන්. කට්ටිය විකුනන්න මොනාද කියල දල අදහසක් ගනින්. උඹට පෙන්නන ගනී උඹ හිතන්නෙවත් නැති දේවල් මිනිස්සු විකුණනවා සහ හිතන්නෙවත් නැති විදියට ඒවාට සෙලින් වෙනවා කියල.
6. උදාහරණයක් විදියට මචන් පොල්කටු, වේලපු මල්, පොල් ලෙලි, කොහු බත් වගේ උඹලා තඹ සතේකට මායිම් නොකර විසික් කරන දේවල් මිනිස්සු මාර විදියට බයින් කරනවා කියල උඹට පේන්න ගනී.
7. (ප.ලි. මේ උදා හරණයක් විතරයි. - හැමෝම චිත්‍ර අඳින්න යන්න එපා) එට්සියේ සර්ච් කරොත් උඹට පෙනෙයි බලිකුරුටු වගේ ඇඳපු චිත්‍ර (ඒවාට කියන්නේ Abstract Art කියල - පොඩ්ඩක් ගූගල් කරලා බලහන්.) පට්ට ගණන් වලට විකිණෙනවා. ඒ මේ ලොකු ලොකු ආටිස්ලා නෙමේ... නිකන්ම නිකන් සාමාන්‍ය මිනිස්සු ඇඳපුවා. සාමානයෙන් $10 - $1000ටත් එහා ගණන් වලට යන ඒවා පේන්න ගනී. ඒවා මචන් උඹෙන් ඕඩර් වැඩිවෙන්න වැඩි වෙන්න උඹට ඒවාට ගණන් උස්සන්න පුළුවන්. (ප.ලි. මේ එක්තරා ආට් එකක්. ඒක කරන්න ක්‍රියේටිව් අයිඩියාස් තිබ්බා නම් ඇති. පොඩ්ඩක් ගූගල් කරන්න වීඩියෝස් බලන්න. මේවා අඳින එක එක ක්‍රම තියනවා. හොයාගන්න පුළුවන් වෙයි)
8. හොයා ගනින් කැන්වස් එකක්... එක්කෝ මේ වගේ පේන්ට් කරන්න පුළුවන් කල්පවතින ටිකක් ගනකම රෙදි.. අරගෙන පේන්ට් බකට් දෙක තුනකුත් අරන් අමුතු චිත්‍ර ඇඳපන්.... චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනේ නෑ. උඹට අයිඩියා ටිකක් තිබ්බා නං එච්චරයි.
9. ඔහොම චිත්‍ර දෙක තුනක් ඇඳලා හොඳට පැහැදිලිව පේන්න තියල එක්කෝ ෆ්‍රේම් එහෙකට ගන්න පුළුවන් නම් අරගෙන ලස්සන ෆොටෝ ටිකක් ගනින්.
10. දාපන් මචං ටිකක් අඩුවට Etsy එකේ.... මුලින් $10 - $15 දැම්මත් කමක් නෑ...
11. ඩිස්කවුන්ට් සෙට් කරපන්. ඔඵර්ස් සෙට් කරපන්. ඒවා සෙට් කරාම උඹේ ලිස්ටින් එක උන්ගේ සේල්ස් පේජ් එකේ උඩට එන්න ගන්නවා. වීව්ස් වැඩි වෙනවා. ඩිස්කවුන්ට් සෙට් කරාම එට්සි එකෙන් ප්‍රමෝෂන් පේජ් එකට ඔටෝ ඇඩ් කරනවා. ඒ වාසිය නියමයි.
12. අනිවා මචන් ඕවා යනවා. හොඳට පැක් කරලා වෙලාවට පොස්ට් කරපන්. පොස්ට් කරන්නත් බැරි නෑනේ. මොකෝ අයිටම් එක උඹ ගාව තියෙන්නේ පොස්ට් ඔෆිස් එකට ගියා පොස්ට් කරා.... ඔය ආට් වගේ දේවල් යවන අර බට වගේ දේවල් තියෙන්නේ. එහෙම එහෙක දාල යවන්න පුළුවන් නං එහෙම කරහන්.
13. fedex / dhl වගේ දෙකකින් ගණන් බලාගෙන ඒ ගණන් අල්ලලා එට්සියේම දාපන් ෆාස්ට් ෂිපින් ඔප්ෂන් එක... එතකොට ඉක්මනට ඕනේ එකා ඒ ගැන දීලා හරි උඹේ ගන්නවා.
14. ඔහොම කරපන් කාලයක්. සෙලින් වෙන අයිටම් වලට බයර්ලාගෙන් රිවීව් ගනින්. උන්ට හම්බවෙච්ච අයිටම් එක උන්ට බිත්තියේ එල්ලලා ෆොටෝ එකක් අර රිවීව් එකට දාන්න කියහන්. එහෙම කරන උන්ට උඹට පර්සනල් ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. එහෙම කරලා ඒකට උනන්දු කරහන්.
15. මොකද එට්සිය කියන්නේ අමුතුම මිනිස්සු ඉන්න තැනක්. හරිම හොඳ මිනිස්සු ඉන්න තැනක්. ඒ මිනිස්සුන්ගේ රිවීව් එකක් අර විදියට ෆොටෝ එකක් එක්ක එනවා කියන්නේ ඕක දකින තව කෙනෙක්ට ආස හිතෙනවා ඒ වගේ ආට් එකක් අරන් මගේ ගෙදරත් තියාගන්න ඕනේ කියල....
16. ඔහොම උඹට සෙලින් එක දෙක එන්න ගනිද්දී කස්ටම් ඕඩර් ඕන් කරපන්. ඒ කියන්නේ මචන් මේඩ් ටු ඕඩර් ඔප්ෂන් එක... ඕක ඕන කරනවා කියන්නේ හිටපු ගමන් කොමෂල් ටයිප් ඕඩර් වදිනවා බර ගණන් වලින්.
17. සාමාන්‍යයෙන් එක ආට් එකක් $20 / $25 ට ගියා කියමු එකක්... අනිවා මේ ටයිප් ඒවා ඊට වැඩ වැඩි ගානට යනවා. උඹ හිතපන් උඹට අර කැන්වස් එකට එක්කෝ රෙදි වලට පේන්ට් වලට එක චිත්‍රයක් කරන්න රුපියල් 500 / 1000 ක් යයි කියල.... (එච්චර යන්නේ නෑසුවර්...) ඕකට පොස්ටේජ් ඔක්කොම එකතු උනාම ටෝටල් 2000 කියමු.... $20 / $25 ගියා නං අඩුම රුපියල් 1000 වත් ප්රෝෆිට්.
18. එට්සියේ උඹට දාන්න පුළුවන් අයිටම් ලිමිට් එකක් නෑ.... ඉතින් බන් රෙදි මීටර් කීපයක් අරන් ඕවා ස්ටෑන්ඩ්ඩඩ් ගානකට කපලා ආට් කීපයක් කරන්න පුළුවන්. කරලා එට්සියේ දාපන්.
19. ඔහොම සෙලින් වෙන්න ගත්තම රිවීව් එන්න ගත්තම උඹට අර $20 / 25 දීපු එක නිකන්ම $40 / 50 දෙන්න පුළුවන් වෙනවා. ඕක තව දුවද්දී ඒකම ඊටත් වැඩිය වැඩි ගණන් වලට ඩිමාන්ඩ් කරන්න උඹට පුළුවන් වෙනවා.
20. ඔහොම කරද්දී බන් දවසකට ඕඩර් 5ක් 10ක් එන්න ගනිද්දී තව දෙයක් කරපන්. මෙච්චර කල් ෆ්‍රේම් නැතුව යැව්වා නං... වඩුවැඩ කරන එකෙක් අල්ලන් උඹේ ආට් වලට ගැලපෙන ෆ්‍රේම් එකක් හදා ගනින්. නෑ ආට් එක ෆ්‍රේම් එකට ගහන්න ඕනේ නෑ. ඒ ෆ්‍රේම් එකට හරියන ලී ටික කපලා... ඒ ෆ්‍රේම් ඒක හදාගන්න ඕනේ ඇණටිකත් එකතු කරලා උඹේ අයිටම් එකට අලුත් ඔප්ෂන් එහෙකුත් දාපන් විත් ෆ්‍රේම් මැටීරියල්ස් කියල... (බයවෙන්න එපා ගන්න එකක් නෑ කියල... මේ රටවල් වල කබඩ් පවා එන්නේ ලී ටිකයි ඇණ ටිකයි වෙනම... අපි තමයි හදාගන්න ඕනේ... ඉතින් උන් අර ලී ටික තියල ෆ්‍රේම් එක ගහන එක ගේමක් නැතුව කරයි. පුළුවන් නම් ඒකෙ ස්ටෙප් බයි ස්ටෙප් පොඩි ගයිඩ් එකක් ඊමේල් කරපන් කස්ටමර් ට වැඩේ ඉවරයි) - මේ ෆ්‍රේම් සාම්පල් එකක් ඉමේජ් සෙට් එකේ අන්තිමට එල්ලලා ඇති බලන්න. 22. ඔච්චර කරනවා කියන්නේ ඔප්ෂන් ටිකක් / වෙරියේෂන් දෙනවා කියන්නේ බන් අනිවා උඹට ඕඩර් එන්න ගන්නවා. අනික රිටන් රිඵන්ඩ් කේස් අඩු නිසා පේපැල් අවුලක් වෙන්නෙත් නෑ...
21. ඔහොම තියෙද්දී එට්සියේ පුළුවන් තමන්ගේ ස්ටෝර් එක පර්සනලයිස් කරන්න. තමන්ගේ ඩොමේන් එකක් ඩිරෙක්ට් අරන් ගහන්න පුළුවන් විදියක්. ඒක කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් කරා කියන්නේ අර උඹට හැදිච්ච කස්ටමර් බේස් එක උඹට හොඳටම ඇති. මොකද උන් උඹට තව මිනිස්සු හොයල දෙනවා අනිවා...
22. මේ ටික කරා කියන්නේ බන් එතනින් එහාට ගේමක් නෑ... මම මේ කිව්වේ එකෙක් කරපු දෙයක්.... ඌ මේ වෙද්දී $$$ ඉලක්කම් 4 විතර ගාණන් මාසෙකට ප්රෝෆිට් කරනවා.... මේ මූ ඒක පටන් අරන් මාස 5/6ක් වගේ කාලෙකින්... ඌ ඒ කතාව වෙන පොස්ට් එහෙක ලියන්නන්. ඌ එහෙම කරා නං අනිවා උඹලත් පුළුවන් වෙන්නෝන... මොකද ඌත් උඹලා වගේම එකෙක්. කෝකටත් කියල මේ පල්ලෙහා තියන ආට් ටික බලහන්කො... ඊළඟට ඒවගේ සෙලින් කවුන්ට් එකයි.... විකිනෙනන ගානයි බලහන්කො මචං..... මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ට් එකක්ම දාන්න මචන්... මමත් දන්න දෙයක් නං කියල දෙන්නන්.
(ප.ලි. ආටිස්ට්ලා (ඒ කිව්වේ චිත්‍ර අඳින අය) හිත් නරක් කරගැනීමෙන් වලකින්න. මේ චිත්‍ර වලට අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. චිත්‍ර ගැන ලොකු දෙයක් නොදැන වැඩක් පටන්ගත්ත මල්ලි කෙනෙක් සාර්ථක වෙච්ච විදිය දැකලා ඒ ආශ්රයෙන් උදාහරණයක් අරන් ලිව්වා විතරයි)
0 comments:
Post a Comment