Friday, August 28, 2020

ස්නේහා

ආදරණීය කෙටි කතාවක්...


චූටී..... චුට්ටක් පහලට ගිහින් බලන්න අක්ක පරක්කු මොකද කියල"
"අනේ අම්මා මං මේ ඇග සෝදගත්තා විතරයි. පහලට බැහැල ආපහු නැග්ගම දාඩිය නාන්න වෙනවා."
"ඇයි ආපහු ඇග සෝදගන්න බැරිද? ලිදේ වතුර හිදිලද?.අහ්...ගුටි නොකා බලල එනවා අක්කව."
සුමේධා සැර උනා.
සුමේධා නුවර පලාතේ ලස්සන ගම්මානෙක චුටි කදු ගැටයක් මුදුනෙ තියෙන ලස්සන හුරුබුහුටි ගෙදරක ජීවත් වෙන මධ්‍යම පාන්තික පව්ලක කාන්තාවක්. සුමේධාට දූවරු දෙන්නෙක් හිටියා. ලොකු දූ ස්නේහා. චූටි දූ සිතුම්‍යා.
චූටි දූට අවුරුද්දක් පිරෙද්දිම වගේ සුමේධාගෙ මහත්තයා රස්සාව කරපු කර්මාන්ත ශාලාව ගිනි අරන් ඒ ගින්නෙන් පිලිස්සිලා මිය යනවා. එතැන් ඉදන් පුංචි දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න සුමේධා නොවිදිනා දුක් විදිනවා. අදටත් එහෙමයි. ලොකු දූ ස්නේහා උසස් පෙල ලියලා ප්‍රතිපල අපේක්ශාවෙන් ඉන්නවා. ස්නේහා හරිම ලස්සන යුවතියක්. ඇත්දල පාට හම. කලුම පාට දිග කොන්ඩේ, ඇවිදින තාලෙට නැලවෙන උකුල වගේම ආකර්ශනිය හිනාව ඇගේ රූමත්කමට සාක්ශි උනා. සුමේධාත් හරිම ප්‍රියමනාප කාන්තාවක්.
"අනේ සුමේධෝ ලොකු කෙලී නම් ඇරපු අතක් නෑ උබේ කපාපු පලුව.සුරංගනාවියක් වගේ."
හිතවත් උදවිය නිතරම ස්නේහගේ සුන්දරත්වය වර්නනා කලා.
ඒත් සිතුම්‍යා එයාගෙ තාත්තා වගේ. ඇයට තිබුනෙ තලෙලු හමක්. කොච්චර සාත්තූ කලත් කොන්ඩය දිගට ලස්සනට හදාගන්න සිතුම්‍යාට පුලුවන් උනේ නෑ. මේ නිසාම පුංචි කාලෙ ඉදන්ම අක්ක ගැන ඉරිසියාවක් වගේ හැගිමක් සිතුම්‍යාගෙ හිතේ තිබ්බා. වයසින් වැඩෙත්ම ඒ සිතුවිල්ල තව තවත් වැඩි උනේ උදේ පීදෙන මලක් වගෙ දවසින් දවස ස්නේහා ලස්සන උන හින්දා.ඒ නිසාම පොඩි පොඩි හැල හැප්පිම් නිතරම දෙන්න අතර උනා. ඒත් අහින්සක ස්නේහා තමන්ගෙ චූටි නංගිට හුගක් ආදරේ කලා. අදත් මල් ටිකක් කඩන්න පහලට ගියපු ස්නේහා පරක්කු මොකෝ කියල බලන්න උනාට සිතුම්‍යා හිටියෙ පුපුර පුපුර.
"මෙයාගෙන් නම් තියෙන්නෙ මල වදයක්. දැන් දාඩිය පෙරාගෙන යන්නෙපැයි රූප සුන්දරීව හොයන්න."
අම්මගෙන් බැනුමුත් අහගත්තු හින්ද තරහ පිට කරගත්තෙ මග දිගට තනියෙම බැන බැන ගිහින්.
කදු ගැටේ කෙරවලටම වගේ යනකොට සිතුම්‍යා දැක්කා මල් ගහ ලග ස්නේහා ඉන්නවා. තනියම නෙවෙයි සිතුම්‍යා කිසිදා දැක නැති තරුණයෙක් එක්ක කතා කර කර. සිතුම්‍යාට තරහා පාලනය කරගන්නම බැරි උනේ ඒ කොලු ගැටයාගෙ කඩවසම් බව දැකලා.
"අක්කෙ..... මොන මගුලක් කරනවද මෙතන්ට වෙලා. අම්මා මැරෙන්න යනවා මෙයා නෑ කියලා. මෙයා මෙතන මගුල් නටනවා"
සිතුම්‍යා කෑගහද්දී ස්නේහාගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා. ඒත් නංගිගෙ හැටි දන්න හින්දා මුකුත් කියන්න ගියේ නෑ.
" එහෙනම් සර් මං යන්නම්. කැලේ පංසලේ හාමුදුරුවො බැහැදැක්කනම් සේරම විස්තර දැනගන්න පුලුවන්.".
" හොදයි මිස්. කරපු උදව්වට බොහොම ස්තූති."
එහෙම කියල කොල්ල යන්න ගියා. ඒ දිනුල. අග නුවර මධ්‍යම පෙලේ ව්‍යාපාර පව්ලක දරුවෙක්. විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්. විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියකට තොරතුරු හොයන්න ගලේ පංසලට යන අතරමගදි තමයි ඔහු මල් කඩමින් සිටින ස්නේහාව දකින්නේ. ඒ සුන්දරත්වය දිනුලගේ සිත සොරාගන්නේ ඔහුටත් නොදැනීමයි. ඇයටත් හොරෙන් ඇගේ අපූරු චායාරූප කිහිපයක්ම ඔහු තම කැමරාවෙන් ලබාගෙන ඇයත් සමග ගලේ පංසල ගැනත් නුවර පලාත ගැනත් තොරතුරු අසන්නේ ඇයත් සමග දොඩමලු වෙන්න ඕනි නිසාමයි. ඒත් හදිස්සියේ කඩාවදින සිතුම්‍යා නිසා ඇයට සමුදෙන්නට ඔහුට සිදුවෙනවා.
"ඉන්නවකො ගෙදරට යනකන්. මල් කඩන්න යනව කියල ගිහින් පාරවල් ගානෙ මගුල් නටනවා."
"මොනාද නංගි මේ කියන්නෙ ඒ මනුස්සයා පාරක් ඇහුවෙ මගෙන්."
"අනේ ඔව්... මෙච්චර වෙලා ඒකද කලේ. ඉන්නවකො මං අම්මට කියන්නම්කො. "
ගෙදරට යනකන්ම ස්නේහාට බැනුම් අහන්න උනා. සිතුම්‍යා අම්මට මොනා කියයිද කියල දෙගිඩියාවෙන් ස්නේහා හිටියෙ.
" අම්මා .... අම්මා..... ඔයා මාව යැව්වා හොයන්න කියල. මෙයා මල් ගහ අස්සෙ කොල්ලෙක් එක්ක මුකුලු කරනවා. කවුරුහරි දැක්කනම්. මෙයා නිසා අපිටත් ලැජ්ජ වෙනව අම්මා."
සිතුම්‍යා කියවගෙන කියවගෙන ගියා. සුමේධාගෙ හිතේ පුංචි තිගැස්මක් ඇති උනත් ලොකුදූ ගැන තිබ්බ විස්වාසය නිසා ඒක සමතයක්ට පත් උනා. ඒත් ඒකටත් සිතුම්‍යගෙ හිතේ ඇති උනේ තරහක්.
දිනුලට එදා මුලු රෑම නින්ද ගියේම නැති තරම්. ඒ සුන්දර හිනාව මතක් වෙන්න ගත්තා. ඔහු පහුවදාත් ඒ වෙලාවටම ඇය දකින්න ගියා. දින කිහිපයක්ම ඇය බලන්නට ගියේ නොදැක ඉන්නට ඔහුට බැරි උනු නිසාමයි. ටික දිනකට පස්සේ ඇයත් එක්ක කතා කරන්න ඔහුට හිතුනා. ඉතින් මෙ විදිට හවසට මල් ගහ ගාවදී දෙන්නා හමු උනා. කතා කලා. දිනුලගෙ හිතේ ආදරේ උතුරද්දී ස්නේහාත් හිතෙන් උපදින අපූරු හැගීමක් රස විදිමින් උන්නා.
"ස්නෙහා. පුංචි දෙයක් කියන්න තියෙනවා ඔයාට. ඒත් මේදේ අහල මාත් එක්ක තරහ වෙන්න නම් බෑ. හරිද"
"හරි.. හරී... කියන්නකෝ මං තරහ වෙන්නැහැ."
"ඔයා දැක්ක දවසෙ ඉදල මගෙ හිත ඔයාවම ඉල්ලනව නංගි. මං ඔයාට ආදරෙයි. ඔයා මාව මැරි කරනවද ?"
දිනුල එහෙම අහද්දි අහිංසකී නිරුත්තර උනා. හිතේ ආදරෙ පිරිල තිබ්බත් ස්නේහට මුලින්ම මතක් උනේ අම්මව. පුංචි කාලේ ඉදන්ම අම්ම දුක් විදපු හැටි මතක් උනා.
"මගෙන් උත්තරේ ලබන්න නම් මගේ අම්මගෙන් උත්තරේ ලබන්නෝනි අයියේ. එයාගෙ වචනෙ තමා මගෙත් වචනේ."
"හරි ස්නේහා. යං මං දැන් අහන්නම් අම්මගෙන්. අම්මගෙ මේ සුරංගනාවි මට දෙනවද කියල."
"දැන් කරුවල වැටෙන්නත් ලගයි අයියේ. දැන් ඔයා යන්න හෙට ඇවිත් අහන්න. මේ වෙලාවට ගෑනු තුන්දෙනෙක් ඉන්න ගෙදරකට එන එක හරි මදි නේද."
"ඒත් හෙට මං කොලඹ යනවා නංගි. සතියකින් තමයි ආපහු එන්න වෙන්නේ."
"එතකන් ඉවසන්න අයියේ. ඔයා සතියක් පරක්කු උනා කියලා මං වෙන කාගෙවත් වෙන්නැහැ."
"ඒ කියන්නෙ ඔයා මගේද ස්නේහා."
කොල්ලා ඒ ටික ඇහුවෙ පුදුම තරම් ආදරේකින්.
"හ්ම්ම්ම්ම් ඒත් අයියේ අමතක කරන්නෙපා අම්මගෙ වචනෙ තමා මගේ වචනේ."
කෙල්ල ආපහු ඒක මතක් කරල දුන්නා.
"මං එහෙනම් ගිහින් එන්නම් නංගි. පරිස්සමින් ඉන්න."
ආදරෙන් ඔලුවත් අතගාල දිනුල යන්න ගියා. කුලුදුලේ පෙම්වතියක් වීමේ සතුර හිතේ තද කරන් ස්නේහා කොල්ල යන දිහා බලන් ඉදල ගෙදර යන්න හැරුනා.
මේ හැමදේම කන්දේ මුදුනේ ඉදන් කැලෑ පාරෙන් සුමේධාව එක්කන් ඇවිත් සිතුම්‍යා සුමේධාට පෙන්නුවා. කතා කරපු දේවල් ඇහුනෙ නැතත් ඔලුව අතගාලා ගියපු හැටි ආදරෙන් කතා කරපු හැටි දැකපු සුමේධාට හොදටම තරහ ගියා. ඒත් සිතුම්‍යා නම් එයින් කුරිරු සතුටක් වින්දා.
"දැක්කනෙ අම්මා. මං අම්මට කිව්වනෙ ඔය ටික"
ඇස් දෙකෙන් වැටුනු කදුලු බිංදු දෙක ගව්ම් කරින් පිහදල දාපු සුමේදා අඩියට දෙකට ගෙදරට ගියේ දිග කෝපි කෝට්ටකුත් කඩාගෙනමයි.
ගෙදරට ගියපු ගමන් ස්නේහාට ගුටි පාර දෙක තුනක්ම ලැබුනා. සිතුම්‍යට දැනුනෙ ජයග්‍රාහී හැගීමක්.
එදා රෑ සුමේධාලගේ ගෙදර බත් ඉදුනෙත් නෑ. තාත්තත් නැතිව ස්නේහාව ආම්බාන් කරන්න බැරිවෙයි කියල සුමේදා හිතුවා.
"කොල්ලෙක් එක්ක පැටලුනා නම් ඌත් එක්ක යන එක මහ ලොකු දෙයක් නෙවෙයි. තාම ඉගෙනගන්න වයස."
මුලු රෑම කල්පනා කරපු සුමේධා තීරනයක් ගත්තා. රෑම ස්නේහාගේ ඇදුම් ටික බෑග් එහෙකට දාලා ලෑස්ති කරපු සුමේදා උදේන්ම ස්නේහාව සුමේදාගේ නංගිගේ ගෙදර ගිහින් ඇරලුවා. ස්නේහා අම්මට කොච්චර කියන්න උත්සහ කලත් සුමේධා ස්නෙහාගෙ කතා විස්වාස කලේ නෑ.
" අවුරුදු 20ක් මං උබව හැදුවා. තාමත් මට අයිතිය තියෙනවා උබ ගැන තීරන ගන්න."
සුමේධාගේ තීරනය අන්තිම තීරනය උනා.ස්නේහා පොල්ගහවෙල ඇයගේ පුංචිගෙ ගෙදරට වෙලා කුලුදුලේම අහිමිව ගිය ආදරේ වෙනුවෙන් ඇඩුවා.
සතියකට පස්සෙ ආපු දිනුල දින කිහිපයක්ම කලුවර වැටෙනකන්ම මල් ගහ ලගට වෙලා බලන් හිටියත් ස්නේහා ආවේ නෑ.
"ශිට් ගේ තියෙන තැනක් අහගන්නත් බැරි උනානේ".
දිනුල ඒ ගැන පසුතැව්නා.
දවසක් කොල්ලා මල් ගහ ලගට එද්දී ඇයව දැක්ක මුල්ම දවසෙ ඇයට බැනපු ගෑනු ලමයා මල් කඩනවා. සිතුම්‍යාව දැකලා කොල්ලට හරි සතුටුයි. මොකද කෙල්ල ගැන විස්තරයක් දැනගන්න පුලුවන් වෙන නිසා.
" නංගි චුට්ටක් කතා කරන්නෝනි."
දිනුලව දැක්කම සිතුම්‍යාට අදසක් ආවා.
"ඇයි ?"
සිතුම්‍යා ඇහුවෙ දන්නෙ නෑ වගේ.
"අනේ නංගී මට සිතුම්‍යාව පොඩ්ඩක් හම්බවෙන්නෝනි."
"එයාව හම්බවෙන්න වෙන්නැහැ දැන් ඔයාට. එයා දැන් සතියකට විතර කලින් කොල්ලෙක් එක්ක පැනල ගියා. නුවර එලිය පැත්තෙ ඉන්නව කියල තමා ආරංචිය.".
සිතුම්‍යා ලොකු බොරුවක් කිව්වා.
"ඔයා ඔය ඇත්තමද නංගි කියන්නෙ."
දිනුල ඇහුවෙ විස්වාස කරගන්න බැරුව"
"නැතුව් මගේ අක්ක ගැන ඒ වගේ බොරු කියන්නෙ නැහැනෙ මං."
'ඔව් ඒකත් ඇත්ත දිනුල එහෙමත් හිතුවා.'
ඒත් මේ සහෝදරීට එහෙම බොරු කියන්න පුලුවන්. ඒත් ඒ බවක් කොල්ල දැනන් හිටියෙ නෑ. ස්නේහා තමාව රැවටීමෙන් පස්සෙ කොල්ලට නුවර ඉදිල්ලත් එපා උනා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර උනු ගමන්ම කොල්ලා කොලඹ ඇවිත් පව්ලේ ව්‍යාපාර කටයුතු බාර ගත්තා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. ස්නේහා පුංචිගෙ ගෙදරට වෙලා අගිමි ආදරය වෙනුවෙන් හැමදාම ඇඩුවා.
"අනේ අයියා අම්මගෙන් අහන්න යන්න හිතන් දවස් කීයක් මල් ගහ ලග ඉන්න ඇතිද".
කෙල්ල අනුමාන කලා. අවුරුදු 3ක්ම ගෙවිලා ගියා ඒත් දෙන්නගෙම හිත්වල කුලුදුල් ආදරේ මතකයන් නැති උනේ නෑ.
නිතරම ඇඩීම නිසාත් හරියට කෑම ගන්නේ නැති නිසාත් ස්නේහා බොහෝ දුර්වල උනා. දින ගනන් ඉස්පිරිතාලේ ගත කරන්න උනා. රෝහල් ඇද උඩට වෙලාත් අහිමි ප්‍රේමය ගැන සිත සිතා උන්නු හින්දා ඇය සනීපයක් නොලැබූ තරම්.
"මචං තාරුකී ඇක්සිඩන්ට් වෙලා ටික්ක් අමාරුයිලු බලන්න යමන් නේද"?
ඒ කොල්ලට හදිස්සියෙ ආපු කෝල් එකක්. තාරුකී කැම්පස් එකේ මිතුරියක්. කැම්පස් එකේ යාලුවොත් එක්ක දිනුල පොල්ගහවෙල ඉස්පිරිතාලෙට එන්නෙ තාරුකීව බලන්න. ඇයව බලන්න ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි කොල්ලා දකින්නෙ සිතුම්‍යාව.
ඇයව දැක්ක ගමන් දිනුලට එක එක සිතුවිලි එනවා.
'මෙයත් එක්ක ස්නේහත් ඉන්නවද දන්නැහැ.'
කෙල්ලව දකින්න දිනුලට ආස හිතෙනවා. ඒ නිසයි සිතුම්‍යාගෙ පස්සෙන් ඇය යන වාට්ටුවටම යන්නේ.
එවෙලෙ සිතුම්‍යාත් සුමේධාත් ස්නේහාව බලන්න ඉස්පිරිතාලේට ඇවිත් හිටියේ. තමන් කරපු වැරැද්ද නිසා ස්නේහා දුක් විදින හැටි අවුරුදු ගනනක්ම දැකපු සිතුම්‍යා ඒ ගැන අද පසුතැවෙනවා. ඒ වගේම ඉක්මන් තීරන ගත්තු එකට සුමේධාත් පසුතැවෙනවා.
කොල්ලා සිතුම්‍යාගේ පස්සේන්ම යන්නේ ස්නේහගේ මූන දැක ගන්න ආසාවෙන්. එත් සිතුම්‍යා ගිහින් නතර උනු ඇදේ හිටිය ස්නේහාව දැක්කාම දිනුලට ඉහිලුම් නැති උනා.
"ස්නේහා නංගී."
ඇයට කතා කරගෙනම ඔහු ඇය ලගට ගියා. ඇයත් ඔහුව දැක්කා. අවුරුදු ගනනක් සිරකරගෙන සිටි ආදරේ දෙන්නටම දැනුනා.
"ඇයි නංගි මේ. ඔයා වැහැරිලා."
කෙල්ල හිනා උනා.
' ස්නේහා වෙන කෙනෙක්ගේ.'
ඒ හැගීම දිනුලට දැනෙද්දි ඔහු ඇයගෙන් ඈත් උනේ ඇගේ ජීවිතයට ඔහු නිසා නරකක් වෙයි කියල හිතලයි.
ස්නේහා හිතින් කලබල උනා.
'එයාට ඉස්සර වගේ මාව ඕනි නැතුව ඇති. මමනෙ එයාව දාලා ගියේ.'
ස්නේහට එහෙමයි හිතුනෙ.
ඒත් ඇත්තමදේ තේරුනේ මෙතන හිටිය එක්කෙනෙක්ට විතරයි. ඒ සිතුම්‍යා ඇයටත් ආදරේ වටිනාකම සහෝදරයෙකුගේ වටිනාකම තේරුම්ගන්න පුලුවන් උනු නිසාම ඇය කියපු බොරුව පිලින්න පුලුවන් උනා. ඒ වගේම සමාවත් ගත්තා.
ගෙවිල ගියේ ටික දවසයි. ස්නේහා හොදටම සනීප උනා. අවුරුදු ගනනාවක්ම ආදරේ අහිමිව ඉන්න සිද්ද උනු නිසාම ඉක්මන්ටම විවහ වෙන්න ස්නේහාටත් දිනුලටත් ඕනි උනා. විවහ උත්සවය දවසෙ සිතුම්‍යාව හුගක් කැපිල පෙනුනා. මනාලියගේ යෙහෙලිය උනේ ඇය. නරක සිතුවිලි ඉරිසියාව තරහව හිතේ නැති උනාම ඕනෑම මුනක් එලිය වැටෙනවා.සිතුම්‍යාගෙ සුන්දරත්වයට හේතුවත් ඒකයි.
මංගල උත්සවය දවසේ ස්නේහාව පෙනුනේ රාජ කුමාරිකාවක් වගේ. උත්සව ශාලාව ඇතුලෙදි කෙල්ලව මනාලියක් වගේ මුලින්ම දකිද්දී කොල්ලගෙ ඇස් වලට ක්දුලු පිරුනා. කොල්ල හිමින් සැරේ කෙල්ලට ලං උනා.
"ඔයා අද මගේ මනමාලි"
කොල්ල කෙල්ලට රහසින් වගේ කිව්වෙ.
"මං මේ අවුරුදු ගානටම ඔයා ගැන හිතුවා අයියේ. ඒත් ඔයාගෙ මනමාලි වෙන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ."
" ඒත් ඔයා අද මගේ මනමාලි"
කොල්ලාගෙ මූන සතුටින් පිරිලා. තප්පරයක් ඒ කඩවසම් මූන දිහ බලන් ඉදපු ස්නේහා හිනා උනා.
"ඔව් අයියේ. මමයි මනාලී."
කෙල්ල එහෙම කියද්දි ඒ දෑසට පුංචි කදුලු බිංදුවක් නැගුනා.
නිමි

gan dale dal palam thotin eha sangeeth wickramasingha

Thursday, August 27, 2020

Etsy කියන්නේ මොකද්ද? What si Etsy - Sinhala



එහෙන් මෙහෙන් කතාවෙන නිසා Etsy කියන්නේ මොකද්ද කියල කට්ටිය හොයන්න අරගෙන තියනවනේ. එට්සි කියන්නේ මචන් මාකට් ප්ලේස් එකක්. තම තමන්ගේ හැකියා අනුව අපිටම අපේ නිර්මාණ හා සේවා විකුණන්න පුළුවන් තැනක්. Etsy එකෙන් ඒකට කියන්නේ මෙහෙම. Etsy is a global online marketplace, where people come together to make, sell, buy and collect unique items. Support independent creators. Etsy කරන්නේ කොහොමද? මොනාද විකුණන්න පුළුවන් වගේ දේවල්නේ උඹලා හිතන්නේ

මචං. මෙහෙමයි.... එට්සි එක ඇතුලේ භාණ්ඩ හා සේවා දෙකෙන්ම විකිණීම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල තියන හැමදේම විකුනන්නත් බෑ. එට්සි එකේ විකුණන එකත් එක්තරා ආට් එකක්. මුලින්ම එට්සියේ රවුමක් ගහල බලන්න මොන වගේ දේවල්ද විකිණෙන්නේ කියල.


වැඩේ පටන්ගන්න වගේ ආස හිතෙනවා නම්......

1. මුලින්ම පේපෑල් එකක් හදාගනින් මචං. අන්න ඒක බිස්නස් ටයිප් පේපැල් එකක් උනොත් ටිකක් හොඳයි. පේපෑල් ගැන ලොකු විස්තරයක් කියන්න අවශ්‍ය නෑ මොකද ඕනේ තරම් ගයිඩ්ස් විස්තර තියනවා මේක ගැන. පොඩ්ඩක් හොයල බලහන්.

2. පේපැල් එක තියනවා නං මචන් ඊළඟට කරන්න ඕනේ එට්සියේ ගිහින් එකවුන්ට් එකක් හදාගන්න එක.

3. ඕක මුලින්ම හැදෙන්නේ සාමාන්‍ය බයින් කරන එකවුන්ට් එකක්. ඒක අපි සෙලින් වලට හරෝගන්න ඕනේ. ලොකු දෙයක් නෑ එතනත්. සෙලින් ටැබ් එකෙන් ගිහින් විස්තර ටික පිරෙව්වම සෙලින් එකවුන්ට් එකත් හරි. 

4. එතනින් එහාට මචන් ගේම තියෙන්නේ තනිකර උඹේ අතේ. මේකේ ඩ්‍රොප්ෂිපින් කරන්න යන්න එපා... කරන්න බෑ... කරන්න දෙන එහෙකුත් නෑ. අනික අතේ ලොකු සල්ලියකුත් නැත්නං වැඩේ කොහොමත් අමාරුයි නේ. 

5. මුලින් එට්සිය වටේ රවුම් ගහපන්. කට්ටිය විකුනන්න මොනාද කියල දල අදහසක් ගනින්. උඹට පෙන්නන ගනී උඹ හිතන්නෙවත් නැති දේවල් මිනිස්සු විකුණනවා සහ හිතන්නෙවත් නැති විදියට ඒවාට සෙලින් වෙනවා කියල. 

6. උදාහරණයක් විදියට මචන් පොල්කටු, වේලපු මල්, පොල් ලෙලි, කොහු බත් වගේ උඹලා තඹ සතේකට මායිම් නොකර විසික් කරන දේවල් මිනිස්සු මාර විදියට බයින් කරනවා කියල උඹට පේන්න ගනී. 

7. (ප.ලි. මේ උදා හරණයක් විතරයි. - හැමෝම චිත්‍ර අඳින්න යන්න එපා) එට්සියේ සර්ච් කරොත් උඹට පෙනෙයි බලිකුරුටු වගේ ඇඳපු චිත්‍ර (ඒවාට කියන්නේ Abstract Art කියල - පොඩ්ඩක් ගූගල් කරලා බලහන්.) පට්ට ගණන් වලට විකිණෙනවා. ඒ මේ ලොකු ලොකු ආටිස්ලා නෙමේ... නිකන්ම නිකන් සාමාන්‍ය මිනිස්සු ඇඳපුවා. සාමානයෙන් $10 - $1000ටත් එහා ගණන් වලට යන ඒවා පේන්න ගනී. ඒවා මචන් උඹෙන් ඕඩර් වැඩිවෙන්න වැඩි වෙන්න උඹට ඒවාට ගණන් උස්සන්න පුළුවන්. (ප.ලි. මේ එක්තරා ආට් එකක්. ඒක කරන්න ක්‍රියේටිව් අයිඩියාස් තිබ්බා නම් ඇති. පොඩ්ඩක් ගූගල් කරන්න වීඩියෝස් බලන්න. මේවා අඳින එක එක ක්‍රම තියනවා. හොයාගන්න පුළුවන් වෙයි) 

8. හොයා ගනින් කැන්වස් එකක්... එක්කෝ මේ වගේ පේන්ට් කරන්න පුළුවන් කල්පවතින ටිකක් ගනකම රෙදි.. අරගෙන පේන්ට් බකට් දෙක තුනකුත් අරන් අමුතු චිත්‍ර ඇඳපන්.... චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනේ නෑ. උඹට අයිඩියා ටිකක් තිබ්බා නං එච්චරයි. 

9. ඔහොම චිත්‍ර දෙක තුනක් ඇඳලා හොඳට පැහැදිලිව පේන්න තියල එක්කෝ ෆ්‍රේම් එහෙකට ගන්න පුළුවන් නම් අරගෙන ලස්සන ෆොටෝ ටිකක් ගනින්. 

10. දාපන් මචං ටිකක් අඩුවට Etsy එකේ.... මුලින් $10 - $15 දැම්මත් කමක් නෑ... 

11. ඩිස්කවුන්ට් සෙට් කරපන්. ඔඵර්ස් සෙට් කරපන්. ඒවා සෙට් කරාම උඹේ ලිස්ටින් එක උන්ගේ සේල්ස් පේජ් එකේ උඩට එන්න ගන්නවා. වීව්ස් වැඩි වෙනවා. ඩිස්කවුන්ට් සෙට් කරාම එට්සි එකෙන් ප්‍රමෝෂන් පේජ් එකට ඔටෝ ඇඩ් කරනවා. ඒ වාසිය නියමයි. 

12. අනිවා මචන් ඕවා යනවා. හොඳට පැක් කරලා වෙලාවට පොස්ට් කරපන්. පොස්ට් කරන්නත් බැරි නෑනේ. මොකෝ අයිටම් එක උඹ ගාව තියෙන්නේ පොස්ට් ඔෆිස් එකට ගියා පොස්ට් කරා.... ඔය ආට් වගේ දේවල් යවන අර බට වගේ දේවල් තියෙන්නේ. එහෙම එහෙක දාල යවන්න පුළුවන් නං එහෙම කරහන්. 

13. fedex / dhl වගේ දෙකකින් ගණන් බලාගෙන ඒ ගණන් අල්ලලා එට්සියේම දාපන් ෆාස්ට් ෂිපින් ඔප්ෂන් එක... එතකොට ඉක්මනට ඕනේ එකා ඒ ගැන දීලා හරි උඹේ ගන්නවා. 

14. ඔහොම කරපන් කාලයක්. සෙලින් වෙන අයිටම් වලට බයර්ලාගෙන් රිවීව් ගනින්. උන්ට හම්බවෙච්ච අයිටම් එක උන්ට බිත්තියේ එල්ලලා ෆොටෝ එකක් අර රිවීව් එකට දාන්න කියහන්. එහෙම කරන උන්ට උඹට පර්සනල් ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. එහෙම කරලා ඒකට උනන්දු කරහන්. 

15. මොකද එට්සිය කියන්නේ අමුතුම මිනිස්සු ඉන්න තැනක්. හරිම හොඳ මිනිස්සු ඉන්න තැනක්. ඒ මිනිස්සුන්ගේ රිවීව් එකක් අර විදියට ෆොටෝ එකක් එක්ක එනවා කියන්නේ ඕක දකින තව කෙනෙක්ට ආස හිතෙනවා ඒ වගේ ආට් එකක් අරන් මගේ ගෙදරත් තියාගන්න ඕනේ කියල.... 

16. ඔහොම උඹට සෙලින් එක දෙක එන්න ගනිද්දී කස්ටම් ඕඩර් ඕන් කරපන්. ඒ කියන්නේ මචන් මේඩ් ටු ඕඩර් ඔප්ෂන් එක... ඕක ඕන කරනවා කියන්නේ හිටපු ගමන් කොමෂල් ටයිප් ඕඩර් වදිනවා බර ගණන් වලින්. 

17. සාමාන්‍යයෙන් එක ආට් එකක් $20 / $25 ට ගියා කියමු එකක්... අනිවා මේ ටයිප් ඒවා ඊට වැඩ වැඩි ගානට යනවා. උඹ හිතපන් උඹට අර කැන්වස් එකට එක්කෝ රෙදි වලට පේන්ට් වලට එක චිත්‍රයක් කරන්න රුපියල් 500 / 1000 ක් යයි කියල.... (එච්චර යන්නේ නෑසුවර්...) ඕකට පොස්ටේජ් ඔක්කොම එකතු උනාම ටෝටල් 2000 කියමු.... $20 / $25 ගියා නං අඩුම රුපියල් 1000 වත් ප්රෝෆිට්. 

18. එට්සියේ උඹට දාන්න පුළුවන් අයිටම් ලිමිට් එකක් නෑ.... ඉතින් බන් රෙදි මීටර් කීපයක් අරන් ඕවා ස්ටෑන්ඩ්ඩඩ් ගානකට කපලා ආට් කීපයක් කරන්න පුළුවන්. කරලා එට්සියේ දාපන්. 

19. ඔහොම සෙලින් වෙන්න ගත්තම රිවීව් එන්න ගත්තම උඹට අර $20 / 25 දීපු එක නිකන්ම $40 / 50 දෙන්න පුළුවන් වෙනවා. ඕක තව දුවද්දී ඒකම ඊටත් වැඩිය වැඩි ගණන් වලට ඩිමාන්ඩ් කරන්න උඹට පුළුවන් වෙනවා. 

20. ඔහොම කරද්දී බන් දවසකට ඕඩර් 5ක් 10ක් එන්න ගනිද්දී තව දෙයක් කරපන්. මෙච්චර කල් ෆ්‍රේම් නැතුව යැව්වා නං... වඩුවැඩ කරන එකෙක් අල්ලන් උඹේ ආට් වලට ගැලපෙන ෆ්‍රේම් එකක් හදා ගනින්. නෑ ආට් එක ෆ්‍රේම් එකට ගහන්න ඕනේ නෑ. ඒ ෆ්‍රේම් එකට හරියන ලී ටික කපලා... ඒ ෆ්‍රේම් ඒක හදාගන්න ඕනේ ඇණටිකත් එකතු කරලා උඹේ අයිටම් එකට අලුත් ඔප්ෂන් එහෙකුත් දාපන් විත් ෆ්‍රේම් මැටීරියල්ස් කියල... (බයවෙන්න එපා ගන්න එකක් නෑ කියල... මේ රටවල් වල කබඩ් පවා එන්නේ ලී ටිකයි ඇණ ටිකයි වෙනම... අපි තමයි හදාගන්න ඕනේ... ඉතින් උන් අර ලී ටික තියල ෆ්‍රේම් එක ගහන එක ගේමක් නැතුව කරයි. පුළුවන් නම් ඒකෙ ස්ටෙප් බයි ස්ටෙප් පොඩි ගයිඩ් එකක් ඊමේල් කරපන් කස්ටමර් ට වැඩේ ඉවරයි) - මේ ෆ්‍රේම් සාම්පල් එකක් ඉමේජ් සෙට් එකේ අන්තිමට එල්ලලා ඇති බලන්න. 22. ඔච්චර කරනවා කියන්නේ ඔප්ෂන් ටිකක් / වෙරියේෂන් දෙනවා කියන්නේ බන් අනිවා උඹට ඕඩර් එන්න ගන්නවා. අනික රිටන් රිඵන්ඩ් කේස් අඩු නිසා පේපැල් අවුලක් වෙන්නෙත් නෑ... 


21. ඔහොම තියෙද්දී එට්සියේ පුළුවන් තමන්ගේ ස්ටෝර් එක පර්සනලයිස් කරන්න. තමන්ගේ ඩොමේන් එකක් ඩිරෙක්ට් අරන් ගහන්න පුළුවන් විදියක්. ඒක කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් කරා කියන්නේ අර උඹට හැදිච්ච කස්ටමර් බේස් එක උඹට හොඳටම ඇති. මොකද උන් උඹට තව මිනිස්සු හොයල දෙනවා අනිවා... 


22. මේ ටික කරා කියන්නේ බන් එතනින් එහාට ගේමක් නෑ... මම මේ කිව්වේ එකෙක් කරපු දෙයක්.... ඌ මේ වෙද්දී $$$ ඉලක්කම් 4 විතර ගාණන් මාසෙකට ප්රෝෆිට් කරනවා.... මේ මූ ඒක පටන් අරන් මාස 5/6ක් වගේ කාලෙකින්... ඌ ඒ කතාව වෙන පොස්ට් එහෙක ලියන්නන්. ඌ එහෙම කරා නං අනිවා උඹලත් පුළුවන් වෙන්නෝන... මොකද ඌත් උඹලා වගේම එකෙක්. කෝකටත් කියල මේ පල්ලෙහා තියන ආට් ටික බලහන්කො... ඊළඟට ඒවගේ සෙලින් කවුන්ට් එකයි.... විකිනෙනන ගානයි බලහන්කො මචං..... මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ට් එකක්ම දාන්න මචන්... මමත් දන්න දෙයක් නං කියල දෙන්නන්.

(ප.ලි. ආටිස්ට්ලා (ඒ කිව්වේ චිත්‍ර අඳින අය) හිත් නරක් කරගැනීමෙන් වලකින්න. මේ චිත්‍ර වලට අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. චිත්‍ර ගැන ලොකු දෙයක් නොදැන වැඩක් පටන්ගත්ත මල්ලි කෙනෙක් සාර්ථක වෙච්ච විදිය දැකලා ඒ ආශ්‍රයෙන් උදාහරණයක් අරන් ලිව්වා විතරයි)

Wednesday, August 26, 2020

අපේ සිංහල ජන කවිය 1කොටස


අතීත ජනයා තමන්ගේ කාන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සාහිත්‍යක ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නා ලැබේ. සිංහල සාහිත්‍යයයේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන්ට අනුගත වෙමින් නිර්මාණකරනයේ යෙදෙති. සම්භාවය කාව්‍ය ගණයේ ලා සැලකෙන කවි සිළුමිණ, සසදාවත, මුවදේවුදාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍ය , බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මෙම විදග්ධ කාව්‍ය රීතියයි. ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන්ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි වෙන බවයි. ජන කවි ජන ශ්‍රැති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව කාලාන්තරයක් මුළුල්ලේම මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට අලිඛිත ව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ප්‍රබේධ අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්තේ කටින් කට පැවතෙමින් පරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය. සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙසස්න්තර ජාතක කාව්‍ය, තුන්සරණය යනු ඒවා ය. එමෙන්ම ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි ප්‍රකට ජන කවීන් ගැනද අසන්ට ලැබේ. උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විදග්ධ කවියෙන් ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට ලැබෙන අව්‍යාජත්වය, පුනරුක්තිය, අනුවේදනීයත්වය, සංයමය ආදී ලක්‍ෂණ නිසා ය. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක. මේවා බිහි වූයේ කෙත, හේන හා පැල ඇසුරු කොට ගෙනය. ගැමි කතුන් එක් ව ගොයම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම හෝ ගොයම් නෙළීමේ දර්ශනයක් ගැමි කවියාගේ සිත පිබිදවීමට තුඩු දෙන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාවයෙන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි මේ.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගගේ දිය ඇදලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්

කෙත හෙවත් කුඹුර ගැමියාගේ ස්වයංපෝෂිත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයයි. කෙත ආශ්‍රිත වැඩ කටයුතුවල දී ගන්නේ උත්සවශ්‍රීයකි. කෙත මඟින් බත සපයා ගැමියන්ගේ කුසගිනි දුරු කරනවා පමණක් නොව ඔවුන්ගේ අනේකවිද දුක් දොම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා කෙරේ. කෙතෙහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය මේ කවියෙන් කියැවෙයි.

කෙතක ගොයම් පැළ නිල දිලිසෙන වා
විටෙක ඉඳන් මල් උයන් තනන වා
කෙතක ඉඳන් මල් මාල ගොතන වා
මලක බඹරු බස් වට නද දෙන වා

Tuesday, August 25, 2020

ජීවිතය ජයගන්න කොතරම් උත්සාහවන්ත වෙන්න ඕනෙද?




ඕනෑම දෙයක් ජය ගන්න සිතුවිලි කියන කාරනය ඉතාමත් වැදගත් වෙන එයක්. ලෝකයේ එක් මිනිසෙක් සාර්ථක වෙන්නත්තවත් අයෙක් අසාර්ථක වෙන්නත් බහුලව බලපාන ප්‍රධානම සාදකය වෙන්නෙ සිතුවිලි වල වෙනස කීවොත් එහි කිසිම වරදක් නෑ. 
සාමාන්‍යයෙන් සාර්ථක මිනිසෙක් හා අසාර්ථක මිනිසෙක් සිතන විදිහ හත් පසින්ම එකිනෙකට වෙනස්බව ඔබ කලින් අසා ඇති.  නමුත් ඇත්තටම ඒ වෙනස කුමක්ද? අපි ප්‍රායෝගිකව සාර්ථක වෙන්නනම් අපි සිතුවිලි වෙනස් කරගත යුත්තේ මොන ආකාරයෙන්ද?
සිතුවිලි වල වෙනස ගැන කතා කරද්දී ඒ සදහා දිය හැකි හොදම උදාහරණයක් වන්නේ තෝමස් අල්වා එඩිසන්. ඔහු විදුලි බුබුල නිපදවීමේදී 1014 වතාවක් අසාර්ථක වුනා නමුත් ඔහු මේ සෑම වතාවකම ඉදිරියට යන්න තීරණය කලා මිසක් එය අත්හරින්නට තීරනය කලේ නෑ.
ඔහු කොහොමද ඒ දේ කලේ ඔහුට එක දිගට පරාජය වෙන්න වෙන්න මේ වැඩේ එපා වුනේ නැද්ද? ඔහුට එපා නොවෙන්නත් අපිට එක පාරක් දෙපාරක් අසාර්ථක වෙනකොට දෙයක් එපා වෙන්නත් හේතුව මොකක්ද?
ඔහු මෙයට පිලිතුර ඔහු විදුලි බුබුල සොයා ගත් වෙලාවේදී ඔහුගේ මුවින්ම දී තිබුනා. ඔහු මෙහෙම සදහන් කලා " මම 1014 වතාවක් අසාර්ථක වුනේ නෑ. මම පරාජය විය හැකි ක්‍රම 1014ක් සොයා ගත්තා"
නිකමට වගේ හිතලා බලන්න අපි මොකක් හරි කරන්න ගිහින් අසාර්ථක වුනාම "මේ දේනම් හරියන වැඩක් නෙමේ" කියලා සිතනවා විනා කවදාවත් හිතලා තියෙනවාද "මම මේ දේ හරියන්නේ නැති එක ක්‍රමයක් ඉගෙන ගත්තා" කියලා?

සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා චරිත සෑම මොහොතකම ඕනෑම පරාජයක, අසාර්ථකත්වයක් තුලම තමන්ට ඉදිරියට යාමට අවශ්‍ය ධනාත්මක දෙයක් සොයා ගන්නවා. එයට පුරුදු වුන මනසක් කිසිම විටෙක ජීවිතේ පරාජයක් බාර ගන්නේ නෑ. ඔවුන් සෑම වෙලාවකම තම ගමන නිමා කරන්නේ ජයග්‍රහනයකින් විතරයි!

Sunday, August 23, 2020

කවිකාර හැන්දෑව


ඔබ කොහේදැයි නොදැන 
හිත ලතැවුලක රිදුන
මේ ප්‍රේමයේ සුසුම
ඔබ නමින් පිපි පියුම

මල් වියන් දැක දැක දුරින් 
නිල් උයන් පසු කර ගිහින්
විල් දියත සුපිපුණු පියුම් 
සෙව්ව ද විල සිදී
ගිම්හනයේ දුක විදී

නෙතු පියන් ඇර ඇර බලා
ඔබ සොයා වෙහෙසිලා
රෑ පුරා ලියවුණු ලියුම් 
ආදරේ කවි වැකි 
අකුරු බොද වී මැකී

Sunday, August 16, 2020

Online Typing Jobs සිදුකර මුදල් උපයන්න කැමති අයට හොදම Sites 5ක් මෙන්න



ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොටත් මුලු ලෝකයම දරුණු කොරෝනා වසංගතය නිසා පීඩා විදිනවා. ලාංකික අපිත් ඇදිරි නිසා ගෙවල් වල. මේ දවස්වල තියෙන තත්වයේ භයානක කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. හැමෝම රටේ නීතියට ගරු කරලා හමුවීම් වලින් ඈත් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කියලා ආදරයෙන් මේ ලිපිය කියවන ඔයාගෙන ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මේ දවස්වල ගොඩක් අය ගෙදර ඉන්න නිසා Online Part time jobs වලට පොඩි වැඩි අවධානයක් ඇති වෙලා තියෙනවා කීවොත් නිවැරදියි. ගොඩක් අය හොයන්නේ ඉතා ඉක්මනින් ලොකු ගානක් හොයන්න පුලුවන් Online jobs. නමුත් ඇත්තම කතාව නම් එහෙම එක පාරම කෙටි කාලයකින් ලොකු ගානක් හොයන්න ඇත්තටම අමාරුයි. නමුත් ඔයා Fiverr වගේ Freelancing Site එකක පලවෙනි දවසේ ඉදලම ඕඩ්ර් එන්න තරම් වාසනාවන්ත වුනොත් නම් ටික කාලෙකින් ලොකු ගානක් හොයාගන්න පුලුවන් හැබැයි. නමුත් දැන් එහෙම වාසනාවන්තයෝ නැති තරම්.

මීට කලින් ලිපියේ අපි ගෙනාපු Picoworkers Micro Job Site එකෙ නම් පොඩ්ඩක් මහන්සි වෙලා පොඩි පොඩි Task Complete කලොත් නම් දවසකට ඩොලර් ගානක් හොයාගන්න ඔයාලට පුලුවන් වෙයි. නමුත් ඒ ලිපිය කියවපු ගොඩක් අය ඒක කරන්න කම්මැලි ගතියක් පෙන්නුම් කරා. ඒ වගේම තවත් අය වෙනත්  ගෙදර ඉදන් කරන්න පුලුවන් Data Entry Jobs ගැන මගෙන් වෙනමම අහලා තිබුනා. ඒ නිසාම මේ ලිපිය ලියන්න ඕනෑ කියලා මම තීරණය කලා.

හැමෝම අතේ smartphone තියෙන නිසා ඕනෑම කෙනෙක්ට අද මම කතා කරන Online Captcha Solving Sites වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුලුවන්. ඒ වගේම මේවගේ කරන්න තියෙන්නෙ එයාලා ඔයාලට දෙන Captcha වල අකුරු හෝ වචන ටික Type කරලා ඒ Captcha එක Solve කරන්න. මේක මට කම්මැලි වැඩක් නිසා මම මේ සයිට් වල වැඩිය වැඩ කරලා නෑ. නමුත් මම මේ සම්බන්ධව තිබුණු විදේශීය බ්ලොග් අඩවි රාශියක් අධ්‍යනය කරලා තමා මේ ලෝකේ හොදම Online Typing Jobs Sites/ Online Captch Solving Sites 5 ඔයාලට ගෙනාවෙ.

මේ සයිට් වලට register වෙන විදිය ගැන වගේම sign in වෙන විදිය ගැන නම් මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. කාටහරි එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ සයිට් වල ඔයාල Type කරන වචන 1000 කට ගෙවන්නේ 0.4$ – 2$ වගේ මුදල් ප්‍රමාණයක්. ඔයාලට දවසකට උපයන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ ඔයාගේ captcha solving speed එක හා ඔයාගේ website experience එක අනුව. සමහර සයිටි ඔයාලට මුලදි පොඩි training එකක් දෙනවා. නමුත් සමහර ඒවානම් පටන් ගත්ත වෙලේ ඉදලම මුදල් උපයන්න පුලුවන්. ඒ නිසා කැමති අය මේවාගෙන් කැමති එකක හෝ ඔක්කෝගේම Join වෙලා වැඩේ කරගෙන යන්න. හැබැයි මේවගෙ ගොඩක් ඒවගෙනම් සල්ලි ගෙවන්නෙ Paypal වලට. ඒ නිසා ඔයාලට ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal එකක් මුලින් හදා ගන්නත් පුලුවන් වෙයි. මේ ගැන Google, Youtube search කරලා බලන්න. ඕනෑ තරම් විඩියෝ හා ලිපි තියෙනවා.

එහෙනම් අපි සයිට් ටික ගැන කතා කරමු,

 

1) Megatypers

මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්‍රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්‍රම වලින් ගෙන්වා ගන්න පුලුවන්. Minimum Payout එක 5$.



 

2) Protypers

මේ සයිට් එකත් Megatypers වගේම සයිට් එකක් තමා. මේකෙදි ඔයාලට ඔයාලගෙ යාලුවෝ සම්බන්ධ කරලා එයාලා උපයන මුදලින් 10% referral income එකක් ගන්න පුලුවන්. ඒ නිසා මේකේ වැඩ කරන ඔයාලා පුලුවන් තරම් යාලුවෝ මේකට සම්බන්ධ කරගන්න. Paypal, Webmoney වගේ ක්‍රම වලට තමා සල්ලි ගන්න පුලුවන්නෙ. 1000 captcha solving වලදී ඔයාලට ගෙවන්නේ 0.45$ වගේ ගානක්. Paypal වලට සල්ලි ගන්නවන්ම් 3$ තියෙන්න ඕනෙ Minimum Payout එක.

Sign Up Protypers here>>>

 

3) Kolotibablo

මේකත් ලගදී ජනප්‍රිය වුනු Typing Site එකක්. මේකෙදි ඔයාලට 1000 captcha solving වලදී ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. Paypal, Okpay, Bitcoin, Webmoney වගේ ක්‍රම වලට ඉපයීම් ලබාගන්න පුලුවන්. Paypal මුදල් ගන්නවානම් අවම ඩොලර්3ක් වත් තියෙන්න ඕනෙ.

Sign Up Kolotibablo here>>>

 

4) Fasttypers

1000 captcha solving වලදී ඩොලර් 1.5 වගේ මුදලක් ඔබට හිමිවෙනවා. මුදල් ලබා ගැනීමේ අවම සීමාව ඩොලර් 5යි. රාත්‍රී 12 සිට පාන්දර 5 අතර කාලයේ ඔබට වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්ථාව හිමිවෙනවා. Paypal, Perfect Money, Webmoney වගේ ක්‍රම වලින් ඔබට උපයන මුදල් ලබා ගන්න පුලුවන්.

Sign Up Fasttypers here>>>

 

5) 2Captcha

මේකත් ලගදී ජනප්‍රිය වුනු හොද වෙබ් අඩවියක්. 1000 captcha solving වලදී ඩොලර් 1 ක්වගේ මුදලක් ඔබට හිමි වෙනවා. Referral මගින් මුදල් ඉපයීමේ අවස්ථාව මෙහිදීත් ඔයාලට හිමිවෙනවා වගේම මුදල් ලබාගන්න පුලුවන්නෙ Bitcoin, webmoney වගේ ක්‍රම වලින් පමණයි. නමුත් මෙහිදී ඔයාලට Paypal වලින් සල්ලි ගන්න බැහැ.

Sign Up 2captcha here>>>

 

ඉතින් මේ වෙබ් අඩවි 5ට අමතරව තවත් Online Data Entry වෙබ් අඩවි ඕනෙ තරම් තියෙනවා. ඒවා ඔයාලට අන්තරජාලය හරහාම සොයා බලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඉතින් මේ සයිට් වලදී මුදල් උපයන්න නම් ඔයාලගේ Typing Speed එක ගොඩක් වැදගත් වෙනවා. මුල් කාලෙදි නම් ගොඩක් වැරදි වෙයි. හැබැයි කාලය අරන් නිවැරදිව මුලින් Type කරන්න. ඔයා ගොඩක් වරද්දලා කරොත් සමහර විට Ban වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිස්සමින් කරගෙන යන්න. ලංකාවට ඔයාලට ඩොලර් ගෙන්නන්න හැකි වෙනවානම් ඒක තරම් සතුටක් මට නෑ. ඒ නිසා මේ සයිට් ගැන තවත් විස්තර අන්තර්ජාලයෙන්ම හොයලා බලලා වැඩේ කරන් යන්න. ජය වේවා.