ලංකාවේ විතරක් ගත්තත් කෙල්ලෝ සහ කොල්ලෝ ප්රතිශතයන්ගේ අති දැවැන්ත වෙනසක් නැහැනේ. ඒ කියන්නේ අඩු තරමින් එක කොල්ලෙක්ට මේ රටේ කොහේ හරි එක කෙල්ලෙක්වත් ඉන්න ඕන. හැබැයි ඉතින් සරල ගණීතයට අනුව එහෙම වුනාට, යතාර්ථය බැලුවහම සෑහෙන්න කොල්ලෝ සදා තනිකඩයිනේ. සමහර වෙලාවට කෙල්ලොත් එහෙමයි. ආන්න ඒ නිසා අපි හිතුවා කොල්ලන්ට කෙල්ලන්ට මුණගැහෙන්න තියෙන අවස්ථා ගැන එහෙම ආයෙමත් මතක් කරලා පොඩි සමාජ සේවයක් කරන්ඩ.
1. ෆේස්බුක්!
මේක ඉතින් ආයෙ කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. මේ වෙනකොට ෆේස්බුක් එකේ නැති කොල්ලෙක් කෙල්ලෙක් නැහැනේ. ඒ වගේම තමයි මේ වෙනකොට ෆේස්බුක් එකෙන් සෙට් වෙලා ජය සිරි මංගලම් වෙච්ච ලව් ප්රමාණයත් සෑහෙන්න වැඩියි. ආන්න ඒ නිසා ෆේස්බුක් කියන්නේ තමන්ට කොල්ලෙක්ව කෙල්ලෙක්ව හොයාගන්න බොහොම සාර්ථක තැනක් කියන එක වැරදි නෑ. හැබැයි එක දෙයක්, තනිකරම ෆේස්බුක් එක හරහා විතරක් ලව් එක ගොඩදාගන්න ට්රයි කරලා වැඩකුත් නෑ. ඒක ඉක්මනටම මහපොළොවට ගෙනත්, දෙන්නට දෙන්නා හැබෑවටම අඳුනාගන්නත් ඕන!
2. බස් එකේ!
මේක ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත ඔන්ලයින් වෙන්න කලින් කෙල්ලන්ට කොල්ලන්ට මුණගැහෙන්න තිබුණු ජනප්රියම ක්රමයක්. හැබැයි ඉතින් තාමත් බස් එකේදී කෙල්ලෙක්ට කොල්ලෙක්ට මුණගැහෙන්න ඉඩ කඩ තියෙනවා. මේක විශේෂයෙන්ම වැඩ කරන්නේ ඔය දිනපතා එකම වෙලාවකට, බොහෝම වෙලාවට එකම බස් එකක වැඩට යන්න සෙට් වුණු කොල්ලන්ට කෙල්ලන්ට තමයි. බස් එකේදී හරි බස් එකට ඉන්නකොට හරි ඔන්න ඉටිකිරිස් ගෑණු ළමයෙක්ව රේඩාර් එකට වැටෙනවා. කොහොම හරි එයා යන බස් එකටම නැගගත්තා කියමු. ගොඩක් වෙලාවට එදාම කැෂුවල් කථාබහක් ඇති කරගන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉතින් ඔන්න කොල්ලා දෙවෙනි දවසෙත් ඒ වෙලාවටම ඔතෙනට එනවා. ආන්න එතකොට වෙලාව හොඳයි නං ගෑණු ළමයත් බස් එකට ඉන්නවා. ඔහොම දවස් දෙක තුනක් යනකොට පොඩ්ඩක් හිනාවක් එහෙම දාලා වැඩේට මුල පුරතැහැකි. එතකොට බස් එකේ දැකලා පුරුදු අයියෙක් නිසා ගෑණු ළමයත් හිනාවකින් සංග්රහ කරයි. දැන් කොහොම හරි ගෑණු ළමයා එක්ක එක සීට් එකක වාඩි වෙන්නත් පුළුවන් විදියට ලක් එක වැඩ කළොත් ගොඩේ ගොඩ. දැන් තියෙන්නේ හෙමීට කථාවක් කාරිය දාන්න තමයි!
3. කෝච්චියේ!
දැන් අපි උඩින්ම කියපු බස් එකේ සීන් එක කෝච්චියේ නං තවත් ලේසියි. මොකද කෝච්චියේ වැඩට යන මිනිස්සු පුරුදු වෙලාම ඉන්නේ ගොඩක් දුරට එකම වෙලාවකට තියෙන කෝච්චියක යන්න. මොකද බස් වගේ එකක් පස්සේ එකක් කෝච්චි එන්නෙ නෑනේ. එතකොට ඔය උඩින් කියපු ක්රමේ ගොඩදාගන්න වඩාත් ලේසියි.
හැබැයි කෝච්චියේ ලව් සෙට් වෙන තව ක්රමයක් තියෙනවා. ඒ තමයි කෝච්චි ගැන්සි වල. දැන් හැමදාම එකම කෝච්චියේ වැඩට යන කොල්ලො කෙල්ලො ඇන්ටිලා අංකල්ලා ගැන්සි හදාගෙන ඉන්නවා. ඒ අය එක පෙට්ටියක එක තැනකට සෙට් වෙලා කදේ දාගෙන, කාඩ් අතක් ගහගෙන, කෑමක් බීමක් රස බලාගෙන, තමන්ගේ ආතල් එක ගන්නවා ගමන පුරාවටම. ඉතින් ඔය වගේ තමන් ඉන්න කෝච්චි සෙට් එකක ලක්සන ගෑණු ළමයෙක් එහෙම ඉන්නවා නං, අනික් අයගෙත් උදවුව ඇතුවම වැඩේ ගොඩදාගන්න අමාරු නෑ!
4. වෙඩින් එකකදී!
වෙඩින් එකකදී කෙරෙන්නේ ඉතින් දෙන්නෙක් ජයසිරි මංගලං කරගන්න එකනේ. හැබැයි ඉතින් වෙඩින් කියන්නේ කෙල්ලගේ පැත්තේ කොල්ලගේ පැත්තේ කොල්ලෝ කෙල්ලෝ ගිණි කිකිලියෝ, රණ මොනරු වගේ ඇඳගෙන පැළඳගෙන එන තැන් නේ. ඒ වගේම තමයි නොදන්න කොල්ලෝ කෙල්ලෝ පහසුවෙන්ම මුණගැහෙන්නත් පුළුවන් වෙඩිමකදී. හැබැයි ඉතින් වෙඩිමක වාඩි වෙන පිළිවෙල ඇරේන්ජ් කරන්නේ දන්න අඳුනන අය පිළිවෙලටනේ. ආන්න එහෙම සීන් එකකදී ඉතින් ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක් සෙට් වෙන්න නං එක්කෝ ඩාන්ස් ෆ්ලෝර් එක පැත්තේ යන්න ඕන. එහෙම නැතිනම් තමන් අඳුරන මනමාලයගේ හරි මනමාලිගේ හරි පිහිටෙන් වැඩේ ගොඩදාගන්න ඕන.
එහෙම නැතුව දෙවන මනමාලයා හරි දෙවන මනමාලි හරි රෝල් එක කරන්න පුළුවන් වුනොත්, ආන්න දෙයියන්ගේ පිහිටෙන් දෙවන මනමාලියෙක් හරි දෙවන මනමාලයෙක් හරි බලලා කොක්ක ගහගන්න පුළුවන්. එහෙම වුනොත් එතනම ජය සිරි මංගලම් තමා!
5. පන්සලේ පල්ලියේ!
ඉස්සර නම් ඉතින් ඔය තරුණ පරම්පරාව ආගමට දර්මෙට මාර ලැදියි. පෝයක් නං අනිවා පංසලේ. හැබැයි ඒ ආගම දර්මේ පිළිපදින ගමන්ම පෝයට පන්සල් ආපු දැරිවියක්ව සෙට් කරගන්නත් හිතාගෙන තමයි. පල්ලියේදී නම් ඔය වැඩේ සාපේක්ෂව ලේසියි විතරක් නෙවෙයි, තාමත් සිද්ධ වෙනවා. මොකද කොහොම කළත් ඉරිදට පල්ලි යනවනේ. ඉතින් ෂේප් එකේ පල්ලි එන දැරිවියක්ව ටෝක් කරගන්න පුළුවන්.
මීට අමතරව ඔය පන්සල, පල්ලිය මූලික කරගෙන ඕන තරම් ක්රියාකාරකම් සිද්ධ වෙනවා. ඔය ක්රියාකාරකම් වලට ගමේ ඉන්න තරුණ තරුණියෝත් සහභාගී වෙනවා. එතකොට ඒ ක්රියාකාරකම් සාර්ථක කරගන්න අතරවාරයේදීම ලව් එකකට එහෙමත් අත්තිවාරම දාගන්න පුළුවන්.
0 comments:
Post a Comment