Friday, July 31, 2020

බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?

 ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?

හැමදාම ක්ලික් කරල බොහම අමාරුවෙන් යන්තම් මාසෙකට 1.2$ පමන උපයන් පුලුවන්.

ඔන්න අද කියල දෙන් හදන් කොහමද බක්ස් වලින් එහෙම නැතිනම් ඇඩ් ක්ලික් කරල කොහමද එක බක්ස් අඩවියකින් 100$ක් උපයන්නෙ කියල.

පලමුවෙන්ම කියන් ඔනි හැම බක්ස් අඩවියකින්ම මෙම ක්‍රමයෙන් ලාබ ලබන් බෑ.මේ වැඩේට සාර්තක සයිට් තියනව. ඊලගට බලමු වැඩෙ කරන විදිය පියවරෙන් පියවර.

මේ වැඩෙ ටිකක් අමරුයි කියල හිතෙයි එත් අත්හරින් එපා.ලේසියෙන් ලොකු මුදලක් හොයන් පුලුවන් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.හරි ඔබ ඔන් බක්ස් එකේ රෙජිස්ටර් වෙලා ඇඩ් ක්ලිල් කරල 0.75ක් හොයාගන් ඔනි මේ වැඩෙට.ඉන්පසු එම 0.75$ මගින් රෙන්ට් රෙෆරල් 3ක් ගන්න.දැන් සෑම දිනකම ඇඩ් ක්ලික් කර යුතුවෙනව මොකද අපි අද ඇඩ් ක්ලික් නොකලොත් හෙට රෙෆරල් ක්ලික් වල මුදල් අපිට ලැබෙන්නෑ.මෙලෙස ඒ ලැබෙන ආදායමත් උපයොගිකර ගෙන තව රෙෆරල් කිහිප දෙනෙක් එකතුකර ගන්න.මේ විදියට රෙෆරල් 500ක් දක්වාවත් වැඩිකරගන්.(මේක කරන් පුලුවන් වැඩක් ලාබ ලබන් පුලුවන් වැඩක්.මමත් මෙම ක්‍රමයෙන් මාසෙකට ලොකු මුදලක් හොයනව.)

ඉන්පසුව අප්ග්‍රේඩ් මෙම්බර් කෙනෙක් වෙන්න.රෙෆරල් 200-300ක් වගේ ඉන්නකොට අප්ගේඩ් කරගන් පුලුවන්නම් වඩා හොදයි.අප්ගේඩ් උනාට පසුව රෙෆරල් 2000කට ට්‍රයි කරන් වැඩේ ගොඩක් සාර්තක වෙයි.මාසෙකට ලොකු අමතර මුදලක්.විනාඩි කියද ගත කරන් ඔනි. 

රෙන්ට් රෙෆරල්ල ගන්නේ මෙහෙමයි
මුලින්ම ඔන් බක්ස් වෙත පිවිස ලොග් වෙන්න
දැන් පහත පරිදි rent referals ක්ලික් කරන්න

ඉන්පසු ලැබෙන පිටුවේ click hear add funds යන්න ක්ලික් කරන්න

 දැන් පහත පරිදි ලැබෙන පිටුවෙ ඔබ කැමති අයුරකින් රෙන්ටල් බැලැන්ස් එක සදහා මුදල් එකතුකර ගත හැක.

main balance මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.

main balance යන්න ක්ලික් කර පසු පහත අයුරැ පිටුවක් ලැබෙන අත්‍ර එහි අවස්ය මුදල තොරා transfer from your main balance යන්න් ක්ලික් කරන්න

alertpay මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.

 alertpayයන්න මත ක්ලික් කරන්න

පහත පරිදි පිටුවක් ලැබෙන අතර එහි අවස්ය මුදල තොරා alertpay මත ක්ලික් කරන්න 

ඉන්පසු පහත පරිදි ඇලර්ට් පේ වෙත ලින්ක් වන අතර;ඔබගේ යුසර් නේම් පාස්වර්ඩ් ලබාදී ලොගින් ක්ලික් කරන්න

දැන් පහත පරිදි පිටුවක් ලැබෙන අතර transaction pin ලබාදී confirm and proceed ක්ලික් කරන්න

දැන් පහත පරිදි පිටුවක් ලැබෙන අතර එහි 6-5-4... ලෙස කාලය ගෙවී ඔන්බක්ස් වෙත නැවතත් පිවිසේ.එහි රෙන්ටල් බැලන්ස් වෙත 25$ එක්වී ඇති අයුර ඔබට දැක ගත හැක

දැන් ඔන් බක්ස් එකවුන්ට් වෙත ගොස් නැවතත් rent referals ක්ලික් කරන්න දැන් ඔබට පහත පරිදි දිස්වෙන පිටුවෙන් කැමති ප්‍රමානයෙ රෙෆරල් ෆැක් එකක් තොරාගත හැක.

ඉන්පසු පහත පරිදි රෙෆරල් සාර්තකව ඇඩ් වු බාවට පනිවිඩයක් ලැබේ.

නැවතත් දින 7ක් යනතුරු රෙෆරල් ගත නොහැකි අතර දින 7කට පසුව නැවතත් රෙෆරල් ෆැක් එකක් ලබාගත හැක.

ඔබගේ රෙෆරල් ලිස්ට් එක බලාගන්න පහත රැපයේ පරිදි රතු පැහැයෙන් කොටුකර  දැක්වෙන තැන ක්ලික් කරන්න

P.S:- ඔන් බක්ස් හි රෙජිස්ටර් වීමෙදී මොබිටෙල් ඩොන්ගල් වලින් අන්තර්ජාල පහසුකම ලබාගන්නා අයට රෙජිස්ටර් වීම මදක් අපහසු බවක් දැනගන්නට ලැබේ.මෙය මගහරවා ගැනීම සදහා www.abm.me  වෙත ගොස් හි enter url ලෙස  http://goo.gl/26l5T  ටයිප් කර ලොග් වන්න නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකකින් රෙග්ජිස්ටර් වන්න.ලොග් වීමේ දී ගැටලුවක් නොමැත.  

Ebates sinhala | E money sri lanka | සියල්ල සිංහලෙන්

✌️ මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

   1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමයි Online Shopping Site වලට customer ලා ගෙන්වලා දෙන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් (cashback) විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක 

✌️ මේ Site එක  Scam ද?(මුදල් ගෙවන්නේ නැති බොරු Site එකක් ද?)

  නෑ. 100% විස්වසයි මා හටද මුදල් ලබාදී ඇත.(Payment poof පහල ඇත) scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්. 

හරි. දැන් ඔයාලම දැනගත්තා නේද මේ Site එක ගැන. ඇත්තටම මේ site එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න වගෙම විස්වාසය දිනාගත් Site එකක්.

✌️ කොහොමද මේක වෙන්නේ?

       අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන Online Shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් අදාල site එකෙන් Ebatesලට අපි ගත්තට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා.

 ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
  
✌️ අපි  මොනවද කරන්න ඕන?

  • පළවෙනි ක්‍රමය තමයි Ebates හරහා eBay වගේ Online Shopping සයිට් වලින් බඩු ගන්න එක. භාණ්ඩයේ වටිනකම හැටියට බොන්ස් ඔයාලට ලැබෙනවා
  • අනිත් එක තමයි ඔයාගේ යාලුවන්ට මේ Site එක හදුන්වලා දිලා ලොකු මුදලක් හොයන්න පුලුවන්. එක් Referral කෙනෙකුට $25ක් ගෙවනවා. Register වෙන කෙනාටත් $10ක් ගෙවනවා.

(හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Qualified වෙන්න නම් Total=25ක මාස තුනක් ඇතුලත Ebates හරහා බඩු ගන්න ඕන. එක පාරම $25ක Buy කරන්න ඕන නෑ පලවෙනි මාසේ $10ක දේවල් දාන්න, දෙවෙනි මාසෙත් $10ක buy කරල්ලා, තුන්වෙනි මාසේ $5 දෙයක් ගත්තහම හරි)

    ✌️ එහෙනම් Register වෙමු

       එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ. මුලින්ම ඔයලා කරන්න තියෙන්නේම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න http://ebates.com/r/THAKSH36 මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.(ගැටලුවක් ඇත්නම් පහත ලබදි ඇති අංකයට නම සදහන් කර කෙට් පනිවිඩයක් එවන්න) නැත්නම් Direct Site එකෙන් Register වෙන්න. හැබැයි $10 Free ලැබෙන්නේ නෑ. www.ebates.com

    දැන් ඔයාලා eBay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති Password එකක් දීලා register වෙන්න.(Ebay register වෙලා නැත්නම් ඔයාගේ Facebook එකවුන්ට් එක හරහා හරි google එකවුන්ට් එක හරහා උනත් JOIN වෙන්න පුලුවන්. නැත්නම් ඔයාගේ Email එකයි  password එකකුයි දෙන්න)

    ඉන් පසුව Account Settings වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න.  (Paypal Email /නිවසේ ලිපින) 

    Zip Code එක ඉල්ලුවොත් ඔබගේ ප්‍රදේශයට අදාල Post code එක ලබාදෙන්න. Post code එක දන්නේ නැත්නම් මෙතනින් බලන්න👉 https://worldpostalcode.com/sri-lanka 

    👨‍👩‍👧

    ✌️ දැන් අපි මුදල් සොයමු

    [1] Ebates හරහා Shopping කරමු

    All Stores වෙත ගොස් Ebay/aliexpress වැනි shopping කරන site එක තොරා Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.

    [2] යාලුවන්ට හදුන්වා දෙන්න. 

    Refer & Earn වෙත ගොස් තමන්ගේ Referral link එක share කරන්න.

    එක Referral කෙනෙකුට මුලින් ගෙව්වේ $5ක් වගේ පොඩි මුදලක්. 2018 වසරේ මුලදි $15 කරා. දැන් ගෙවනවා $25ක්. රු.3,900කටත් වඩා වැඩියි. ඉතින් ඔයා යාලුවො 10ක් Join කරානම් රු.39,000ක් නිකන්ම ඉදලා හොයන්න පුලුවන්. හැබැයි ඔයා Referral ලා හදන්න කලින් Qualified වෙන්න ඕන.

    ✌️ මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්

    ✌️ මතක තබාගන්න!!!

    • ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා Total= $25ක මාස තුනක් ඇතුලත අරගෙන Qualified වෙන්න උත්සාහ කරන්න. 
    • Ebates Hack කිරිමට නොහැක. එම ක්‍රම අත්හදා බලන්න යන්න එපා.
    • ඔබගේ  Referral Link එක විස්වාස තැනක හැර හැම තැනම දාන්න එපා.(Acc. එක block වීමට ඉඩ ඇත)

    ‍✌️ මේ මට ආපු ටිකක් පමණයි!(payment poof)

    Thursday, July 30, 2020

    කාන්තා සුරතාන්තය ගැන වැදගත් කරුණු

    ලිංගික සතුට කියන්නේ කිරි බී වැඩෙන සතුන්ට ජීවිතයේ ලබාගන්නට තිබෙන සුපිරි සතුටක්. සතුන් සමග සංසන්දනය කළාම මිනිස්සුන්ගේ සිරුරට සාපේක්ෂව මොළය ලොකුයි. ඒ වගේම ලිංගික ඉන්ද්‍රියනුත් ලොකුයි. ඒ නිසා මිනිසුන්ගේ ලිංගික සතුටත් ඔවුන්ගේ යහපැවැත්ම කෙරේ  බලපානවා. පිරිමි අයෙකුට දකින රුවකින් පවා ලිංගිකව උත්තේජනය වී සැණෙකින් සුරතාන්තයට පත් විය හැකියි. එහෙත් කාන්තා සුරතාන්තය වගේම කාන්තාව ලිංගික සතුට ලබාගන්න ක්‍රමයත් මදක් පමා වෙනවා. ඉතින් අපි කාන්තා සුරතාන්තය ගැන කරුණු ටිකක් දැනගමු

    1. මොකද්ද මේ සුරතාන්තය? 

    පිරිමින්ට ලිංගික සම්බන්ධතාවයේ උපරිම අවස්තාව ධාතු පහවීම විදිහට දකින්නම තියෙනවා. ඒත් ස්ත්‍රීන්ට එහෙම නැහැ. ඒත් ස්ත්‍රීන්ටත් සුරතාන්තය ලබාගන්නට පුළුවන්. පිරිමින්ට වගේ බොහොම ඉක්මනට සුරතාන්තය ළඟා වුණේ නැතත්, කාන්තා සුරතාන්තය කියන්නෙත් ඔවුන්ට ලිංගිකව ලැබිය හැකි ඉහළම සතුට ලැබෙන අවස්ථාව වෙනවා. සුරතාන්තයේදී කාන්තාවන්ට ඔවුන්ට දැනෙන වෙනසක් තිබෙනවා. ඒ වගේම යෝනියෙන් යම් ස්‍රාවයක් නිකුත්වීමත් සුරතාන්තයේදී සිදු වෙනවා. එහෙත් මේ ස්‍රාවය කාම චිත්‍රපට වල අතිශයෝක්තියෙන් පෙන්වන තරමට ටැප් එකකින් වතුර වහනය වන තරමට නම් ලොවෙත් නැහැ.  

    2. සුරතාන්තයේ ලක්ෂණ

    සුරතාන්තයට ළඟා වෙනවාත් එක්ක හදවතේ ගැස්ම වැඩිවෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ වේගෙත් බොහෝවිට වැඩි වෙනවා. යෝනි හෝ භගමනිය පිරිමැදීමේ සුරතාන්තයේදී ඒ අවට මාංශපේශීන් ඉහිල් වීමකුත් සිද්ධ වෙනවා. කාන්තාවන්ටත් ළඟ ළඟ සුරතාන්ත එකකට වඩා අත් දකින්නට පුළුවන්කම තියෙනවා. පිරිමින්ට වගේ සම්පූර්ණ අඩපණ වීමක් සිදු නොවන නිසා කාන්තාවන්ට එක වර සුරතාන්ත එකකට වඩා රසවිඳින්නට පුළුවන්.

    3. සුරතාන්තයේ වාසි

    අපි ජීවත්වෙන ආසියානු සමාජයේ තවමත් ලිංගිකත්වය ගැන විවිධ යල්පැනගිය මතවාද තියෙනවා. ඒ නිසා මේ ලිංගික සැපය සම්පුර්ණයෙන් ම ලබාගැනීම ගැනත් විවිධ අදහස් තියෙනවා. ඒත් විද්‍යාඥයින් තහවුරු කරලා තියෙන අන්දමට ලිංගික උත්තේජනය මගින් සුරතාන්තයට පත්වීම කියන්නේ අපේ සිරුරට වගේම මනසටත් වැදගත් අවස්ථාවක්. ඒ මගින් මානසික සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ වගේම එදිනෙදා ජීවිතයේ යහ පැවැත්මටත් ලිංගික සතුට නිසි ආකාරයෙන් ලබාගැනීම වැදගත් බව පර්යේෂණාත්මකව සනාථ වෙලා තියෙනවා. කාන්තාව පිරිමි තරම්ම ඉක්මන් නොවුණත් ඔවුන්ටත් සුරතාන්තය මගින් කායික, මානසික සහනය ලැබෙනවා.

    4. යෝනිය හා සම්බන්ධ සුරතාන්තය

    පුරුෂ ලිංගයේ අග තිබෙන ස්නායු ප්‍රමාණයටත් වඩා විශාල ස්නායු සංවේදක තොගයක් ස්ත්‍රී භගමනියේ පිහිටලා තියෙනවා. ඒ නිසා භගමනිය හොඳින් පිරිමැදීමෙන් ස්ත්‍රීන්ට සුරතාන්තයට ළඟා වෙන්නට පුළුවන්. වයිබ්‍රේටර සහ වෙනත් උපාංග යොදාගෙන මෙම භගමනිය පිරිමැද සතුටුවීමෙන් ඇතැම් කාන්තාවන් සුරතාන්තයට පත් වෙනවා. ඒ භගමනිය මූලික කරගෙන සුරතාන්තයට පත් වීම එක් ආකාරයක්. යෝනිය මගින් සුරතාන්තයට පත් වීම තවත් ආකාරයක්. එහිදී යෝනිය තුළ ඇති ජී ස්පොට් වැනි ස්ථාන උත්තේජනය කිරීමෙන් පහසුවෙන් යෝනි සුරතාන්තයට පත් වෙනවා. ඉතා පටු තීරයක පිහිටා තියෙන මේ භගමනිය සහ යෝනිය යන ආකාර දෙකෙන්ම සාමාන්‍ය ලිංගික කාර්යයේදී සුරතාන්තයට ළඟා වෙන්නට පුළුවන්. ආකාර වශයෙන් ගත්තාම මේ ස්ත්‍රී ලිංගික අවයව ඇසුරෙන් සුරතාන්තයට පත් වීම වඩාත් සුලභයි.

    5. යෝනිය සම්බන්ධ නොවන සුරතාන්තය

    මේක එතරම් සුලභ තත්ත්වයක් නෙමෙයි. ඒත් ලිංගික කාර්යයට පෙර වැසිකිළි යන්නට තිබෙන උවමනාව, මුත්‍රා පිටකරන්නට තිබෙන උවමනාව ඇතැමුන්ට තිබෙනවා. මෙයින් එක් සුළු පිරිසක් අධෝමාර්ගය ඇසුරු කරගෙන, ඒ ඔස්සේ සුරතාන්තය ලබාගන්නා බව සොයාගෙන තියෙනවා. ඒ වගේම කවීන් දක්වලා තියෙන විදිහට ස්ත්‍රී සිරුරම පුරුෂයින්ව පුබුදු කරන්නට සමත් වෙනවා. එය කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තා වුණත් තන පුඩු, බෙල්ල, කන් පිටුපස, තට්ටම්, ඉඟටිය වැනි ස්ථාන පිරිමැදීමෙන්ද සුරතාන්තයට පත් වෙන අය ඉන්නවා. බොහෝ විට මෙසේ කොටස් කොටස් දැක්වූවාට සාමාන්‍ය ලිංගික සම්භෝගයකින් සුරතාන්තයට ලක්වෙන කාන්තාවකගේ සුරතාන්තය සිරුරේ විවිධ කොටස් වලින් විවිධ උත්තේජනයන් ඔස්සේ ඈට ලැබෙනවා.

    6. කාන්තා සුරතාන්තය නොලැබීම

    පිරිමි සුරතාන්තය වගේ පැහැදිලිව සලකුණු වීමක් නැති නිසා ඇතැම් කාන්තාවන් වසර ගණනක් ලිංගිකව එකතු වුවත් ඔවුන්ට සුරතාන්තය මග හැරෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල ලිංගික කාර්යයන්ට දක්වන බිය නිසාත් සුරතාන්තය අහිමි වෙනවා. මේ ලිංගිකත්වය කෙරේ ඇතිවන බිය සංස්කෘතික සාධක, පාරිසරික සාධක ආදිය නිසාත් ඇති වෙනවා. යම් මානසික සංකූලතාවයන් නිසාත් සුරතාන්තය මග හැරීමට පුළුවන්. ඒත් ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී, මුලින්ම ඇති තත්ත්වය නිරවුල් කරගෙන ඒ සඳහා ප්‍රතිකාර තිබේනම් ඒ සඳහා යොමුවීම කළ යුතු වෙනවා.

    7. තනිව සුරතාන්තය සහ සහකාරයෙකු හරහා සුරතාන්තය

    අද වනවිට කාන්තාවන්ට සුරතාන්තය ලබාගන්නට පහසු වන්නට විවිධ ආකාරයේ වයිබ්‍රේටර්, කෘත්‍රිම පුරුෂ ලිංග  ආදී උපකරණ තිබෙනවා. ඒවා පාවිච්චි කර සුරතාන්තයට පත් වීමේ කිසිදු අවුලක් නැහැ. ඒත් මිනිස් සබඳතාවයකින් ලබාගන්නා සුරතාන්තය උපකරණ මගින් ලබාගන්නා සුරතාන්තයට වඩා ගුණාත්මක බවක් තිබෙන බවක් වාර්තා වල සඳහන් වනවා. හුදෙක් යන්ත්‍රයකට වඩා මනුෂ්‍ය බැඳීමක් හරහා ලැබෙන හැඟීමත් ලිංගික සතුට කෙරේ බලපානවා.

    ලිංගිකත්වය ගැන විදෙස් විශේෂඥයින් කියන විදිහට ලිංගික කාර්යයන් කියන්නේ යම් කිසි රටාවකට අනුව ලකුණු එකතුකොටගෙන ලබාගත යුතු උපාධියක් හෝ එවැනි කඩඉමක් නෙමෙයි. එය පුද්ගලික අවකාශයක, ඒ යෙදෙන අයට ඒ අවස්ථාවේ සතුට ලැබෙන ක්‍රියාකාරකමක් වුණාම හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ කාම කතා වල, කාම වීඩියෝ වල තිබෙන ආකාරයටම අපිත් ලිංගික සතුට නාටකීය ආකාරයෙන් ලබාගත යුතුය කියලා නියමයක් නැහැ. එකිනෙකාගේ රුචි අරුචිකම් හඳුනාගෙන! ලිංගික නැමියාවන් ගැන අවබෝධ කරගෙන කටයුතු කළොත් සුරතාන්තය ලබාගැනීමට පහසුයි. ඒ වගේම ස්ට්‍රෙස් අඩුවෙන් නියම ලිංගික කාර්යයක පහස විඳින්නටත් එතකොට අවස්ථාව ලැබෙනවා.

    Tuesday, July 28, 2020

    හැමදාම ගහන අත්සන ගැන කරුණු ටිකක් දැනගන්න

    ඔය අත්සන කියන එකත් හරි අපූරු දෙයක්නේ. නැද්ද? සාමාන්‍යයෙන් අපේ ෆෝන් එකේ පින් අංකයක් වගේ, අපේ ජීවිතේ සෑහෙන්න නිල වැඩකටයුතු වලට, නෛතික කටයුතු වලට අපේ අනන්‍යතාවය හඳුනාගන්න පුළුවන් සුවිශේෂී දෙයක් විදියට පාවිච්චි වෙන්නේ අපේ අත්සන තමයි. දැන් අපි ගොඩක් දෙනෙක්ට ඔය අත්සනත් එක්ක තියෙන ප්‍රශ්නයක් තමයි, කෙනෙක්ට ලේසියෙන්ම අපේ අත්සන අනුකරණය කරලා හොර අත්සනක් ගහන්න බැරිද කියන එක. එතකොට ඔය හිතන තරම් ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ නේද අත්සනකින් කියන එක. ඇත්තටම ඉතින්, අපි පුංචි කාලේ ඉස්කෝලේ කට් කරපු දවසකට ඇබ්සන්ට් නෝට් එකෙත් අම්මගේ හරි තාත්තගේ හරි හොර අත්සන ගැහුවා නං, හොඳ දක්ෂතාවයක් තියෙන හොර අත්සන් කාරයෙක්ට අපේ අත්සන අනුකරණය කරලා, අපේ බැංකුවේ තියෙන සල්ලි ටිකට විදින්න හරි, අපේ දේපොළ ටික ලියාගන්න හරි බැයිද? බැරි නෑ. ඔය ඒ වගේ නඩු හබත් ඕන තරම් තියෙන්නේ. හැබැයි තාමත් අත්සන කියන්නේ කෙනෙක්ට සුවිශේෂී, අනන්‍යතාවය හඳුන්වන කාරණයක් විදියට තමයි සැළකෙන්නේ. ඇත්තටම එහෙම ඕනම කෙනෙක්ට තව කෙනෙක්ගේ අත්සන අනුකරණය කරන්න අමාරුයි. ඒ කියන්නේ විශේෂ පරීක්ෂාවක් කළොත්, ඇත්ත අත්සනක සහ හොර අත්සනක වෙනස ලේසියෙන් අඳුනගන්න පුළුවන්.

    හරි. එහෙමනම් හොර අත්සන් ගැන කතාව පැත්තකින් තියලා හරි අත්සන් ගැන කතාවට එමුකෝ!

    1. මුලින්ම අත්සන ගහන්න ඉගෙන ගත්තු හැටි

    සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඉස්කෝලේ කාලේ ඔය එක එක දේවල් වලට ඇප්ලිකේෂන් දාන කාලේ එනකොටම අත්සනක් හදාගන්න වෙනවා. අත්සනක් හදාගන්න එකේ නෙවෙයි ඇත්තටම අමාරුව තියෙන්නේ, හදාගත්තු අත්සන හරියට පුරුදු වෙන එකේ. ඉතින් සමහර වෙලාවට අපිට පුංචි කාලෙදිම අත්සනක් හදාගත්තට පස්සේ, කොපි පොත් පිරෙනකල් අත්සන ගහන්න වෙනවා පුරුදු වෙන්න. හැබැයි ගොඩක් වෙලාවට ඔය ගොඩක් දෙනෙක් පුංචි කාලේ හදාගන්න අත්සන් අනුකරණය කරන්නත් ලේසියි. ගොඩක් වෙලාවට මෙලෝ රහක් ඇත්තෙත් නෑ. අන්න ඒ නිසා, අත්සනක් හදාගන්න දරුවෙක්ට අධීක්ෂණ සහාය ලබාදෙන එක තමයි අම්මලා තාත්තලාගේ සහ ගුරුභවතුන්ගේ වගකීම.

    2. සිංහලෙන්ද? ඉංග්‍රිසියෙන්ද? දෙමළෙන්ද?

    දැන් අවුරුදු දහයකට විස්සකට උඩදීත් තිබුණු, දැනුත් තියෙන අත්සන් සම්බන්ධ ස්ටැයිල් එකක් තමයි තමන් සිංහල නම් සිංහලෙන් අත්සන ගහන එක. ඕකම තමන් දෙමළ නම් දෙමළෙන් අත්සන් කරන එකෙත් තියෙනවා. හේතුව මේකයි. ලංකාවේ අපි මොන ජාතියේ වුනත්, අත්සන ගහන්න හුරු වෙන්නෙම ඉංග්‍රීසියෙන්නේ. ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් හැමෝම වගේ අත්සන් කරනකොට, සිංහලෙන් හරි දෙමළෙන් හරි අත්සන් කරන කෙනෙක්ගේ අත්සන පොඩ්ඩක් ස්පෙෂල් වෙනවනේ. ආන්න ඒකයි.

    ඇත්තටම අත්සනට භාෂා වෙනසක් නෑ. හැබැයි කෙනෙක්ට තියෙන්න පුළුවන් එක අත්සනයි. ඒ කියන්නේ සිංහල ලේඛන වලට සිංහලෙන් අත්සනකුයි, ඉංග්‍රීසි ලේඛන වලට ඉංග්‍රීසියෙන් අත්සනකුයි තියෙන්න බෑ. ඇත්තටම කෙනෙක් බලුකිස්ථාන් භාෂාවෙන් අත්සන ගැහුවත්, ඒකට අභියෝග කරන්න බෑ නේද?

    3. කෙටි අත්සනකුයි දිග අත්සනකුයි?

    මෙන්න තවත් ජනප්‍රිය වැරදි භාවිතාවක්. ඒ තමයි තමන් භාවිතා කරන සාමාන්‍ය දීර්ඝ අත්සනට අමතරව, කෙටි අත්සනක් තියාගන්න එක. එතකොට ඔය කෙටි අත්සන භාවිතා කරන්නේ පිටු ගණනාවක ඩොකියුමන්ට් එකක එක එක පිටුවේ පිටසන් කරන්න, ඔෆිස් පොතේ අත්සන් කරන්න වගේ දේවලට වෙන්න පුළුවන්. හැබැයි නීතියේ හැටියට එක මනුස්සයෙක් භාවිතා කරන්න ඕන එක අත්සනයි. අත්සන් දෙකක් හෝ කීපයක් තියෙනවා කියන්නේ, නිල කටයුතු වලදී සහ නෛතික කටයුතු වලදී ගැටළු මතුවෙලා දිව්රුම් පෙත්සම් දෙන්න වෙනවා කියන එක. අන්න ඒ නිසා කෙටි අත්සන් සහ දිග අත්සන් කතන්දර නැතුව, එක අත්සනක් විතරක් පාවිච්චි කරන එක ඇඟට ගුණයි. 

    4. අත්සන් මාරු කරන්නේ කොහොමද?

    සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුංචිම කාලේ හරි හැටි අත්සනක් හදාගත්තේ නැති වුනහම, පස්සෙ කාලෙකදී වඩාත් කොලිටි අත්සනකට මාරු වෙන්න සමහරුන්ට සිද්ධ වෙනවා. හැබැයි මෙතන පොඩි කොස්සක් තියෙනවා. අපි තැපැල් අයිඩෙන්ටියේ ඉඳලා පළවෙනි බැංකු ගිණුමටයි අරකටයි මේකටයි ඉස්කෝලේ හදාගත්තු අත්සන ගහලා, දැන් වඩාත් ස්‍ටයිල් එකක් තියෙන අත්සනක් ඕන වුනා කියලා එක පාරටම ඒකට මාරු වෙන්න බැහැ. සාමාන්‍යයෙන් ඔයා මම වගේ සිවිල් පුරවැසියෙක්ට නම් අත්සන වෙනස් කළා කියලා දිව්රුම් පෙත්සමක් ගන්න වෙනවා. එතකොට අපේ අත්සන දැනට භාවිතා වෙන බැංකු, සේවා ස්ථාන වගේ හැම තැනකටම ඒ දිව්රුම් පෙත්සම දෙන්නත් වෙනවා. අන්න එතකොට අත්සන වෙනස් කරගන්න පුළුවන්.

    හැබැයි රජයේ නිලධාරියෙක්ට තමන්ගේ අත්සන වෙනස් කරගන්න ඕන වුනොත්, උඩින් කියපු එකට වඩා බොහොම වෙහෙසකාරී ක්‍රමවේදයක් ඔස්සේ යන්න වෙනවා. ඒකට චක්‍රලේඛ පවා තියෙනවා.

    5. එකම අත්සන කාලයක් යනකොට වෙනස් වෙනවනේ

    මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. දැන් අපේ අත් අකුරු වුනත් ගොඩක් වෙලාවට කාලයත් එක්ක වෙනස් වෙනවනේ. එතකොට අත්සනක් වෙනස් නොවී තියෙයිද? නැහැනේ. සාමාන්‍යයෙන් අත්සනක් වුනත් කාලයත් එක්ක වෙනස් වෙනවා. හැබැයි සෑහෙන්න ලොකු වෙනසක් අත්සනේ වෙලා නැතිනම්, අත්සනේ වලංගු භාවය නැතිවෙන්නෙ නෑ.

    ඒත් ලොකු වෙනසක් පේන විදියට අත්සන වෙනස් වෙලා නම් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. එකක් තමයි, අත්සන වෙනස් කිරීමක් කරන බවට ලේඛනයක් ලබාදෙන එක. සාමාන්‍යයෙන් අත්සන කාලයත් එක්ක වෙනස් වීම නිසා අලුතින් අපි ගහන අත්සන හඳුන්වා දෙන්න නම් දිව්රුම් පෙත්සම් දෙන්න කරන්න ඕන නෑ. ලියුමක් දුන්නොත් ඇති. හැබැයි මොකක් හරි ආයතනයකින් එහෙම බෑ කිවුවොත් දිව්රුම් පෙත්සම් දෙන්න වෙනවා.

    ඕන නම් තමන්ගේ පරණ අත්සන දිහා බලාගෙන කාලෙන් කාලෙට තමන් දැන් ගහන අත්සන අප්ඩේට් කරගන්නත් පුළුවන්. ඇත්තටම අප්ඩේට් නෙවෙයි, මේක ඩවුන්ඩේට්. ඒ කියන්නේ දැන් වෙනස් වෙලා තියෙන අත්සන, පරණ අත්සන විදියට ගහන්න පුරුදු වෙන එක. මේක ලොකු අසීරුවක් නෙවෙයි.

    6. කණ අත්සන

    කණ අත්සන කියන්නේ කණෙන් ගහන අත්සනක් නෙවෙයි. අත්සන් කරනවා වෙනුවට තමන්ගේ ඇඟිලි සලකුණ තියන එකට තමයි කණ අත්සන කියන්නේ. ඇත්තටම මේ ඇඟිලි සලකුණ අත්සන වෙනුවට තියන්නේ අකුරු සාස්තරේ දන්නෙ නැති ඈයෝ කියලා තමයි සාමාන්‍ය පොදු විශ්වාසයේ තියෙන්නේ. මොකද, අකුරු ලියන්න දන්න මනුස්සයෙක් තමන්ට කියලා අත්සනක් හදාගන්නවනේ. හැබැයි ඒක කොහොම වෙතත්, සාමාන්‍ය අත්සනකට වඩා කණ අත්සනක් ආරක්ෂිතයි කියලා නම් බය නැතුව කියන්න පුළුවන්. මොකද අත්සන අනුකරණය කරන්න දක්ෂ හොර අත්සන් ශිල්පියෙක්ට පුළුවන් වුනත්, ඇඟිලි සලකුණ අනුකරණය කරන්න එහෙම බැහැනේ.

    7. හොර අත්සන්

    හොර අත්සන් කියන්නේ ඉතින් බොහොම ඉන්ටරෙස්ටින් මාතෘකාවක්. ගොඩක් වෙලාවට අපි කීපදෙනෙක්වත්, හොර අත්සන් ජීවිතේ එක පාරක් හරි ගහලා තියෙනවනේ. හැබැයි ඔය සීරියස් වංචා වලදී නෙවෙයි. ගෙදරින් ලියුමක් ගේන්න කියපු වෙලාවක, අම්මට කියලා ලියුම් ලියවගන්න ගියොත් කන්න වෙන අවස්ථාවකදී අම්මගේ අත්සන අපිම ගහලා ලියුම ලියාගෙන යනවා. සමහරු නම් ප්‍රින්සිපල්ගේ, සෙක්ෂනල් හෙඩ්ගේ අත්සන් පවා ගහන්න හුරුවෙලා ඉන්නවා.

    ඊට පස්සේ ඉතින්න් කැම්පස් එකෙ පැමිණීම ලකුණු කරන්නත් ඔන්න හොර අත්සන් සීන් පාවිච්චි වෙනවා. එතකොට වැඩට ගියේ නැතුව වැඩට ගියා කියලා පොතේ අත්සන් කරන්නත්, හොර අත්සන් සීන් එක ඕන වෙනවා.

     හැබැයි අපි කෙලින් කතා කළොත්, ව්‍යාජ අත්සන් සකස් කිරීම කියන්නේම බරපතල වරදක්. අර අම්මගේ තාත්තගේ අත්සන ගහන එක ගැන උඩින් කියලා තිබුණේ. ඒකත් බරපතල වරදක්. ඉස්කෝලේ ප්‍රින්සිපල්ගේ අත්සන ව්‍යාජ අනුකරණයක් කරලා යොදාගන්න එකත් ඊට හපන් වරදක්. හැබැයි දැන් වැඩිහිටි කාලේ ඔය හොර අත්සන් කෙලි කරන්න ගියොත්, ඒක නඩු ගිහින් හිරේ යන්න සිද්ධ වෙන විදියේ වරදක්! 

    තාමත් තනිකඩද? කෙල්ලෙක්ව හරි කොල්ලෙක්ව හරි හොයාගමුද? මේ තැන්වලින් ට්‍රයි කරලා බලමුද?

    ලංකාවේ විතරක් ගත්තත් කෙල්ලෝ සහ කොල්ලෝ ප්‍රතිශතයන්ගේ අති දැවැන්ත වෙනසක් නැහැනේ. ඒ කියන්නේ අඩු තරමින් එක කොල්ලෙක්ට මේ රටේ කොහේ හරි එක කෙල්ලෙක්වත් ඉන්න ඕන. හැබැයි ඉතින් සරල ගණීතයට අනුව එහෙම වුනාට, යතාර්ථය බැලුවහම සෑහෙන්න කොල්ලෝ සදා තනිකඩයිනේ. සමහර වෙලාවට කෙල්ලොත් එහෙමයි. ආන්න ඒ නිසා අපි හිතුවා කොල්ලන්ට කෙල්ලන්ට මුණගැහෙන්න තියෙන අවස්ථා ගැන එහෙම ආයෙමත් මතක් කරලා පොඩි සමාජ සේවයක් කරන්ඩ.

    1. ෆේස්බුක්!

    මේක ඉතින් ආයෙ කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. මේ වෙනකොට ෆේස්බුක් එකේ නැති කොල්ලෙක් කෙල්ලෙක් නැහැනේ. ඒ වගේම තමයි මේ වෙනකොට ෆේස්බුක් එකෙන් සෙට් වෙලා ජය සිරි මංගලම් වෙච්ච ලව් ප්‍රමාණයත් සෑහෙන්න වැඩියි. ආන්න ඒ නිසා ෆේස්බුක් කියන්නේ තමන්ට කොල්ලෙක්ව කෙල්ලෙක්ව හොයාගන්න බොහොම සාර්ථක තැනක් කියන එක වැරදි නෑ. හැබැයි එක දෙයක්, තනිකරම ෆේස්බුක් එක හරහා විතරක් ලව් එක ගොඩදාගන්න ට්‍රයි කරලා වැඩකුත් නෑ. ඒක ඉක්මනටම මහපොළොවට ගෙනත්, දෙන්නට දෙන්නා හැබෑවටම අඳුනාගන්නත් ඕන!

    2. බස් එකේ!

    මේක ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිත ඔන්ලයින් වෙන්න කලින් කෙල්ලන්ට කොල්ලන්ට මුණගැහෙන්න තිබුණු ජනප්‍රියම ක්‍රමයක්. හැබැයි ඉතින් තාමත් බස් එකේදී කෙල්ලෙක්ට කොල්ලෙක්ට මුණගැහෙන්න ඉඩ කඩ තියෙනවා. මේක විශේෂයෙන්ම වැඩ කරන්නේ ඔය දිනපතා එකම වෙලාවකට, බොහෝම වෙලාවට එකම බස් එකක වැඩට යන්න සෙට් වුණු කොල්ලන්ට කෙල්ලන්ට තමයි. බස් එකේදී හරි බස් එකට ඉන්නකොට හරි ඔන්න ඉටිකිරිස් ගෑණු ළමයෙක්ව රේඩාර් එකට වැටෙනවා. කොහොම හරි එයා යන බස් එකටම නැගගත්තා කියමු. ගොඩක් වෙලාවට එදාම කැෂුවල් කථාබහක් ඇති කරගන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි ඉතින් ඔන්න කොල්ලා දෙවෙනි දවසෙත් ඒ වෙලාවටම ඔතෙනට එනවා. ආන්න එතකොට වෙලාව හොඳයි නං ගෑණු ළමයත් බස් එකට ඉන්නවා. ඔහොම දවස් දෙක තුනක් යනකොට පොඩ්ඩක් හිනාවක් එහෙම දාලා වැඩේට මුල පුරතැහැකි. එතකොට බස් එකේ දැකලා පුරුදු අයියෙක් නිසා ගෑණු ළමයත් හිනාවකින් සංග්‍රහ කරයි. දැන් කොහොම හරි ගෑණු ළමයා එක්ක එක සීට් එකක වාඩි වෙන්නත් පුළුවන් විදියට ලක් එක වැඩ කළොත් ගොඩේ ගොඩ. දැන් තියෙන්නේ හෙමීට කථාවක් කාරිය දාන්න තමයි!

    3. කෝච්චියේ!

    දැන් අපි උඩින්ම කියපු බස් එකේ සීන් එක කෝච්චියේ නං තවත් ලේසියි. මොකද කෝච්චියේ වැඩට යන මිනිස්සු පුරුදු වෙලාම ඉන්නේ ගොඩක් දුරට එකම වෙලාවකට තියෙන කෝච්චියක යන්න. මොකද බස් වගේ එකක් පස්සේ එකක් කෝච්චි එන්නෙ නෑනේ. එතකොට ඔය උඩින් කියපු ක්‍රමේ ගොඩදාගන්න වඩාත් ලේසියි.

    හැබැයි කෝච්චියේ ලව් සෙට් වෙන තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කෝච්චි ගැන්සි වල. දැන් හැමදාම එකම කෝච්චියේ වැඩට යන කොල්ලො කෙල්ලො ඇන්ටිලා අංකල්ලා ගැන්සි හදාගෙන ඉන්නවා. ඒ අය එක පෙට්ටියක එක තැනකට සෙට් වෙලා කදේ දාගෙන, කාඩ් අතක් ගහගෙන, කෑමක් බීමක් රස බලාගෙන, තමන්ගේ ආතල් එක ගන්නවා ගමන පුරාවටම. ඉතින් ඔය වගේ තමන් ඉන්න කෝච්චි සෙට් එකක ලක්සන ගෑණු ළමයෙක් එහෙම ඉන්නවා නං, අනික් අයගෙත් උදවුව ඇතුවම වැඩේ ගොඩදාගන්න අමාරු නෑ! 

    4. වෙඩින් එකකදී!

    වෙඩින් එකකදී කෙරෙන්නේ ඉතින් දෙන්නෙක් ජයසිරි මංගලං කරගන්න එකනේ. හැබැයි ඉතින් වෙඩින් කියන්නේ කෙල්ලගේ පැත්තේ කොල්ලගේ පැත්තේ කොල්ලෝ කෙල්ලෝ ගිණි කිකිලියෝ, රණ මොනරු වගේ ඇඳගෙන පැළඳගෙන එන තැන් නේ. ඒ වගේම තමයි නොදන්න කොල්ලෝ කෙල්ලෝ පහසුවෙන්ම මුණගැහෙන්නත් පුළුවන් වෙඩිමකදී. හැබැයි ඉතින් වෙඩිමක වාඩි වෙන පිළිවෙල ඇරේන්ජ් කරන්නේ දන්න අඳුනන අය පිළිවෙලටනේ. ආන්න එහෙම සීන් එකකදී ඉතින් ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක් සෙට් වෙන්න නං එක්කෝ ඩාන්ස් ෆ්ලෝර් එක පැත්තේ යන්න ඕන. එහෙම නැතිනම් තමන් අඳුරන මනමාලයගේ හරි මනමාලිගේ හරි පිහිටෙන් වැඩේ ගොඩදාගන්න ඕන.

    එහෙම නැතුව දෙවන මනමාලයා හරි දෙවන මනමාලි හරි රෝල් එක කරන්න පුළුවන් වුනොත්, ආන්න දෙයියන්ගේ පිහිටෙන් දෙවන මනමාලියෙක් හරි දෙවන මනමාලයෙක් හරි බලලා කොක්ක ගහගන්න පුළුවන්. එහෙම වුනොත් එතනම ජය සිරි මංගලම් තමා!

    5. පන්සලේ පල්ලියේ!

    ඉස්සර නම් ඉතින් ඔය තරුණ පරම්පරාව ආගමට දර්මෙට මාර ලැදියි. පෝයක් නං අනිවා පංසලේ. හැබැයි ඒ ආගම දර්මේ පිළිපදින ගමන්ම පෝයට පන්සල් ආපු දැරිවියක්ව සෙට් කරගන්නත් හිතාගෙන තමයි. පල්ලියේදී නම් ඔය වැඩේ සාපේක්ෂව ලේසියි විතරක් නෙවෙයි, තාමත් සිද්ධ වෙනවා. මොකද කොහොම කළත් ඉරිදට පල්ලි යනවනේ. ඉතින් ෂේප් එකේ පල්ලි එන දැරිවියක්ව ටෝක් කරගන්න පුළුවන්.

    මීට අමතරව ඔය පන්සල, පල්ලිය මූලික කරගෙන ඕන තරම් ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ඔය ක්‍රියාකාරකම් වලට ගමේ ඉන්න තරුණ තරුණියෝත් සහභාගී වෙනවා. එතකොට ඒ ක්‍රියාකාරකම් සාර්ථක කරගන්න අතරවාරයේදීම ලව් එකකට එහෙමත් අත්තිවාරම දාගන්න පුළුවන්.

    Monday, July 27, 2020

    Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

    Google Adsense කියන්නේ යාලුවනේ ගූගල් සමාගම හදුන්වා දුන්නු ලෝකයේ ඉතාම ජනප්‍රිය advertising network එකක්. නමුත් වැඩේ කියන්නෙ මේක සිංහල බ්ලොග් වලට ලබා ගන්න බැරි එක. ඇත්තටම Google Adsense සිංහල බ්ලොග් වලට නම් ලබා දෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එයාලා දෙන code එක සිංහල භාෂාවට support කරන්නෙ නැති එක. ඔයාගේ බ්ලොග් එකට Google Adsense ලබා ගන්න ඕනෙ නම් ඔයා බ්ලොග් එක ඉංග්‍රීසියෙන්ම කරන්න ඕනෑ.
    මුලින්ම ඔයාගේ English Blog එක හැමදාම යාවත්කාලීන එහෙමත් නැතිනම් නිතර නිතර update වෙන එකක් වෙන්න ඕනෑ. අඩුම සතියකට වරක්වත් ඔයා බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑ. ඒකට හේතුව තමයි බ්ලොග් එකක් කියන්නෙ හැමදාම අලුත් තොරතුරු දෙන ස්ථානයක් විදියට google සලකා බලන නිසා. ඔයාගෙ බ්ලොග් එක මාසයකට හරි මාස දෙකකට හරි යාවත්කාලීන කරනවානම් ඔයාට Google Adsense අනුමත නොවේවි හුගක් විට.
    ඔයා Google Adsense ඉල්ලන්න කලින් අනිවාරයෙන්ම post 50ක් වත් බ්ලොග් එකේ පල කරලා තියෙන්නම ඕනෙ. අඩු පොස්ට් ගානක් තිබුනොත් ඔයාව සලකා නොබලාවි. ඒ වගේම ඔයාගෙ බ්ලොග් එක අවම මාස 6 ක් වත් පරණ වෙන්නම ඕනෙ.
    ඔයාගෙ බ්ලොග් එක එන visitor කෙනෙක් සතුටු කරන ස්ථානයක් වෙන්නම ඕනෙ. එන කෙනෙක් ආපු සැනින් ඔයාගෙ බ්ලොග් එකෙන් ඉවත් වෙලා යනවානම් ඒක ගූගල් ට අදුරාගන්න පුලුවන්. ඒ වගෙ නිකන් වැඩක් නැති බ්ලොග් වලට Adsense ලැබෙන්නෙ නැහැ. පුලුවන් තරම් වටිනා අලුත් තොරතුරු බ්ලොග් වල දාන්න.
    හැමවෙලේම blog post ලියනකොට අවම වචන 300ක් වත් ලියන්න. වචන 100ක් හරි 150 ක් හරි දැම්ම කියාලා නම් Adsense හම්බවෙන්නෙ නැහැ. හැම වෙලේම බ්ලොග් එක කියවන කෙනා සතුටු කරන්න බලන්න.ඔයාට වචන 1000ක් විතර ලියන්න පුලුවන්නම් ඒ වගේ බ්ලොග් වලට Google Adsense ලැබෙනවා ගොඩක් විට.
    ඔයා සමහරවිට පින්තූර දාල Picture Blog එකක් කරනවා ඇති. ඒ වගේ වෙන වෙන අරමුණු වලට කරන බ්ලොග් වලටත් Google Adsense ලැබෙනවා ගොඩක් අඩුයි.
    ඉතාම වැදගත්ම දේ තමයි ඔයාගේ බ්ලොග් එකේ Traffic එක 150+ වත් වෙන්න ඕනෙ දවසකට. Traffic නැති බ්ලොග් වලට Adsense ලැබෙන්නෙ නැහැ. Traffic එක අඩුම 150 ක් වත් වෙනකන් ඔයා ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා. ඔයාට ලැබෙන් නෑමයි. පුලුවන් තරම් නිර්මාණශීලි ගොඩ දෙනෙක් කරපු නැති විදියට අලුත් දෙයක් කරන්න. අනිවා traffic එනවා. Traffic එද්දි Google, Bing වගේ ඒවගෙ Search term හෙවත් search කරන වචන වලට අසුව එනවා නම් ඒ වගේ බ්ලොග් වලට ඇඩ්සෙන්ස් දෙන්න google හුගක් කැමතියි. Facebook වගේ සමාජ ජාල අඩවි වලින් ගොඩක් Traffic එන බ්ලොග් වලට ඇඩ්සෙන්ස් ලැබෙන්නෙත් නැහැ.
    කිසිම වෙලාවක වෙන අයගෙ බ්ලොග් වල තියෙන ලිපි කෙලින්ම ඔයාගෙ බ්ලොග් එකේ දාන්න එපා. ඒ වගේ Duplicate Content තියෙන බ්ලොග් Google ට පේන්න බැහැ. ඒ වගේ බ්ලොග් වලට ඇඩ්සෙන්ස ලැබෙන්නෙ කලාතුරකින්.

    Sunday, July 26, 2020

    ලංකාවේ ඔන්ලයින් ෂොපින් එක්ස්පීරියන්ස් එක සුපිරියටම ගන්න අපෙන් උපදෙස්!

     සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් පුරුදු බඩු ගන්න ක්‍රමේ තමයි කඩේට ගිහිල්ලා තියෙන බඩුවක් මුට්ටුවක් අරගෙන එන එක. ඒක හාල් කිලෝ එකක් වුනත්, ගෙදරට ෆ්‍රිජ් එකක් වුනත් වෙනසක් නෑ. හැබැයි දැන් කාලේ අනික් හැම දෙයක්ම වගේ ඔය බඩු ගන්න එකත් අපිට ලේසි කරල දීලා තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය ඔස්සේ. විශේෂයෙන්ම ඔන්ලයින් ෂොපින් වලට වෙන් වුණු වෙබ් අඩවි වගේම, විවිධාකාරයේ ජනප්‍රිය සන්නාම වලත් ඔන්ලයින් ෂොපින් අඩවි තියෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ දෙයියනේ කියලා ඉන්ටර්නෙට් එකට ගිහින්, අදාළ බඩු විකුණන වෙබ් අඩවියට ගිහිල්ලා සල්ලි ගෙවලා ගන්න එක තමයි. හැබැයි තාමත් ලංකාවේ හැමෝම මෙහෙම එක පාරම ඔන්ලයින් බඩු ගන්න තරම් නිර්භීත නෑ. මොකද අර කඩේට ගිහින් බඩුව දැකලා ගන්න විදියේ ෂුවර් එකක් ඔන්ලයින් බඩු ගන්නකොට නැහැයි කියන සිතිවිල්ල නිසා. එහෙම වුනාට අපි කියන්නේ කාලේ තාලෙට ඔන්ලයින් බඩු ගන්න එකටත් පුරුදු වෙන්න කියලා තමයි. විශේෂයෙන්ම ඔන්ලයින් බඩු ගන්න එක හරි විදියට කරගන්න අපි මේ කියන උපදෙසුත් හිතේ තියාගත්තහම, බයක් සැකක් නැතුව නවීන ලෝකේ මනුස්සයෙක් විදියට ඔන්ලයින් ෂොපින් කරන්න පුළුවන්!

    1. තැන කොයි වගේද?

    තැන කොයි වගේද කියන ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට ඔන්ලයින් ෂොපින් වලට ආධුනිකයෙක්ට විතරක් නෙවෙයි, හැමදාම ඔන්ලයින් ෂොපින් කරන මනුස්සයෙක් වුනත් හිතලා බලන්න ඕන තමන් බඩු ගන්න යන ඔන්ලයින් ෂොප් එක මොකද්ද, ඒක ෂුවර්ද කියන එක. මෙතනදී ගොඩක් වෙලාවට ජනප්‍රිය, ලංකාව පුරා ශාඛා එහෙම තියෙන සන්නාමයක් නම් ලොකු අවුලක් නෑ. එතකොට අලුතින් පටන් ගත්තු, ඒ තරම් ජනප්‍රිය නැති ඔන්ලයින් ෂොපින් සයිට් එකක් එක්ක වුනත් ගනුදෙනු කරන්න බය වෙන්න ඕන නෑ, තැන ගැන හරියට දන්නවා නම්. දැන් කොහොමද එහෙම දැනගන්නේ? යන්න ඒ ඔන්ලයින් කඩේ ෆේස්බුක් පිටුවට. එහෙම නැතිනම් ඒ කඩේ ගැන ගූග්ල් සර්ච් කරලා බලන්න. එතකොට දැනගන්න පුළුවන් ඒකට මිනිස්සු මොනවද කියලා තියෙන්නේ කියලා. ආන්න එතකොට තැන හොඳද නරකද කියන එක ගැන අදහසක් ගන්නත් පුළුවන්.
    ඒ වගේම තමයි අපි හොයලා බලලා ගන්න තැනක් වුනත් අපිට පාඩුවක් සිද්ධ කළොත් හරි වාත කළොත් හරි, අනිවාර්‍යයෙන්ම ඒ තැන ගැන පැමිණිලි කරන්න. සමාජ ජාල වල වගේම පාරිභෝගික අධිකාරිය වගේ පාරිභෝගික පැමිණිලි වෙනුවෙන්ම පිහිටුවලා තියෙන තැන් වලටත් පැමිණිලි කරන එක වටිනවා. එතකොට තවත් පාරිභෝගිකයෙක් එහෙම අප්සෙට් තැනකට අහු වෙන්නේ නෑ!

    2. වොරන්ටි එහෙම කොහොමද?

    මෙන්න මේක අත්‍යාවශ්‍යයි. ඕනෑම බඩුවක් ගන්න කලින් බලන්න ඕන දේ තමයි වගකීම් සහතිකයක් ලබාදෙනවද කියන එක. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ඒ වගකීම් සහතිකය ලබාදෙන්නේ කවුද කියන එකත් හොයලා බලන එක වටිනවා. සාමාන්‍යයෙන් අපිට මිලදී ගන්න ඕන යම් දෙයක් සඳහා නියෝජිත වගකීමක්, ඒ කියන්නේ ඒජන්ට් වොරන්ටි එකක් ලැබෙනවා නම් ඉතාම හොඳයි. ඒකෙන් කියන්නේ, ඒ දෙය විකුණන්න ශ්‍රී ලංකාව තුළ තියෙන බලයලත් ආයතනය මගින් ලබාදෙන වොරන්ටියක් කියන එක. සාමාන්‍යයෙන් බඩුවේ අප්සෙට්‍ එකක් ආවොත්, ඒජන්ට් වොරන්ටි එකකින් වාත නොවී ඒක හදාගන්න හරි, වෙන එකකට මාරු කරගන්න හරි පුළුවන්.

    හැබැයි ඉතින් ඔය සමහර බඩු භාණ්ඩ වලට ඒජන්ට් වොරන්ටි දෙන්න විදියක් නෑ. මොකද ඒජන්ට්ලා නෑ. එහෙම ඒවා නොගෙන ඉන්න අවශ්‍ය නෑ. හැබැයි බඩු ගන්න ඔන්ලයින් ෂොප් එකට කෝල් එකක් දීලා හරි පොඩ්ඩක් හරියටම දැනගන්න කොහොමද වොරන්ටි දෙන්නේ, මොනවද වොරන්ටි එකට ඒ අයගේ කොන්දේසි කියන එක. 

    3. විස්තර ඔක්කොම කියවලා බලමුද?

    දැන් අපි ඔන්ලයින් බඩු ගන්න ගියහම අපිට බඩුව පේන්නෙත් ඔන්ලයින්නේ. සාමාන්‍යයෙන් ඇත්තට තියෙනවට වඩා ඔන්ලයින් ෂොපින් සයිට් එකක පෙන්නන බඩුවක් සමහර වෙලාවට මාර සුපර් කොලිටියකින් තියෙනවා කියලා පේන්න පුළුවන්. ඒක ඉතින් ෆොටෝ අල්ලපු එකාගේ දක්ෂතාවය. හැබැයි ආන්න ඒ නිසා තමයි අපි යම් කිසි භාණ්ඩයක් ඔන්ලයින් ගන්න කලින්, ඒ භාණ්ඩය ගැන ඒ වෙබ් අඩවියේ පළ කරලා තියෙන තාක්ෂණික විස්තර ඔක්කොම කියවන එක අනිවාර්‍ය වෙන්නේ. මොකද, ඔය තාක්ෂණික විස්තර වලින් තමයි බඩුවේ කොලිටිය, බඩුවේ තියෙන විශේෂත්වය, බඩුවේ තියෙන පහසුකම් වගේ දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම විස්තර සයිට් එකේ දාලා නැතිනම් කෝල් එකක් දාලා අහගන්න පුළුවන්. හැබැයි සයිට් එකෙත් විස්තර නැතුව, කෝල් එකටත් හරි විදියට විස්තර සපයන්නේ නැතිනම්, ඒ වගේ තැනකින් ගනුදෙනු නොකර වෙන තැනකට යන එක තමයි නුවණට හුරු.

    4. රිසර්ච් එකක් කරමුද?

    දැන් අපි කියමු ඔක්කොම විස්තරත් කියවලා බැලුවා කියලා. හැබැයි තව දුරටත් ඒ ගැන පොඩි විමර්​ෂණයක් කරන එකෙන් පාඩුවක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඔය මිලෙන් අධික අයිටම් එකක් එහෙම මිලදී ගන්න යනවා නම් අනිවාර්‍යයෙන්ම හොඳ රිසර්ච් එකක් කළ යුතුමයි. එහෙම නැතුව අද හිතුවා හවස ගත්තා වගේ වැඩ ඔය වැඩි මිල බඩු වලට හරියන්නේ නෑ. මෙතනදී සරලවම අදාළ භාණ්ඩය මොඩ්ල් නම්බර්, ට්‍රේඩ් මාක් එක්කම ගූග්ල් සර්ච් කරලා බැලුවත් කමක් නෑ. ඒ වගේම ඔය එක එක ෆෝරම් වල ඒ අදාළ භාණ්ඩය පාවිච්චි කරපු හාදයෝ මොනවද කියලා තියෙන්නේ කියන එකත් බලලා දැනුවත් වෙන්න ඕන. ආන්න එතකොට අපිට ඒක ගන්න ඕනද එපාද කියන එක ගැන ඥාණවන්තව හිතන්න පුළුවන්.

    5. ජෙනුයින් බඩුද?

    ඔය ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික් බඩු වලට විතරක් නෙවෙයි, වෙන වෙන බඩු ගන්න කොට වුනත් අනිවාර්‍යයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් ඔය සමහර ඔරිමජිනල් බඩු වල වගේම පෙනුම තියෙන හොර කොපි තියෙනවා. ඒකට හොඳම උදාහරණේ තමයි එක කාලයක් මිනිස්සු පිස්සුවෙන් ගත්තු මැජික් බුලට් බ්ලෙන්ඩර් එක. ඒකේ ඔරිජිනල් ඇමරිකන් එක එකොළොස්දාහක් විතර වෙනකොට, චීනේ ගහපු හොර එක වෙන්නේ රුපියල් තුන්දාහයි. හැබැයි ඉතින් සමහර වෙලාවට මාසේ පාවිච්චි කරන කොට කප් එක උණු වෙලා. ආන්න ඒ නිසා තමයි ගන්න කලින් බඩු ජෙනුයින්ද කියලා හොඳට හොයලා බලන්න වෙන්නේ. උඩ කියපු ඒජන්ට් වොරන්ටි කථාවට අනුවත් ජෙනුයින් බඩු හොයාගන්න පුළුවන්.

    6. මිල ගණන් සසඳලා ඉමුද?

    මෙතනදී ඇත්තටම සසඳන්න ඕන මිල ගණන් විතරක් නෙවෙයි. මිල ගණන් එක්ක අපිට ලැබෙන්නේ මොනවද කියන එකත් සසඳන්න ඕන. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි භාණ්ඩයක් එක සයිට් එකක තියෙන ගාණට වඩා අඩුවෙන් තවත් සයිට් එකක තියෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි සයිට් එක අර උඩ කියපු විදියේ මොකක් හරි කාරණාවකදී ෂුවර් නෑ. ආන්න එතකොට අඩු ගාණට තියෙන භාණ්ඩේ පැනලා අරගෙන හරියන්නෙ නෑ. ඒ වගේම තමයි අඩු ගාණට සෙලර් වොරන්ටි එකත් එක්ක තියෙන බඩුවට වඩා, වැඩි ගාණට ඒජන්ට් වොරන්ටි එක්ක තියෙන බඩුවක් වටිනවා. හැබැයි, මේ කාරණාවත් ඒ ඒ බඩු එක්ක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ඔන්ලයින් පොත් ගන්නකොට ඒ ප්‍රකාශක සමාගමෙන්ම ගන්න ඕන කියලා එකක් නැහැනේ. ඊට අඩුවට ඩිස්කවුන්ට් එක්ක දෙන වෙන සයිට් එකකින් ගත්තත් අවුලක් නෑ.

    7. ගෙවලා ගන්නවද, අරන් ගෙවනවද?

    ඔව් මේකත් හිතලා බලන්න ඕන කාරණාවක්. දැන් කාලේ සෑහෙන්න ඔන්ලයින් ෂොපින් සේවාවන් පවත්වා ගෙන යන කට්ටිය ලබාදෙන සේවාවක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි. ඒ කියන්නේ බඩුව ඕඩර් කළාට පස්සේ සල්ලි ගෙවන්නේ බඩුව ගෙදරට ගෙනැත් දුන්නහම තමයි. එතනදී හොර බොරු වෙන්න තියෙන ඉඩ තවත් අඩුයි. උදාහරණයක් විදියට, අපිට බඩුව ඩිලිවර් නොවුණොත් අපිට පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමේදී ක්‍රෙඩිට් කාඩ් වලින් හරි වෙන ඒ විදියේ ක්‍රමේකින් හරි ගෙවන්න බැරි වීම. කෑෂ් විතරමයි!
    එහෙම කෑෂ් ගෙවලා ගන්න එක අවුලක් නැතිනම්, කෑෂ් ඔන් ඩිලිවරි කියන්නේ විශ්වාසදායක ක්‍රමයක්.

    8. ක්‍රෙඩිට් කාඩ් ඕකේද?

    මෙන්න මේකත් ටිකක් පරිස්සමට කථා කරන්න ඕන දෙයක්. දැන් ඔය මොකක් හරි ඔන්ලයින් ෂොපින් වෙබ් සයිට් එකක් දැක්ක ගමන් පැනලා ගිහින් ක්‍රෙඩිට් කාඩ් විස්තර ලබාදෙන එක අවදානම් කාරණයක්නේ. ආන්න ඒ නිසා ආයෙමත් උඩටම ගිහින් අපි කියපු පළමුවෙනි පොයින්ට් එක ගැන කථාකරන්න වෙනවා. හොඳ කීර්ති නාමයක් තියෙන, ෂුවර් පිට බඩු ගන්න පුළුවන් තැනක් නම් ක්‍රෙඩිට් කාඩ් විස්තර දුන්නට කමක් නෑ. එතනදීත් අපිට ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර දීලා ගෙවන්න යන්න වෙන ගෙවීම් පෝටල් එක ගැන විමසිලිමත් වෙන්න ඕන. ඒක ආරක්ෂිත වෙබ් අඩවියක් බව පේනවා නම් ප්‍රශ්නයක් නෑ.
    දෙවෙනියට ගත්තොත් ලංකාවේ ඔන්ලයින් සයිට් වල පේපැල් වලින් ගෙවන්න බැහැනේ. හැබැයි ලංකාවේ දැන් එනකොට ඔය ඊ-වොලට් කියන සේවාවන් සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. Frimi කියන්නේ එයින් එකක්. තවත් තියෙනවා. ඉතින් ඔන්න ඔය ඊ-වොලට් එකක් ස්මාට්ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන පටන් ගත්තා නම්, ක්‍රෙඩිට් කාඩ් හොය හොයා ඉන්න ඕන නෑ. ඒ වගේම තමයි, ගොඩක් ඔන්ලයින් ෂොපින් වෙබ් අඩවි වලින් අපිට ස්ටාර් පොයින්ට්ස් වලින් ගෙවන්න, බැංකුවෙන් ගෙවන්න වගේ විවිධ විකල්ප ක්‍රමත් ලබාදෙනවා.

    9. ඩිස්කවුන්ට් තියෙනවද?

    ඔව්, මෙන්න මේක ගැන අපි හැමෝම උනන්දුයිනේ. මොකක් හරි ගන්න ගියහම අපිට ඒකේ නියම ගාණෙන් පොඩි ගාණක් හරි අඩු කරලා දෙනවනම් ඇයි නොගෙන ඉන්නේ? හැබැයි එකක්. ඩිස්කවුන්ට් ගැන හිතන්න කලින් අර මිල ගණන් ගැන කියපු 6 වෙනි පොයින්ට් එකට ආපහු ගිහින් එන්න. වෙන තැනක දාහට තියෙන බඩුව, ඒ විදියටම මෙතන තියෙන්නේ 1500 ට නම්, ඒකෙන් 30% ක ඩිස්කවුන්ට් දුන්නත් වැඩක් නෑ. ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක බැලුවත් අපි රුපියල් 50 ක් වැඩිපුර ගෙවලා. ආන්න ඒ නිසා එහෙම හොර ඩිස්කවුන්ට් ගැන නැතුව හරි ඩිස්කවුන්ට් ගැන සැලකිලිමත් වුනාට වරදක් නෑ. විශේෂයෙන්ම ඔය ක්‍රෙඩිට් කාඩ් වලට දෙන ඩිස්කවුන්ට් නම් ගොඩක් වෙලාවට ෂුවර් කරන්න පුළුවන්.