Tuesday, September 29, 2020

රෝද දෙකෙන් පටන් ගෙන රෝද හතරට ගිය හොන්ඩා ගේ අපූරු කතාව


යතුරුපැදි හෙවත් මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් ඊට එක එල්ලේ දිය හැකි පිළිතුර වෙන්නේ ‘හොන්ඩා’ යනුවෙනි. හොන්ඩා යන නාමය ශ්‍රී ලාංකීය ජනතාව අතර වඩා ප්‍රකටව ඇත්තේ ද යතුරුපැදි සහ මෝටර් රථ නිසාය. වාර්තා උපුටා දක්වන පරිදි හොන්ඩා මෝටර් සයිකල් නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ 1959 වසරේ සිටය. 2019 වනවිට පමණක් මිලියන 400ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් සිදුකර ඇති බැව් සඳහන් වේ. 2001දී පමණ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයෙහි දෙවැනි තැනට පත්වූයේ ‘හොන්ඩා’ නාමයයි. එමෙන්ම 2015 පමණ වනවිට ලොව මෝටර් රථ සහ මෝටර් සයිකල් නිෂ්පාදනයෙහි අටවැනි තැන පසුවූ හොන්ඩා 2020 වනවිට ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවැනියා බවට පත්ව අතැයි සඳහන් වේ.   


පසුගිය සමයේ වතාවක හොන්ඩා ආයනය තම ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතක පමණ මුදලක් ආයෝජනය කළේ සංවර්ධනීය සහ පර්යේෂණ කටයුතු වෙනුවෙනි. කිසියම් සමාගමකට නිෂ්පාදන අලෙවියේ දී වෙනත් රටක දී ශුද්ධ ආදායම් ලබන අපනයනකරුවකු ලෙස ප්‍රමුඛස්ථානයට පත්විය හැකි නම්, එය එම සමාගම ලබන්නා වූ විශේෂිත ජයග්‍රහණයකි. ‘හොන්ඩා’ මෙලෙසින් ඇමරිකාවේ දී එම ඉලක්කය සපුරාලූයේ 2013 දී පමණය. එමෙන්ම එක්සත් ජනපදයේ දී ශුද්ධ අපනයනකරුවකු වූ ප්‍රථම ජපාන මෝටර් රථ නිෂ්පාදන ආයතනය වූයේ ද හොන්ඩාය. Power of Dreams හෙවත් සිහින ප්‍රබල යැයි යන තේමාව කරගෙන සිහින යනු බලවත් දෙයක් යැයි ද කියන ‘හොන්ඩා’ ගැන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි තවත් රසවත් හරවත් විස්තර දැන ගනිමු.   


සොයිචිරෝ හොන්දා හෙවත් සොයිචිරෝ හොන්ඩා   


සොයිචිරෝ හොන්ඩා යනු හොන්ඩා සමූහ සමාගමේ නිර්මාතෘවරයාය. හොන්ඩා යනු ඔහුගේ පෙළපත් නාමය වේ. ‘සොයිචිරෝ’ යන්නෙහි තේරුම පවුලට ප්‍රමුඛත්වය ගෙන දුන් පුත්‍රයා හෙවත් පවුලට සතුට ගෙන දුන් පුත්‍රයා යන්නය. ‘හොන්ඩා’ යන්නෙහි තේරුම ලෙස සඳහන් වන්නේ බැතක මූලය හෙවත් නියමාකාරයෙන් යුතු සහල යන්නය. නාමයෙහි අරුත පසුකාලීනව ප්‍රායෝගික කළ මේ සොයිචිරෝ හොන්ඩා කවුද?   


ගිහෙයි හොන්ඩා නම් වූ ඔහුගේ පියා කම්මල්කරුවකු විය. ඔබට මතක ද කොරියාවේ ‘හුන්ඩායි’ ගේ මුල් කාලීන ජීවිතයේ හැඩතල? මේ ජපානයේ ‘හොන්ඩා’ යනු හුන්ඩායි මෙන්ම දරිද්‍රතාවයෙන් වෙලී ගැලී දිළිඳුකමේ අන්තිම පතුලේ සිටි පවුලකට අයත් වූ දරුවකු විය. ඉවාතා දිස්ත්‍රික්කයේ ෂිසුඕකා හි හමාමත්සු යනු එවැනිම ඉතා අඩු පහසුකම් යටතේ තිබූ පළාතක් වූ අතර මෙම හොන්දා හෙවත් හොන්ඩා උපත ලැබුවේ 1906 නොවැම්බර් මාසයේ 17 වැනිදා එහිදීය. තාත්තා කම්මල්කරුවකු ලෙස කටයුතු කරමින් සිටිය දී මව ‘මිකා’ කළේ පේෂකර්මාන්තයේ නියැලී කටයුතු කිරීමය. කුඩා හොන්ඩා වැඩිපුර උනන්දු වූයේ තාත්තා බයිසිකල් රෙපෙයාර් කළ පුංචි කම්මලට වී අත්උදවු දීමටය. කෙටියෙන් කිවහොත් වත් පොහොසත්කම් තිබූ පවුල්වල අයගේ දරුවනට මෙන් ප්‍රාථමික ළමා වියෙ හිදී සෙල්ලම් කිරීමට නොයෙක් වර්ගයේ සෙල්ලම් බඩු ඔහු දෑහටවත් දැක නොතිබිණි. ඔහුගේ සෙල්ලම් බඩු වූයේ බයිසිකල් චේන් කෑලි, රේසර් බෝල වැනි ලට්ටා-පට්ටය. තවත් විදියකට කිව්වොත් කුඩා අවදියේ දී මේ හොන්ඩා හට ජීවිතය ගෙවීමට සිදුවූයේ සුන්බුන් බවට පත්ව තිබූ පාපැදි කොටස් සහ යකඩ කෑලි තිබූ වටපිටාවකය. දරිද්‍රතාවයෙන් වෙලී සිටි නිසාදෝ නැතහොත් දෛවයේ කුමක් හෝ සරදමකට නතුව සිටි ‘හොන්ඩා’ පාසල් යෑමට වඩා උනන්දු වූයේ තාත්තා පුංචි බයිසිකල් රෙපෙයාර් කළ තැනට වී සිටීමට මෙන්ම යන්ත්‍රෝපකරණ ගැන දැන ගැනීමටය. ගමේ පාසලේ ඔහුගේ පංතියේ ළමුන්ගේ ප්‍රගති වාර්තා ලැබුණු පසු ළමෝ ඒවා ගෙදර ගෙන ගියේ සතුටිනි. එහෙත් ‘හොන්ඩා’ පාසල් කට්ටි පැනීම කළ නිසා ප්‍රගති වාර්තාව ඔහු හට ප්‍රදානය නොවුණි. ඒ හැරත් ප්‍රගති වාර්තාව ගෙදරට ගෙන ගිය පසු මව්පියන් ලවා එහි අත්සන් යොදා නැවත පාසලට ගෙනැත් දීමට සිදුව තිබිණි. පාසල් නොයා කට්ටි පැන්න මේ ඇට්ටර කොල්ලා දිනෙක හරි මරු වැඩක් කළේය. එනම් පවුලේ මුද්‍රාව යැයි පෙන්වීම සඳහා පා පැදි රබර් පැඩලයේ කොටසක් භාවිතා කොට මුද්‍රාවක් එනම් රබර් සීල් එකක් නිර්මාණය කර ගත්තේය. මෙලෙසින් අනෙක් ළමුනට ද ව්‍යාජ ලෙස ඒවා සකස් කර දුන්නේය. පුංචි හොරාගේ කෙරුවාව පාසලේ ගුරුවරුන් හට අතටම අසුවිණි. ඒ ගැන වගේ වගක් නැතුව තමාගේ ළමා ලොකයේ හොන්ඩා ජීවත් වූයේ මහ පොළොවේ මෙන්ම පරිසරයේ සුවඳ ද ආඝ්‍රාණය කර ගනිමිනි. එකී කුඩා ළමා වියේ දී තම ගමට ආ මෝටර් රථයක් දැක ගැනීමට ඔහු හට හැකිවිණි. එය ඔහුගේ ගමට ආ අතිශය ප්‍රථම මෝටර් රථය මෙන්ම ස්වකීය ජීවිතයේ දී මුල් වරට ‘හොන්ඩා’ දරුවා හට මෝටර් රථයක් දැක ගැනීමේ වාසනාව ලැබුණු ප්‍රථම අවස්ථාව විය.   


‘එදා මම මේ රථය ළඟට දිව ගියේ පිස්සෙක් වගෙයි. ගිහින් ඒ දිහා බලා සිටියා. රථයෙන් දහනය වී ගලා ආ ඉන්ධන සුවඳ, නැතිනම් තෙල් සුවඳ මට අද වගේ මතකයි. ඒ සුවඳ මට කිසිදා අමතක කළ නොහැකියි’ සොයිචීරෝ හොන්ඩා, පසුකාලීනව දේශනයක දී පවසා තිබුණේ එලෙසිනි.   


රථයකින් හමා ආ යාන්ත්‍රික තෙල් සුවඳ එදා ඔහුට ගෙන දුන්නේ අනාගත ජීවිතය සුවඳවත් කර ගැනීම වූ ඉමිහිරි සුවඳක්ම විය.   


තාත්තාගේ කම්මලට රෙපෙයාර් කිරීමට ගෙනැත් දී තිබුණු බයිසිකල් හිමිකරුවකුගේ බයිසිකලයක් ණයට ඉල්ලාගෙන සොයිචිරෝ ගුවන් නියමුවකු විසින් සාදා තිබූ ගුවන් යානයක ආකෘතියක් නැරැඹීමට දිනෙක ගියේය.   


‘මටත් අලුත් දෙයක් කරන්න ඕනෑය’ කියන අදහස ආවේ එදා තමයි. පසුකාලීනව තමාගේ සිහින ලිහා දමමින් සොයිචිරෝ එලෙස සිහි ගන්වා තිබිණ.   


අනෙක් අයගේ මෙන් මටසිළුටු නොවූ ඔහුගේ සිහින වඩාත් යාන්ත්‍රික සිහින විය.   


රළු-පරළු ජීවිතයක් ගමේ සිට ගෙවා දමමින් සිටි කුඩා සොයිචිරෝ හොන්ඩාගේ වයස අවුරුදු පහළොවකට ආසන්න වෙමින් තිබියේය.   


‘මගේ ගමනාන්තය තිබෙන්නෙ මෙතැන නෙවෙයි, කෙසේ හෝ මා තෝකියෝව බලා පලා යා යුතුයි’ කියා හේ කල්පනාවේ නිමග්න වූවේය. ඒ වෙනවිට විධිමත් අධ්‍යාපනයක් නොලබ සිටි ‘හොන්ඩා’ ජීවිතයේ අස්වැන්න නෙළා ගැනීමට නම් මුලින්ම ‘ටෝකියෝ’ හිදී රැකියාවක් කළ යුතු යැයි විශ්වාස කළේය. විධිමත් අධ්‍යාපනයක් නොලබා සිටියෙකු වුවද ඔහුට දැක්මක් තිබිණි. ඔහු ටෝකියෝවේ සිට හඹා යාමට පටන් ගත්තේ ඒ අරමුණ ඔස්සේය.   


1922 දී පමණ මුලින්ම ගරාජයක අත්උදවු කරමින් සහ පුහුණුව ලබමින් ආධුනිකයකු ලෙස පුහුණුව නිම කිරීමට ඔහුට හැකිවිණි. ඉනික්බිතිව තමා කරන්නේ කුමක් ද යන්න ගැන කුහුලින් පසුවුණු ඔහු තවදුරටත් එම ගරාජයේ සේවය කරමින් ගත කිරීමට ඉටා ගත්තේය. සමහර වාර්තාවල සටහන්ව ඇත්තේ එදා මුලින්ම ටෝකියෝවට ආ පසු ගරාජයේ රස්සාව කෙසේ වෙතත් ගරාජය හිමිකරුගේ දරුවා බලා ගැනීමේ වගකීම හොන්ඩා හට පැවැරී තිබුණු වගය. තමාට තමාගේම ගරාජයක් දැමීම අරමුණු කරගත් නිසාවෙන් උදේ, දිවා, රාත්‍රි නොබලා කටයුතු කළ ඔහු පසුව එම ගරාජයේ කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කරමින් බොහෝ දේ ප්‍රායෝගිකව උගත්තේය. විටෙක ඔහු නිදා ගත්තේ එම ගරාජයේ බංකුවක් මතය. පැය විසිහතරම මෙන් වැඩේට බැහැලා හිටපු නිසා මහන්සියක් ඇතිවූ විට බංකුවේ ඇල වී සුළු නින්දක් ලද බව පැවැසිය හැකිය. මේ දුෂ්කර කාල පරිච්ඡේදය සය වසරක් යන තෙක් ගත කිරීමට ඔහුට සිදුවිණි.   


කාර්මික ශිල්පියකු ලෙස කටයුතු කරන අතරේ විවිධ අත්හදා බැලීම් මෙන්ම අලුත් යමක් නිර්මාණය කිරීමේ කුතුහලයෙන් ද පසුවූ හොන්ඩා තරුණයා යම් යම් අලුත් නිෂ්පාදන කිරීමට පෙළැඹුණේ ඉතා දැඩි ලෙස මහන්සි වී උපයාගත් මුදල භාවිතා කරමිනි. එහි අවසන් ඵලය වූයේ තමාගේම ගරාජයක් 1928 දී පමණ ඔහු හට ඇරැඹීමට හැකිවීමය. ගමට යාම පසෙකලූ ඔහු එම ගරාජයේ සිට සේවා ලබාදෙන අතරේ ඉහත කී අයුරින් අලුත් නිර්මාණ කිරීමට කටයුතු කළේය. වාහන මෝටර් රථවල එංජින් සඳහා පිස්ටන් ක්‍රියාත්මක කරවා ගත හැකි පිස්ටන් රින්ග්ස් හෙවත් වළලු නිර්මාණයට පෙළැඹුණේ ඒ අතර වාරයේ දීය. මේ සියල්ලට පෙර 1923 දී ජපානයේ භූමිකම්පාවක් ඇතිවූ මොහොතේ ගරාජයේ තිබූ මෝටර් රථ තුනක් වහාම ගින්නෙන් බේරා ගැනීම වෙනුවෙන් පදවා ගෙන ගිය ඔහු එය කළේ ඊට පෙර සුක්කානම හුරුව තිබූ දෑතින් නම් නොවේය.   


1924 දී පමණ ෂෝකායි ගරාජයේ හිමිකරුගේ සහෝදරයින් සමග එක්ව මෝටර් රථ ධාවන තරග සඳහා සුදුසු පරිදි මෝටර් රථයක් ධාවනය කළ හැකි පරිදි නිමවා ගත් සොයිචිරෝ එම සහෝදරයින් දෙදෙනා සමඟ පස්වැනි ජපාන මෝටර් රථ ශූරතා ධාවන තරගයට ඉදිරිපත් විය. කාර්මික ශිල්පියකු ලෙස සිටි ඔහු හට තම කණ්ඩායමට ජයග්‍රහණය ලබාදීමට එහිදී හැකිවිණි. ආට් ෂෝකායි ගරාජයේ සිට සෑම අංශයකින්ම වැඩ පෙන්වූ මෙම ජව සම්පන්න තරුණයාගේ හැකියාවන් නිසා ෂෝකායි ගරාජය සීඝ්‍ර දියුණුවක් ලැබූ අතර ඒ නමින් ශාඛා කිහිපයක්ම ව්‍යාප්ත කිරීමට හිමිකරුවාව සිටි සකාකිබාරා පියවර ගෙන තිබුණි.   


ආට් ෂෝකායි ගරාජය යනු නිකම්ම වාහන රෙපෙයාර් කරන තැනක් නොවූ අතර අලුත් අලුත් උපාංග සොයා ගැනීම් කළ තැනක් ලෙස ජනතාව අතර ප්‍රකට වූයේ සොයිචිරෝ හොන්ඩාගේ නිර්මාණශීලිත්වය නිසාමය.   


ලෝ ප්‍රකට ටොයෝටා සමාගම හට ඔහු විසින් තනන ලද ‘පිස්ටන් රිං’ අලෙවි කිරීමේ ඇණවුම ලැබී තිබුණ ද ඒවායෙහි තත්ත්වය හොඳ මට්ටමක නොතිබුණු නිසා ටොයෝටා සමාගම ඒවා ගැනීම ප්‍රතික්ෂේප කළ බැව් සඳහන්ය. එයින් පසුබට නොවූ හොන්ඩා තරුණයා තව තවත් අත්හදා බැලීම් කරමින් තමාගේ ගමන යන අතරේ ඉංජිනේරු සහ කාර්මික අංශයේ දැනුම වැඩි දියුණු කර ගැනීම උදෙසා වැඩිදුර අධ්‍යාපනය සඳහා පෙළැඹී සිටියේය. අවසන එහි ඵලයක් ලෙස එදා මුල්වරට ප්‍රතික්ෂේප වූ තමාගේ නිර්මාණ ගුණාත්මක මට්ටමින් නිමවා ටොයෝටා සමාගම වෙත ලබාදීමට හැකිවූ බව සඳහන් වේ. හමාමත්සු පළාතේ ෂෝකායි ගරාජයේ ශාඛාවක් විවර කර තිබුණු අතර එය මෙහෙය වූයේ හොන්ඩා තරුණයාය. ඔහු වැඩිදුර මෝටර් රථ අංශයේ උසස් අධ්‍යාපනය ලැබුවේ එහි තාක්ෂණික විද්‍යාලයෙනි.   

 

සොයිචිරෝ හොන්ඩා බිරිඳ සමග

 


ඇසකට තුවාලවීම   


එලෙසින් කටයුතු කරමින් සිටි අතරේ හොන්ඩා තරුණයා 1936 දී පමණ ජපාන මෝටර් රථ ධාවන තරගයට ඉදිරිපත් වූයේ ටර්බෝ චාර්ග් ලෙස අලුත්වැඩියා කර තිබූ ෆෝර්ඩ් රථයක් උපයෝගී කර ගනිමිනි. ඔහුගේ සහෝදරයා ද මෙම ධාවන රථ තරගයට එක් කරගෙන සිටි අතර ධාවනයේ දී රථය අනතුරට පත්වුණි. හොන්ඩා තරුණයාගේ දිවි ගැලවුණේ ඇසකට දරුණු ලෙස හානි ගෙන දෙමිනි. සහෝදරයා ද අනතුරින් තුවාල ලැබීය. මෝටර් රථ ධාවන තරග සඳහා සමුදුන් සොයිචිරෝ හොන්ඩා නව සොයාගැනීම් සහ පර්යේෂණ ආදියෙහි නිරන්තරයෙන් ඇලී ගැලී වෙලී සිටි අතර 1937 දී පිස්ටන් වළලු නවතාවයෙන් සහ උසස් තාක්ෂණයෙන් යුතුව නිපදවා ටොයෝටා ඇතුළු මෝටර් රථ නිෂ්පාදන ආයතන වෙතින් ඇණවුම් ලබා සිටියේය. 

 
‘හොන්ඩා’ නිර්මාණ කළ එලි බැසීම

   
පිස්ටන් වළල්ලෙන් තමාගේම නව ගමනක් අරඹා තිබූ ‘හොන්ඩා’ එකී ගමන යමින් සිටියදී දෙවැනි ලෝක යුද සමය ඇරැඹී තිබිණි. ඇමෙරිකානුවන් මුදාහළ බෝම්බයක් නිසා හොන්ඩා ස්ථාපිත කර තිබූ පිස්ටන් නිපදවීමේ කම්හල පොළවට සමතලා වුණි. එහෙත් නැවත​ ධෛර්යෙන් නැගී සිටි ඔහු නොසැලී ගමන යමින් සිටියේය. දෙවැනි ලෝක යුද්ධයේ නිමාවට පෙර නැවතත් භූමිකම්පාවක් ඇතිවුණි. එය හැඳින් වූයේ 1945 මිකාවා භූමිකම්පාව නමින්ය. අවශේෂ වූ සියලු කොටස් සහ පිස්ටන් නිපද වූ යාන්ත්‍රණ සියල්ල ටොයෝටා වෙත යෙන් හාර ලක්ෂ පනස් දහසකට විකුණා දැමීය. ඒ ලද මුදලින් 1946 දී පමණ යුද්ධයේ නිමාව සමග තාක්ෂණික පර්යේෂණ ආයතනය නමින් තමාගේ ආයතනයක් ස්ථාපිත කළ හොන්ඩා නව සොයා ගැනීමක් කිරීමට නිතර උනන්දුවී සිටියේය. එහි ඵලයක් ලෙස 1948 දී පාපැදියකට මෝටර් එංජිමක් සවිකොට තනන ලද TYPE-A නමැති යතුරු පැදිය හඳුන්වාදීමට ඔහුට හැකිවිණි. හොන්ඩා නාමයේ ප්‍රථම මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇරැඹුම එයම විය. දෙවැනි ලෝක යුද්ධය නිසා අඬු කඩාගෙන සිටි සොයිචිරෝ හොන්ඩා එලෙසින් පටන් ගත් ගමන 1959 වනවිට දියුණු කර ගත්තේ ඇමරිකාවට හොන්ඩා මෝටර් සයිකල අපනයනය කරමින්ය. අතීතයේ දී ඇමරිකානු බෝම්බ ප්‍රහාර හමුවේ මේ ජපනාගේ පිස්ටන් නිෂ්පාදනාගාරය සුන්බුන් ගොඩක් බවට පත්වූ බව අප සඳහන් කළෙමු. එහෙව් වූ අකාරුණික අතීතය අමතක කර දමා ඇමෙරිකාවට අපනයන යැවීමට තරම් සමත්වීම ප්‍රකාශ කරන්නේ ජපනාගේ හපන්කම නිසාම නොවේද?   


‘හොන්ඩා’ ලෝකය 

 
යතුරු පැදි නිෂ්පාදනයෙන් එවකට කප් ගසා සිටියේ ට්‍රම්ප් සහ හාලි ඩේවිඩ්සන් නාමයේ ඒවා වුවද ඒ සියල්ල අභිබවා හොන්ඩා යතුරු පැදි නාමය ලොව වෙළා ගත්තේ රැල්ලක් මෙනි. දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමඟ ජපානයේ හමාමත්සු නගරයේ දී හොන්ඩා සමාගම  බිහිවූ බව සඳහන් කළ හැකිය. එය සංස්ථාපිත සමාගමක් බවට පත්වූයේ 1948  සැප්තැම්බර් 24 වැනිදාය. හොන්ඩා මෝටර් කම්පැනි නමින් එදා සොයිචිරෝ මේ මහා  ගමන ආරම්භ කළේ ව්‍යවසායකයකු වූ තතේඕ ෆුජිසාවා සමග එක්වය. හොන්ඩා මෝටර්  සමාගමේ මූල්‍ය කටයුතු අංශය භාරව කටයුතු කරමින් හොන්ඩා නාමය ලෝක සළකුණක්  කිරීමට ඔහුගෙන් ලැබුණේ ද නොමද සහායකි. එතෙක් රෝද දෙකේ ගමනක් යමින් සිටි  හොන්ඩා සමාගම රෝද හතරෙ ගමන ඇරැඹුවේ 1967 දී පමණය.  


ඒ වනවිට යතුරු පැදිවලට අමතරව මෝටර් එංජින් මෙන්ම තවත් බොහෝ උපාංග හොන්ඩලා හට නිපදවීමට හැකිව තිබිණි. පසුකාලීනව ‘හොන්ඩා’ සමාගම අංශ කිහිපයක් ඔස්සේ විහිදී පැතිරී ගිය සමූහ සමාගමක් බවට හැරවුණි. මෝටර් සයිකලයෙන් මෝටර් එංජින් නිපදවීමට ද පසුව මෝටර් රථ නිපදවීමට ද පෙළැඹ සිටි හොන්ඩා ලොව එංජින් නිපදවන ප්‍රමුඛතම සමාගම බවට පත්වූයේය. එක් තැනෙකින් පමණක් නොනැවතුණු හොන්ඩා නාමය ඉදිරියේ ගුවන් යානා මෙන්ම නවීනතම රොබෝ යන්ත්‍ර පවා අද වනවිට නිෂ්පාදනය වී හමාරය. එලෙසින් හොන්ඩා සමාගමට බොහෝ දේ කළ හැකි වූයේ සොයිචිරෝ හොන්ඩා සතුවූ පර්යේෂණ කිරීමේ දර්ශනය නිසාය. එක් දෙයක් සොයාගෙන නොනැවතුණු ඔහු බොහෝ ගවේෂණ කරමින් ‘හොන්ඩා’ නාමය යටතේ නිෂ්පාදනය කළ දේ නම් සැබැවින්ම විශ්මිතය. මෝටර් රථ ක්ෂේත්‍රයේ දී ජපානයට ගෙන දුන් නවතාවය නිසා ජපාන ජනතාව සොයිචිරෝ හොන්ඩා හඳුන්වන්නේ ‘ජපානයේ හෙන්රිෆෝඩ්’ යනුවෙනි.   

 

 


ජපානයේ හෙන්රිෆෝඩ් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින් වූ සොයිචිරෝ හොන්ඩාගේ පුද්ගලික ජීවිතය හා දර්ශනය   


මෝටර් රථ හා මෝටර් එංජින් ඇතුළු ගුවන් යානා මෙන්ම රොබෝ තාක්ෂණ නිමැවුම් ක්‍රියාවලියෙහි ද පෙරමුණට ආ ‘හොන්ඩා’ යනු ජපානයේ මෝටර් රථ හා මෝටර් ඉංජිනේරු මෙන්ම තාක්ෂණික අංශයට වැදගත් මුද්‍රාවක් සළකුණක් ලෝක සිතියමේ සනිටුහන් කළ සාඩම්බර සමූහ සමාගමකි. ඒ අභිමානය පිටුපස සිටි අභිමානවත් මිනිසා සොයිචිරෝ හොන්ඩාමය. උපාධි පිටුපස හඹා ගොස් උපාධි ගන්නා පිරිස බොහෝ වෙති. එහෙත් ඒ අතරින් ප්‍රායෝගික වී ලෝකය සැරැසීමට හැඩ කිරීමට දායක වෙන්නේ අතළොස්සක් දෙනා පමණකි. ඒ අතින් මේ සොයිචිරෝ හොන්ඩා යනු ලියැවිල්ලකට, කියැවිල්ලකට, ළතැවිල්ලකට, වැළපිල්ලකට වඩා අතිශයින්ම ප්‍රායෝගික වූ මිනිසකු නොවේද?   


අතීතයේ දී පාසලින් කට්ටි පැනපු හොන්ඩා ඒ කට්ටි පැනීම වෙතින් සමාජයට එපා කරපු මිනිසකු නොවීය. රස්තියාදුකාරයකු ද නොවීය. සියවස් ගණනාවකට ප්‍රායෝගික වූ මිනිසකු ලෙස මහා සළකුණක් තැබූ මිනිසකුම විය. ඔහු සහ ඔහුගේ බිරිඳ ගුවන් නියමු බලපත්‍රලාභීන් වූයේ වයස අවුරුදු හැට ඉක්මවා තිබූ වයසේ දීය. ළමා වියේ දී දරිද්‍රතාවයේ පතුලේ සිටි ‘හොන්ඩා’ ජීවිත ගමන නිමා කළේ වඩාත් අර්ථාන්විත මෙන්ම ප්‍රායෝගික වූ මිනිසකු ලෙසිනි.   


විශ්‍රාමික සමයේ දී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව, රේසිං කාර් ධාවනය කරවීම, ගුවන් ක්‍රියාකාරකම් සහ වා බැලුනයෙන් යෑම වැනි දේ විනෝදාංශ ලෙස කළේය. ‘හොන්ඩා’ සමාගම නිර්මාණය කළ සොචිහිරෝ හොන්ඩා සහ තකේඕ ෆුජිසාවා කිසි දිනෙක තම පුතුන් හට හොන්ඩා සමූහයේ නියැලී කටයුතු කිරීමට බල නොකළේය.  


මෙනිසා හොන්ඩාගේ පුතු වන හිරෝතෝෂි හොන්ඩා Mugen motor sports නමින් තමාගේම සමාගමක් ස්ථාපිත කිරීමට 1973 දී පමණ හැකිවිණි. මෝටර් රථ ධාවන තරග සඳහා වූ සුපිරි මෝටර් රථ නිපදවීම ඒ මගින් සිදුවූ අතර පසුව තම පියාගේ හොන්ඩා සමාගමට ද ‘රේසිං කාර්’ නිර්මාණය කර දුන්නේය. 1991 අගෝස්තු 6 වැනිදා හංගිරියානු ගෝන් ෆ්‍රී මෝටර් රථ ධාවන ඉසව්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය වී තිබුණේය. හොන්ඩා මහතා ඊට පෙරදා අසනීප තත්ත්වයෙන් පසුවිණි. එදිනම ‘හොන්ඩා’ නමැති මහා මිනිස් යන්ත්‍රය සදහටම අක්‍රිය වූවේය. හංගේරියානු ගෝන් ෆ්‍රී ජයග්‍රාහකයා කුසලානය සොයිචිරෝ හොන්ඩා මහතාගේ නාමයට පුද කළේය. ස්වකීය ජීවිත කාලයේ දී ‘හොන්ඩා’ මහතා ලද සම්මාන ගරු බුහුමන් නම්බුනාම බොහෝය. ඒ සියල්ලටත් වඩා වටින්නේ ඔහු ලෝකයට ලබාදුන් හොන්ඩා දර්ශනයයි. ජීවිතය කෙතරම් නම් අරුත් සම්පන්න ද බර ද විශාල ද යන්න වටහා ගැනීමට සොයිචිරෝ හොන්ඩාගේ ජීවිතය වෙතින් ගත හැකි දේ නම් බොහෝය.

උපුටාගැනීම - 2020/09/19 ලංකාදීප පුවත්පතෙනි.


 

Saturday, September 19, 2020

මුදල් ආයෝජනය කරන්න කැමති ඔයාට හොදම අන්තර්ජාල ආයෝජන ක්‍රම කීපයක් මෙන්න.



ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. මේ ලිපිය වැදගත් වෙන්නේ ඔයා ගාව මුදල් තිබෙන ආයෝජන අවස්ථා කෙරේ උනන්දු හා අයෝජනය කරන්න කැමති කෙනෙක් නම් විතරයි. අපි හැමෝම දන්නවා ලෝකෙ දැන් ඉන්න ලොකුම පෝසත්තු ගත්තොත් ඉන් මුල් 10න් 6ක් විතරම අය ඉන්නෙ මේ අන්තරජාලයත් එක්ක සම්බන්ධ ව්‍යාපාර කරන අය. ඒ අතරින් Facebook නිර්මාතෘ Mark Zuckerburg, අලි බබා නිර්මාතෘ Jack Ma වගේම ලෝකෙ ලොකුම පොහොසතා වන Amazon හි අයිතිකරු වන Jeff Besos ත් කැපී පෙනෙනවා.
ඉතින් ඔයාලත් මේ අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාරයකට හොද දැනුමක් හා දිගු කාලීන සැලසුමක් ඇතිව ආයෝජනය කලොත් වසර 10ක් වගේ කාලයක් ඇතුලත ඔයා මිලියන පතියෙක් වෙනවාමයි කියලා තමා මගේ අදහස. හැබැයි අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර බොහොම අවධානම් කියලත් මම කියන්න ඕනෙ. මොකද මේ වැඩේ හරියට දැන ගියොත් කතරමග නොදැන ගියොත් අතරමග වගේ දෙයක්. ඒ නිසා ඔයා මේ අන්තර්ජාල ව්‍යාපාර මොකකට හරි ආයෝජනය කරන්න යනවානම් ඒ ගැන හොදට අධ්‍යනය කරලා ඉගෙන ගෙන මුලින් පොඩිවට ආයෝජනය කරලා පස්සෙ දැනුම ත් එක්ක අයෝජනය කිරීම් වැඩි කරන්න.
ඉතින් අපි එහෙනම් බලමු අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් සාර්ථක ආයෝජන ක්‍රම කීපයක් ගැන.




1) වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම
මම මේ බ්ලොගයේ දිගින් දිගටම කියපු දෙයක් තමා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න සාර්ථකම ක්‍රමය විදියට මම දකින්නේ මේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියකට ආයෝජනය කිරීම කියලා. සාමාන්‍යයෙන් වෙබ් අඩවියකින් හෝ බ්ලොග් අඩවියකින් මුදල් උපයන්න සාමාන්‍යයෙන් අඩුම මාස 6-7ක් වත් ගත වෙනවා. නමුත් ඔබ ඒ කාලය ඉවසාගෙන දිගින් දිගටම කරගෙන වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය කරගෙන ගියොත් ඔබේ ආදායම් කාලයත් සමග එන්න එන්නම් වැඩි වෙනවා. වෙබ් අඩවියක් ලෙස මම මෙතන්දි අදහස් කරන්නේ E-commerce වෙබ් අඩවියකි. ඉතින් ඔබට ඔබේම Shop එකක් වගේ තියෙනවනම් වෙබ් අඩවියක් හදලා ඒක Promote කලොත් ඔබේ ව්‍යාපාරය තවත් Grow කරගන්න ඔයාලටම පුලුවන්. E-commerce වෙබ් අඩවියක් නිර්මණය හා පවත්වාගෙන යාම තරමක් සංකීර්ණ කටයුත්තක්. මේ හරහා ඔබට ඔබේම නිෂ්පාදන හා සේවා අලෙවි කරගන්න පුලුවන් වගේම තවත් ගොඩක් ක්‍රම වලින් මුදල් උපයන්න පුලුවන්. ඉතින් E-commerce වෙබ් අඩවියකින් මුදල් උපයන්න අදහස් කරන අය ‘How to make money E-commerce Website’ කියලා ගූගල් කරලා බලන්න. ඕනෙ තරම් විස්තර ඔයාලට හොයාගන්න පුලුවන් වෙයි.
ඉතින් මේ Ecommerce වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ඔයාලට ඕනෙ නම් Contact Us පිටුව හරහා අපිට කතා කරන්න.
බ්ලොග් එකක කතාව මීට වඩා වෙනස්. බ්ලොග් අඩවියකදි වෙන්නේ මොකක් හරි විෂය ක්ෂේත්‍රයක් ගැන දිගින් දිගටම ලිපි ලිවීමයි. මෙතනදි ඔයාලගෙ බ්ලොගයට කාලයත් එක්ක එන Visitors ප්‍රමාණය වැඩි වෙන අතර ඒ හරහා ඔබට මුදල් ඉපයිය හැකි ක්‍රම රාශියකි.
1) Google Adsense
2) Affiliate Marketing
3) Direct Advertising
4) Sponsorships
5) Selling Own Products
ඉතින් ඔයා බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න කැමති වගේම ඒකට හොද අදහසක් තියෙනව නම් ඔයා බ්ලොග් එක පටන් ගන්න ඕනෙ WordPress වල.



2) Youtube Channel එකක් ආරම්භ කිරීම
මේකත් කාලයක් යනකොට ලොකු අදායම් මාර්ගයක් බවට පත් කරගන්න පුලුවන් හොද අන්තර්ජාල ආයෝජනයක්. ඔයාට පුලුවන් නම් ටිකක් වියදම් කරලා හොද කැමරාවක්, මයික් එකක් අරන් හොද සැලැස්මක් ඇතිව වටිනා කමෙන් වැඩි Content නිර්මාණය කරන්න, අනිවාර්‍යයෙන්ම ඔයා ගොඩ යනවා ශුවර්. මොකද දැන් වැඩියෙන්ම Views එන්නෙ හොද කැමරා Quality එකක් තියෙන වීඩියෝ වලට විතරයි. මෙතනදි ඔයාට Video Editing ගැනත් ඉගෙන ගන්නම වෙනවා. ඒ ගැනනම් ඕනෙතරම් Tutorials Youtube එකෙන්ම ඔයාට හොයාගන්න පුලුවන්. 1000 subscribers හා Watch Time 4000 Hours වුනාම ඔයාට පුලුවන් Monetization Enable කරන්න. ඊට පස්සෙ ඔයාට තියෙන්නෙ Google Adsense රෙජිස්ටර් වෙලා මුදල් උපයන්න. ඒ වගේම මේ Youtube හරහා තවත් ගොඩක් ආකාරවලට මුදල් උපයන්න පුලුවන්.
3) Android App නිර්මාණය කිරීම
මෙන්න මේකත් කිසියම් ආයෝජනයකින් පස්සේ මුදල් උපයන්න පුලුවන් හොද ක්‍රමයක්. මෙතනදි ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකටම වුනත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදන්න. ඒ වගේම අලුතින් ඇප් හදලා Playstore දාලා Admob හරහා මුදල් උපයන්න. ඉතින් මේ Admob කියන්නෙ Google Adsense වලින්ම දෙන සේවාවක්. මෙතනදි ඔයාගෙ ඇප් එක පාවිච්චි කරන කෙනාට දැන්වීම් ප්‍රදර්ශනය වෙනවා වගේම ඒවා Click වෙද්දි ඔයාට මුදල් ලැබෙනවා. අපි හිතමු ඔයාගෙ ඇප් එකක් දහස් ගානක් දෙනා Download කරලා තියෙනවා කියලා, එතකොට ඒ ඇප් හැම එකකම ඔයාගෙ Admobs Ads පෙන්නවා විතරක් නෙමේ Download වැඩි වෙන්න වෙන්න ඔයාගෙ ආදායම් දෙගුණ තෙගුණ වෙනවා.
ඔයා මේ Android App හදන්න කැමති නම් ඒ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න වෙනවා. දැන් ඔයාලට Coding නැතිව උනත් ඇප් හදන්න පුලුවන් වෙබ් අඩවි හා වෙනත් ක්‍රම තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඉගෙන ගන්න තමා තියෙන්නෙ. ඔයාලට ඔයා හදන ඇප් එකක් Playstore දාන්න සාමාන්‍යයෙන් ඩොලර් 25ක් වගේ මුදලක් වැය වෙනවා. මෙතන්දි ඔයාට මුදල් ආයෝජනයක් අවශ්‍ය වෙන්නෙ ඇප් එකක් Playstore දාන්න වගේම ඇප් එක Promote කරන්න.
4) Bitcoin හා Forex
මුලින්ම කියන්න ඕනේ මේ Bitcoin වගේම Forex කියන්නේ අතිශය අවදානම් ව්‍යාපාර දෙකක්. ඔයාලා මේ Internet Money Field එකේ හිටපු කෙනෙක් නම් ඔයා දන්නවා අදින් අවුරුදු 5 කට කලින් බිට්කොයින් එකක වටිනාකම හා දැන් වටිනාකම කීයද කියලා. දැන් වටිනාකම 10 ගුණයකට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නෙ අපි හිතමු අපි ඩොලර් 25 ක බිට්කොයින් ඒ කාලෙ අරන් තිබුණා කියලා, දැන් ඒ කාලෙට වඩා බිට්කොයින් එකක වටිනාකම 10 ගුණයක් නම් ඔයා අර ආයෝජනය කරපු බිට්කොයින් වල දැන් වටිනාකම ඩොලර් 250යි. ඉතින් මෙතන්දි වෙන්නෙ බිට්කොයින් එකක වටිනාකම අඩු කාලෙක මිලදී අරන් වැඩි වුනාට පස්සේ විකුණා දැමීමක්. ඒ විදියට තමා මේ බිට්කොයින් වලින් මුදල් දෙගුණ වෙන්නෙ. ඒ නිසා ඔයා මේ බිට්කොයින් වලට ආයෝජනය කරනවා නම් හොදට හොයලා බලලා ආයෝජනය කරන්න. මොකද ඉස්සර වගේ අපිට Debit Card වලින් දැන් කෙලින්ම බිට්කොයින් ගන්න බැහැ. ඒ වගේම හොද සුරක්ෂිත Bitcoin Wallet, හොදම Bitcoin Exchange වෙබ් අඩවි වගේම ලංකාවට සල්ලි ගෙන්නා ගන්නේ කොහොමද කියලා දැන ඉගෙන ගන්නේ නැතිව නම් මේ දේට ආයෝජනය කරලා ඔයාගෙ සල්ලි නැති කරගන්න එපා කියලා මම ඉල්ලනවා. ඒ වගේම මුලින් ලොකු ගානක් දාන්නත් එපා. පොඩි ගානක් දාලා හරියට ඉගෙන ගත්තට පස්සෙ ආයෝජන වැඩි කරන්න ඔයාට පුලුවන්. ඒ වගේම Bitcoin වලට අමතරව තවත් ආයෝජනය කරන්න පුලුවන් Cryptocurrencies ඕනෙ තරම් තියෙනවා. මේ ඔක්කොම ඉගෙන ගෙන විතරක් කරන්න. මේ බිට්කොයින් ගැන සම්පූර්ණ දැනීමක් දෙන ලිපි නම් අඩුයි. Youtube එකේ Myhub.lk චැනල් එක කරන දිල්ශාන් අයියා මේ ගැන වීඩියෝ සීරීස් එකක් කරලා තිබුණා. ඕනෙ අය ඒ වීඩියෝ ටික හොයන් බලලා ඉගෙන ගන්න.
Forex කියන්නෙත් හරියට ඉගෙන ගෙන කලොත් ගොඩ යන්න පුලුවන් දෙයක් නමුත් මෙතන්දිත් ලොකු අවධානමක් තියෙනවා ඔයාට පාඩු වෙන්න පුලුවන්.මෙතන්දිත් වෙන්නෙ Currency දෙකක මිල ඉහල පහල යාම මත මුදල් ඉපයීමක්. ඒ නිසා මේ ගැන මුලින් හදාරන්න ඕනෙ. ඊට පස්සෙ ඔයාට පුලුවන් මේවට මුදල් ආයෝජනය කරන්න.
ඒ වගේම තවත් විශේෂයෙන්ම කියන්න ඕනෙ Binary Option, Iqoption වගේ දේවල් වලටනම් කිසිම දැනුමක් නැතිව ආයෝජනය කරන්න නම් එපා. මොකද ඒවා වල වෙන්නෙ නිකන් සූදු කිරීමක් වගේ වැඩක්. ඔයාගෙ සල්ලි නැති වෙන්න යන්නෙ බෝම පොඩි කාලයක්. ඒ නිසා ඔයා මොනාට ආයෝජනය කලත් කමක් නැහැ හොදට ඉගෙන ගෙන දැනගෙන ආයෝජනය කරන්න.
තවත් වැදගත් කරුණු කීපයක්
ඔයාලා බ්ලොග් එකක්, Youtube Channel එකක්, Android App එකක් වගේම Ecommerce වෙබ් අඩවියක් කරනවා නම් ඒවා Promote කිරීම අත්‍යවශ්‍යයි. එතන්දි මම ගොඩක්ම නිර්දේශ කරන්නේ Facebook Advertising. මොකද ලංකාවේ මිනිස්සු ඉලක්ක කරන්න හොදම තැන Facebook කියලයි මගේ අදහස. ඒ වගේම Ecommerce වෙබ් අඩවි කරන අයට Instagram Marketing කියන්නේ තවත් හොද දෙයක්. ඉතින් මම මේ ලිපියේ මුලින් කීවා වගේ ඔයාට පුලුවන් සල්ලි ටිකක් ආයෝජනය කරලා මේ ඔයා පටන් ගත්ත ව්‍යාපාර තවත් දියුණු කරගන්න. ඉතින් ඔයා Social Media Marketing කරන්න කලිනුත් ඒ ගැන අධ්‍යනය කරලාම කරන්න. මොකද නොදැන කලොත් ඔයා වියදම් කරන ගානට ප්‍රතිලාභ නොලැබෙන්න හැකියාව වැඩි නිසා.

Saturday, September 12, 2020

How to do Dropshipping Sinhala...


Dropshipping Explained
Dropshipping Explained

කට්ටියටම සුබ දවසක්.

අද මම කියන්න හදන්නේ අද වෙනකොට ලංකාවේ හුගක් කට්ටිය කරන්න ට්ර්යි කරන ඒත් හරි හැටි තේරෙන්නේ නැති ඔන්ලයින් බිස්නස් එකක් ගැන. සම්පූර්ණයෙන්ම පාහේ මම කියලා දෙන්නම්. ඒක හින්දා මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවන්න.

පටන්ගමු…

කට්ටියම අහලා ඇති eBay වලින් සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් තියෙන ප්රශ්නේ නම්, ලංකාවේ eBay නැහැනේ, ඉතින් කොහොමද සල්ලි හොයන්නේ? ඔන්න ඔය තැන්දී තමයි Dropshipping කියන වචනය එන්නේ.


How Dropshipping Work
How Dropshipping Work

eBay එකත් අහලා ඇති. Dropshipping කියන එකත් අහලා ඇති. AliExpress එකත් දැනගෙන ඉන්නවා ඇති. ඒත් මේ ඔක්කොම හරියට ගලපාගෙන, Feedback අරගෙන, අකවුන්ට් එක බෑන් කරගන්නේ නැතිව, Selling Limit එකත් වැඩි කරගෙන මාසයකට ඩොලර් 500කට නොඅඩුවෙන් හොයන්න පුලුවන් ක්රමය දන්නවද. අද මේ ඔක්කොම කියලා දෙන්න ලංකවේ සමහර ආයතන රු.25,000 සිට රු. 100,000 ක් දක්වා අය කරන බව දන්නවද. එහෙම ගානක් අය කරන එක වැරදියි කියලා මම කියන්නේ නැහැ. ඒත් එහෙම අය කරනවා නම් මේ වැඩේ මොනතරම් දුරට සාර්ථකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.

මේක හරියට කර ගත්තොත් තමන් දැන් කරන ජොබ් එක නවත්තලා ෆුල් ටයිම් බැහැලා කරන්න පුලුවන් වේවී. මේකේ තියෙන තවත් එක දෙයක් නම් මේකට කිසිම ආයෝජනයක් ඕන වෙන්නේ නැහැ. ඇයි කිව්වොත් මම මේක කියලා දෙනවට කිසිම ගානක් අය කරන්නේ නැති හින්දා. ඒ කියන්නේ මේ ලිපිය කියවලා ඉවර උන ගමන්ම මේ වැඩේ කරන්න පටන් ගන්න පුලුවන් කියන එකයි. අන්තිමට මේකේ තියෙන තවත් හොද දෙයක් නම්, දවසකට හරියට පැය 2ක් මේක කරගන්න පුලුවන් උනොත් හොදටම ඇති. ඒ කියන්නේ තමන්ගේ ජොබ් එක කරන අතරවාරයේ මේක කරගන්න පුලුවන් කියන එකයි.

මම දන්න තරමින් Wealthy Affiliate එකෙන් පස්සේ සල්ලි හොයන්න තියෙන හොදම ක්රමය නම් මෙයයි.

මේ වැඩේ කරගන්න ඕන කරන දේවල්;

  1. Laptop/Desktop – අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් තියෙන්න ඕන. සාමාන්යයෙන් අන්තර්ජාලය සැරිසරන්න පුලුවන් තරමින් තියෙනවා නම් එච්චරයි.

  2. Internet – අන්තර්ජාල පහසුකමක්.

  3. eBay Account – මේක කරන්න සාමාන්යය eBay ඇකවුන්ට් එකක් අවශ්යයි. ඒ ගිණුම පරණ වෙන තරමට හොදයි. ඒක හින්දා අදම ගිණුමක් හදාගන්න.

  4. AliExpress Account – AliExpress ගිණුමකුත් අනිවාර්යයෙන්ම ඕන. ඒ ගිණුමෙන් භාණ්ඩ මිලදී ගැන තිබෙනවානම් තවත් හොදයි.

  5. දිනකට පැයක්

  6. Smartphone එකක්

eBay – AliExpress Dropshipping කියන්නේ මොකක්ද?

eBay කියලා කියන්නේ ලෝකයේ තියෙන ලොකුම විද්යුත් වෙළෙඳපොළක්. ඒක හින්දා ඒකට දවසකට එන පාරිභෝගිකයන් මිලියන ගනන්. හුගක්ම පාවිච්චි කරන්නේ ඇමෙරිකානු රටවල්, යුරෝපීය රටවල් වල මිනිස්සු. අපි සල්ලි හොයන්නේ ඔවුන්ගෙන්. ඒක හින්දතමයි මේක මේ තරම් සාර්ථක මුදල් සෙවීමක් වෙන්නේ. මේ වගේ රටවල ජීවන තත්ත්වය බොහෝ සෙයින් උසස් හින්දා බඩු භාණ්ඩ වල මිලත් අපේ ආසියාතික රටවල් වලට වඩා මිලයි. මේක තමයි අපේ තුරුම්පුව, සරලවම කිව්වොත්.

දැන් දැනගමු AliExpress කියලා කියන්නේ මොකක්ද කියලා. AliBaba යන ව්යාපාර සමූහයට අයත් AliExpress කියලා කියන්නේ ආසියාතික රටවල් වල හුගක්ම ප්රචලිත විද්යුත් වෙළෙඳපොළකි. ලංකාවේ අපි කාගේ කාගෙත් ෆෝන් වල මේ ඇප් එක නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්. eBay එකත් එක්ක ගත්තම ඊට වඩා මේක ප්රචලිත නැහැ. හැබැයි AliExpress එකේ eBay එකේ තියෙන ඒ දේම අඩුවට හොයාගන්න. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් වල මිල සාපේක්ෂව හුගක්ම අඩුයි. දැන් ඔයාලට පොඩ්ඩ පොඩ්ඩ තේරෙනවා ඇති මම මොකක්ද කියන්න එන්නේ කියලා.


Dropshipping
Dropshipping

අපි Dropshipping කියලා කරන්නේ යම් කිසි තැනකින් අඩු මිලකට භණ්ඩයක් මිල දී ගෙන එය ඊට වඩා වැඩි මිලකට තවත් තැනක විකිණීම. මේ වෙලාවේදි නම් කරන්නේ AliExpress එකෙන් බඩු අරගෙන eBay එකේ විකිනීම. එහෙමයි කියලා අපි සල්ලි දීලා බඩු ගන්න යන්නේ නැහැ.

මේක තේරුම් ගන්න පහත උදාහරණය බලන්න.

“මම ALIEXPRESS එකේ ඩොලර් 5ට ටීශර්ට් එකක් දකිනවා. ඒක මම ඩොලර් 10ට EBAY එකේ විකුණන්න දානවා. ඊටපස්සේ ඒක සුද්දෙක් මිල දී ගන්නවා. සුද්දා ඒක ගන්නේ ඩොලර් 10ක් දීලා, මම ඒ ඩොලර් 10 අරන් ඒකෙන් ඩොලර් 5ක් දීලා ALIEXPRESS එකෙන් අර T-SHIRT එක ඕඩර් කරනවා. ඕඩර් කරනකොට, අර සුද්දගේ නමයි, ඇඩ්ර්ස් එකයි දීලයි කරන්නේ. ALIEXPRESS එකෙන් අර සුද්දට අර T-SHIRT එක යවනවා. මට ඩොලර් 5ක් හම්බ වෙනවා.”

උඩ තියෙන විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඒත් කියන තරම් ඒක සරල නැහැ. වැඩේ තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්ම මාසයකින් ඩොලර් 100ක් පන්නලා හොයන්න පුලුවන්.

මීලග artical එකෙන් මේ වැඩේ පියවරෙන් පියවර කොහොමද මේක කරන්නේ කියලා මම කියලා දෙන්නම්.

Tuesday, September 1, 2020

සතුට .....


Friday, August 28, 2020

ස්නේහා

ආදරණීය කෙටි කතාවක්...


චූටී..... චුට්ටක් පහලට ගිහින් බලන්න අක්ක පරක්කු මොකද කියල"
"අනේ අම්මා මං මේ ඇග සෝදගත්තා විතරයි. පහලට බැහැල ආපහු නැග්ගම දාඩිය නාන්න වෙනවා."
"ඇයි ආපහු ඇග සෝදගන්න බැරිද? ලිදේ වතුර හිදිලද?.අහ්...ගුටි නොකා බලල එනවා අක්කව."
සුමේධා සැර උනා.
සුමේධා නුවර පලාතේ ලස්සන ගම්මානෙක චුටි කදු ගැටයක් මුදුනෙ තියෙන ලස්සන හුරුබුහුටි ගෙදරක ජීවත් වෙන මධ්‍යම පාන්තික පව්ලක කාන්තාවක්. සුමේධාට දූවරු දෙන්නෙක් හිටියා. ලොකු දූ ස්නේහා. චූටි දූ සිතුම්‍යා.
චූටි දූට අවුරුද්දක් පිරෙද්දිම වගේ සුමේධාගෙ මහත්තයා රස්සාව කරපු කර්මාන්ත ශාලාව ගිනි අරන් ඒ ගින්නෙන් පිලිස්සිලා මිය යනවා. එතැන් ඉදන් පුංචි දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න සුමේධා නොවිදිනා දුක් විදිනවා. අදටත් එහෙමයි. ලොකු දූ ස්නේහා උසස් පෙල ලියලා ප්‍රතිපල අපේක්ශාවෙන් ඉන්නවා. ස්නේහා හරිම ලස්සන යුවතියක්. ඇත්දල පාට හම. කලුම පාට දිග කොන්ඩේ, ඇවිදින තාලෙට නැලවෙන උකුල වගේම ආකර්ශනිය හිනාව ඇගේ රූමත්කමට සාක්ශි උනා. සුමේධාත් හරිම ප්‍රියමනාප කාන්තාවක්.
"අනේ සුමේධෝ ලොකු කෙලී නම් ඇරපු අතක් නෑ උබේ කපාපු පලුව.සුරංගනාවියක් වගේ."
හිතවත් උදවිය නිතරම ස්නේහගේ සුන්දරත්වය වර්නනා කලා.
ඒත් සිතුම්‍යා එයාගෙ තාත්තා වගේ. ඇයට තිබුනෙ තලෙලු හමක්. කොච්චර සාත්තූ කලත් කොන්ඩය දිගට ලස්සනට හදාගන්න සිතුම්‍යාට පුලුවන් උනේ නෑ. මේ නිසාම පුංචි කාලෙ ඉදන්ම අක්ක ගැන ඉරිසියාවක් වගේ හැගිමක් සිතුම්‍යාගෙ හිතේ තිබ්බා. වයසින් වැඩෙත්ම ඒ සිතුවිල්ල තව තවත් වැඩි උනේ උදේ පීදෙන මලක් වගෙ දවසින් දවස ස්නේහා ලස්සන උන හින්දා.ඒ නිසාම පොඩි පොඩි හැල හැප්පිම් නිතරම දෙන්න අතර උනා. ඒත් අහින්සක ස්නේහා තමන්ගෙ චූටි නංගිට හුගක් ආදරේ කලා. අදත් මල් ටිකක් කඩන්න පහලට ගියපු ස්නේහා පරක්කු මොකෝ කියල බලන්න උනාට සිතුම්‍යා හිටියෙ පුපුර පුපුර.
"මෙයාගෙන් නම් තියෙන්නෙ මල වදයක්. දැන් දාඩිය පෙරාගෙන යන්නෙපැයි රූප සුන්දරීව හොයන්න."
අම්මගෙන් බැනුමුත් අහගත්තු හින්ද තරහ පිට කරගත්තෙ මග දිගට තනියෙම බැන බැන ගිහින්.
කදු ගැටේ කෙරවලටම වගේ යනකොට සිතුම්‍යා දැක්කා මල් ගහ ලග ස්නේහා ඉන්නවා. තනියම නෙවෙයි සිතුම්‍යා කිසිදා දැක නැති තරුණයෙක් එක්ක කතා කර කර. සිතුම්‍යාට තරහා පාලනය කරගන්නම බැරි උනේ ඒ කොලු ගැටයාගෙ කඩවසම් බව දැකලා.
"අක්කෙ..... මොන මගුලක් කරනවද මෙතන්ට වෙලා. අම්මා මැරෙන්න යනවා මෙයා නෑ කියලා. මෙයා මෙතන මගුල් නටනවා"
සිතුම්‍යා කෑගහද්දී ස්නේහාගේ මූණ ලැජ්ජාවෙන් රතු උනා. ඒත් නංගිගෙ හැටි දන්න හින්දා මුකුත් කියන්න ගියේ නෑ.
" එහෙනම් සර් මං යන්නම්. කැලේ පංසලේ හාමුදුරුවො බැහැදැක්කනම් සේරම විස්තර දැනගන්න පුලුවන්.".
" හොදයි මිස්. කරපු උදව්වට බොහොම ස්තූති."
එහෙම කියල කොල්ල යන්න ගියා. ඒ දිනුල. අග නුවර මධ්‍යම පෙලේ ව්‍යාපාර පව්ලක දරුවෙක්. විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්. විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘතියකට තොරතුරු හොයන්න ගලේ පංසලට යන අතරමගදි තමයි ඔහු මල් කඩමින් සිටින ස්නේහාව දකින්නේ. ඒ සුන්දරත්වය දිනුලගේ සිත සොරාගන්නේ ඔහුටත් නොදැනීමයි. ඇයටත් හොරෙන් ඇගේ අපූරු චායාරූප කිහිපයක්ම ඔහු තම කැමරාවෙන් ලබාගෙන ඇයත් සමග ගලේ පංසල ගැනත් නුවර පලාත ගැනත් තොරතුරු අසන්නේ ඇයත් සමග දොඩමලු වෙන්න ඕනි නිසාමයි. ඒත් හදිස්සියේ කඩාවදින සිතුම්‍යා නිසා ඇයට සමුදෙන්නට ඔහුට සිදුවෙනවා.
"ඉන්නවකො ගෙදරට යනකන්. මල් කඩන්න යනව කියල ගිහින් පාරවල් ගානෙ මගුල් නටනවා."
"මොනාද නංගි මේ කියන්නෙ ඒ මනුස්සයා පාරක් ඇහුවෙ මගෙන්."
"අනේ ඔව්... මෙච්චර වෙලා ඒකද කලේ. ඉන්නවකො මං අම්මට කියන්නම්කො. "
ගෙදරට යනකන්ම ස්නේහාට බැනුම් අහන්න උනා. සිතුම්‍යා අම්මට මොනා කියයිද කියල දෙගිඩියාවෙන් ස්නේහා හිටියෙ.
" අම්මා .... අම්මා..... ඔයා මාව යැව්වා හොයන්න කියල. මෙයා මල් ගහ අස්සෙ කොල්ලෙක් එක්ක මුකුලු කරනවා. කවුරුහරි දැක්කනම්. මෙයා නිසා අපිටත් ලැජ්ජ වෙනව අම්මා."
සිතුම්‍යා කියවගෙන කියවගෙන ගියා. සුමේධාගෙ හිතේ පුංචි තිගැස්මක් ඇති උනත් ලොකුදූ ගැන තිබ්බ විස්වාසය නිසා ඒක සමතයක්ට පත් උනා. ඒත් ඒකටත් සිතුම්‍යගෙ හිතේ ඇති උනේ තරහක්.
දිනුලට එදා මුලු රෑම නින්ද ගියේම නැති තරම්. ඒ සුන්දර හිනාව මතක් වෙන්න ගත්තා. ඔහු පහුවදාත් ඒ වෙලාවටම ඇය දකින්න ගියා. දින කිහිපයක්ම ඇය බලන්නට ගියේ නොදැක ඉන්නට ඔහුට බැරි උනු නිසාමයි. ටික දිනකට පස්සේ ඇයත් එක්ක කතා කරන්න ඔහුට හිතුනා. ඉතින් මෙ විදිට හවසට මල් ගහ ගාවදී දෙන්නා හමු උනා. කතා කලා. දිනුලගෙ හිතේ ආදරේ උතුරද්දී ස්නේහාත් හිතෙන් උපදින අපූරු හැගීමක් රස විදිමින් උන්නා.
"ස්නෙහා. පුංචි දෙයක් කියන්න තියෙනවා ඔයාට. ඒත් මේදේ අහල මාත් එක්ක තරහ වෙන්න නම් බෑ. හරිද"
"හරි.. හරී... කියන්නකෝ මං තරහ වෙන්නැහැ."
"ඔයා දැක්ක දවසෙ ඉදල මගෙ හිත ඔයාවම ඉල්ලනව නංගි. මං ඔයාට ආදරෙයි. ඔයා මාව මැරි කරනවද ?"
දිනුල එහෙම අහද්දි අහිංසකී නිරුත්තර උනා. හිතේ ආදරෙ පිරිල තිබ්බත් ස්නේහට මුලින්ම මතක් උනේ අම්මව. පුංචි කාලේ ඉදන්ම අම්ම දුක් විදපු හැටි මතක් උනා.
"මගෙන් උත්තරේ ලබන්න නම් මගේ අම්මගෙන් උත්තරේ ලබන්නෝනි අයියේ. එයාගෙ වචනෙ තමා මගෙත් වචනේ."
"හරි ස්නේහා. යං මං දැන් අහන්නම් අම්මගෙන්. අම්මගෙ මේ සුරංගනාවි මට දෙනවද කියල."
"දැන් කරුවල වැටෙන්නත් ලගයි අයියේ. දැන් ඔයා යන්න හෙට ඇවිත් අහන්න. මේ වෙලාවට ගෑනු තුන්දෙනෙක් ඉන්න ගෙදරකට එන එක හරි මදි නේද."
"ඒත් හෙට මං කොලඹ යනවා නංගි. සතියකින් තමයි ආපහු එන්න වෙන්නේ."
"එතකන් ඉවසන්න අයියේ. ඔයා සතියක් පරක්කු උනා කියලා මං වෙන කාගෙවත් වෙන්නැහැ."
"ඒ කියන්නෙ ඔයා මගේද ස්නේහා."
කොල්ලා ඒ ටික ඇහුවෙ පුදුම තරම් ආදරේකින්.
"හ්ම්ම්ම්ම් ඒත් අයියේ අමතක කරන්නෙපා අම්මගෙ වචනෙ තමා මගේ වචනේ."
කෙල්ල ආපහු ඒක මතක් කරල දුන්නා.
"මං එහෙනම් ගිහින් එන්නම් නංගි. පරිස්සමින් ඉන්න."
ආදරෙන් ඔලුවත් අතගාල දිනුල යන්න ගියා. කුලුදුලේ පෙම්වතියක් වීමේ සතුර හිතේ තද කරන් ස්නේහා කොල්ල යන දිහා බලන් ඉදල ගෙදර යන්න හැරුනා.
මේ හැමදේම කන්දේ මුදුනේ ඉදන් කැලෑ පාරෙන් සුමේධාව එක්කන් ඇවිත් සිතුම්‍යා සුමේධාට පෙන්නුවා. කතා කරපු දේවල් ඇහුනෙ නැතත් ඔලුව අතගාලා ගියපු හැටි ආදරෙන් කතා කරපු හැටි දැකපු සුමේධාට හොදටම තරහ ගියා. ඒත් සිතුම්‍යා නම් එයින් කුරිරු සතුටක් වින්දා.
"දැක්කනෙ අම්මා. මං අම්මට කිව්වනෙ ඔය ටික"
ඇස් දෙකෙන් වැටුනු කදුලු බිංදු දෙක ගව්ම් කරින් පිහදල දාපු සුමේදා අඩියට දෙකට ගෙදරට ගියේ දිග කෝපි කෝට්ටකුත් කඩාගෙනමයි.
ගෙදරට ගියපු ගමන් ස්නේහාට ගුටි පාර දෙක තුනක්ම ලැබුනා. සිතුම්‍යට දැනුනෙ ජයග්‍රාහී හැගීමක්.
එදා රෑ සුමේධාලගේ ගෙදර බත් ඉදුනෙත් නෑ. තාත්තත් නැතිව ස්නේහාව ආම්බාන් කරන්න බැරිවෙයි කියල සුමේදා හිතුවා.
"කොල්ලෙක් එක්ක පැටලුනා නම් ඌත් එක්ක යන එක මහ ලොකු දෙයක් නෙවෙයි. තාම ඉගෙනගන්න වයස."
මුලු රෑම කල්පනා කරපු සුමේධා තීරනයක් ගත්තා. රෑම ස්නේහාගේ ඇදුම් ටික බෑග් එහෙකට දාලා ලෑස්ති කරපු සුමේදා උදේන්ම ස්නේහාව සුමේදාගේ නංගිගේ ගෙදර ගිහින් ඇරලුවා. ස්නේහා අම්මට කොච්චර කියන්න උත්සහ කලත් සුමේධා ස්නෙහාගෙ කතා විස්වාස කලේ නෑ.
" අවුරුදු 20ක් මං උබව හැදුවා. තාමත් මට අයිතිය තියෙනවා උබ ගැන තීරන ගන්න."
සුමේධාගේ තීරනය අන්තිම තීරනය උනා.ස්නේහා පොල්ගහවෙල ඇයගේ පුංචිගෙ ගෙදරට වෙලා කුලුදුලේම අහිමිව ගිය ආදරේ වෙනුවෙන් ඇඩුවා.
සතියකට පස්සෙ ආපු දිනුල දින කිහිපයක්ම කලුවර වැටෙනකන්ම මල් ගහ ලගට වෙලා බලන් හිටියත් ස්නේහා ආවේ නෑ.
"ශිට් ගේ තියෙන තැනක් අහගන්නත් බැරි උනානේ".
දිනුල ඒ ගැන පසුතැව්නා.
දවසක් කොල්ලා මල් ගහ ලගට එද්දී ඇයව දැක්ක මුල්ම දවසෙ ඇයට බැනපු ගෑනු ලමයා මල් කඩනවා. සිතුම්‍යාව දැකලා කොල්ලට හරි සතුටුයි. මොකද කෙල්ල ගැන විස්තරයක් දැනගන්න පුලුවන් වෙන නිසා.
" නංගි චුට්ටක් කතා කරන්නෝනි."
දිනුලව දැක්කම සිතුම්‍යාට අදසක් ආවා.
"ඇයි ?"
සිතුම්‍යා ඇහුවෙ දන්නෙ නෑ වගේ.
"අනේ නංගී මට සිතුම්‍යාව පොඩ්ඩක් හම්බවෙන්නෝනි."
"එයාව හම්බවෙන්න වෙන්නැහැ දැන් ඔයාට. එයා දැන් සතියකට විතර කලින් කොල්ලෙක් එක්ක පැනල ගියා. නුවර එලිය පැත්තෙ ඉන්නව කියල තමා ආරංචිය.".
සිතුම්‍යා ලොකු බොරුවක් කිව්වා.
"ඔයා ඔය ඇත්තමද නංගි කියන්නෙ."
දිනුල ඇහුවෙ විස්වාස කරගන්න බැරුව"
"නැතුව් මගේ අක්ක ගැන ඒ වගේ බොරු කියන්නෙ නැහැනෙ මං."
'ඔව් ඒකත් ඇත්ත දිනුල එහෙමත් හිතුවා.'
ඒත් මේ සහෝදරීට එහෙම බොරු කියන්න පුලුවන්. ඒත් ඒ බවක් කොල්ල දැනන් හිටියෙ නෑ. ස්නේහා තමාව රැවටීමෙන් පස්සෙ කොල්ලට නුවර ඉදිල්ලත් එපා උනා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉවර උනු ගමන්ම කොල්ලා කොලඹ ඇවිත් පව්ලේ ව්‍යාපාර කටයුතු බාර ගත්තා. කාලය ටිකෙන් ටික ගෙවී ගියා. ස්නේහා පුංචිගෙ ගෙදරට වෙලා අගිමි ආදරය වෙනුවෙන් හැමදාම ඇඩුවා.
"අනේ අයියා අම්මගෙන් අහන්න යන්න හිතන් දවස් කීයක් මල් ගහ ලග ඉන්න ඇතිද".
කෙල්ල අනුමාන කලා. අවුරුදු 3ක්ම ගෙවිලා ගියා ඒත් දෙන්නගෙම හිත්වල කුලුදුල් ආදරේ මතකයන් නැති උනේ නෑ.
නිතරම ඇඩීම නිසාත් හරියට කෑම ගන්නේ නැති නිසාත් ස්නේහා බොහෝ දුර්වල උනා. දින ගනන් ඉස්පිරිතාලේ ගත කරන්න උනා. රෝහල් ඇද උඩට වෙලාත් අහිමි ප්‍රේමය ගැන සිත සිතා උන්නු හින්දා ඇය සනීපයක් නොලැබූ තරම්.
"මචං තාරුකී ඇක්සිඩන්ට් වෙලා ටික්ක් අමාරුයිලු බලන්න යමන් නේද"?
ඒ කොල්ලට හදිස්සියෙ ආපු කෝල් එකක්. තාරුකී කැම්පස් එකේ මිතුරියක්. කැම්පස් එකේ යාලුවොත් එක්ක දිනුල පොල්ගහවෙල ඉස්පිරිතාලෙට එන්නෙ තාරුකීව බලන්න. ඇයව බලන්න ඉස්පිරිතාලෙට ඇතුල් වෙද්දි කොල්ලා දකින්නෙ සිතුම්‍යාව.
ඇයව දැක්ක ගමන් දිනුලට එක එක සිතුවිලි එනවා.
'මෙයත් එක්ක ස්නේහත් ඉන්නවද දන්නැහැ.'
කෙල්ලව දකින්න දිනුලට ආස හිතෙනවා. ඒ නිසයි සිතුම්‍යාගෙ පස්සෙන් ඇය යන වාට්ටුවටම යන්නේ.
එවෙලෙ සිතුම්‍යාත් සුමේධාත් ස්නේහාව බලන්න ඉස්පිරිතාලේට ඇවිත් හිටියේ. තමන් කරපු වැරැද්ද නිසා ස්නේහා දුක් විදින හැටි අවුරුදු ගනනක්ම දැකපු සිතුම්‍යා ඒ ගැන අද පසුතැවෙනවා. ඒ වගේම ඉක්මන් තීරන ගත්තු එකට සුමේධාත් පසුතැවෙනවා.
කොල්ලා සිතුම්‍යාගේ පස්සේන්ම යන්නේ ස්නේහගේ මූන දැක ගන්න ආසාවෙන්. එත් සිතුම්‍යා ගිහින් නතර උනු ඇදේ හිටිය ස්නේහාව දැක්කාම දිනුලට ඉහිලුම් නැති උනා.
"ස්නේහා නංගී."
ඇයට කතා කරගෙනම ඔහු ඇය ලගට ගියා. ඇයත් ඔහුව දැක්කා. අවුරුදු ගනනක් සිරකරගෙන සිටි ආදරේ දෙන්නටම දැනුනා.
"ඇයි නංගි මේ. ඔයා වැහැරිලා."
කෙල්ල හිනා උනා.
' ස්නේහා වෙන කෙනෙක්ගේ.'
ඒ හැගීම දිනුලට දැනෙද්දි ඔහු ඇයගෙන් ඈත් උනේ ඇගේ ජීවිතයට ඔහු නිසා නරකක් වෙයි කියල හිතලයි.
ස්නේහා හිතින් කලබල උනා.
'එයාට ඉස්සර වගේ මාව ඕනි නැතුව ඇති. මමනෙ එයාව දාලා ගියේ.'
ස්නේහට එහෙමයි හිතුනෙ.
ඒත් ඇත්තමදේ තේරුනේ මෙතන හිටිය එක්කෙනෙක්ට විතරයි. ඒ සිතුම්‍යා ඇයටත් ආදරේ වටිනාකම සහෝදරයෙකුගේ වටිනාකම තේරුම්ගන්න පුලුවන් උනු නිසාම ඇය කියපු බොරුව පිලින්න පුලුවන් උනා. ඒ වගේම සමාවත් ගත්තා.
ගෙවිල ගියේ ටික දවසයි. ස්නේහා හොදටම සනීප උනා. අවුරුදු ගනනාවක්ම ආදරේ අහිමිව ඉන්න සිද්ද උනු නිසාම ඉක්මන්ටම විවහ වෙන්න ස්නේහාටත් දිනුලටත් ඕනි උනා. විවහ උත්සවය දවසෙ සිතුම්‍යාව හුගක් කැපිල පෙනුනා. මනාලියගේ යෙහෙලිය උනේ ඇය. නරක සිතුවිලි ඉරිසියාව තරහව හිතේ නැති උනාම ඕනෑම මුනක් එලිය වැටෙනවා.සිතුම්‍යාගෙ සුන්දරත්වයට හේතුවත් ඒකයි.
මංගල උත්සවය දවසේ ස්නේහාව පෙනුනේ රාජ කුමාරිකාවක් වගේ. උත්සව ශාලාව ඇතුලෙදි කෙල්ලව මනාලියක් වගේ මුලින්ම දකිද්දී කොල්ලගෙ ඇස් වලට ක්දුලු පිරුනා. කොල්ල හිමින් සැරේ කෙල්ලට ලං උනා.
"ඔයා අද මගේ මනමාලි"
කොල්ල කෙල්ලට රහසින් වගේ කිව්වෙ.
"මං මේ අවුරුදු ගානටම ඔයා ගැන හිතුවා අයියේ. ඒත් ඔයාගෙ මනමාලි වෙන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ."
" ඒත් ඔයා අද මගේ මනමාලි"
කොල්ලාගෙ මූන සතුටින් පිරිලා. තප්පරයක් ඒ කඩවසම් මූන දිහ බලන් ඉදපු ස්නේහා හිනා උනා.
"ඔව් අයියේ. මමයි මනාලී."
කෙල්ල එහෙම කියද්දි ඒ දෑසට පුංචි කදුලු බිංදුවක් නැගුනා.
නිමි

gan dale dal palam thotin eha sangeeth wickramasingha

Thursday, August 27, 2020

Etsy කියන්නේ මොකද්ද? What si Etsy - Sinhala



එහෙන් මෙහෙන් කතාවෙන නිසා Etsy කියන්නේ මොකද්ද කියල කට්ටිය හොයන්න අරගෙන තියනවනේ. එට්සි කියන්නේ මචන් මාකට් ප්ලේස් එකක්. තම තමන්ගේ හැකියා අනුව අපිටම අපේ නිර්මාණ හා සේවා විකුණන්න පුළුවන් තැනක්. Etsy එකෙන් ඒකට කියන්නේ මෙහෙම. Etsy is a global online marketplace, where people come together to make, sell, buy and collect unique items. Support independent creators. Etsy කරන්නේ කොහොමද? මොනාද විකුණන්න පුළුවන් වගේ දේවල්නේ උඹලා හිතන්නේ

මචං. මෙහෙමයි.... එට්සි එක ඇතුලේ භාණ්ඩ හා සේවා දෙකෙන්ම විකිණීම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කියල තියන හැමදේම විකුනන්නත් බෑ. එට්සි එකේ විකුණන එකත් එක්තරා ආට් එකක්. මුලින්ම එට්සියේ රවුමක් ගහල බලන්න මොන වගේ දේවල්ද විකිණෙන්නේ කියල.


වැඩේ පටන්ගන්න වගේ ආස හිතෙනවා නම්......

1. මුලින්ම පේපෑල් එකක් හදාගනින් මචං. අන්න ඒක බිස්නස් ටයිප් පේපැල් එකක් උනොත් ටිකක් හොඳයි. පේපෑල් ගැන ලොකු විස්තරයක් කියන්න අවශ්‍ය නෑ මොකද ඕනේ තරම් ගයිඩ්ස් විස්තර තියනවා මේක ගැන. පොඩ්ඩක් හොයල බලහන්.

2. පේපැල් එක තියනවා නං මචන් ඊළඟට කරන්න ඕනේ එට්සියේ ගිහින් එකවුන්ට් එකක් හදාගන්න එක.

3. ඕක මුලින්ම හැදෙන්නේ සාමාන්‍ය බයින් කරන එකවුන්ට් එකක්. ඒක අපි සෙලින් වලට හරෝගන්න ඕනේ. ලොකු දෙයක් නෑ එතනත්. සෙලින් ටැබ් එකෙන් ගිහින් විස්තර ටික පිරෙව්වම සෙලින් එකවුන්ට් එකත් හරි. 

4. එතනින් එහාට මචන් ගේම තියෙන්නේ තනිකර උඹේ අතේ. මේකේ ඩ්‍රොප්ෂිපින් කරන්න යන්න එපා... කරන්න බෑ... කරන්න දෙන එහෙකුත් නෑ. අනික අතේ ලොකු සල්ලියකුත් නැත්නං වැඩේ කොහොමත් අමාරුයි නේ. 

5. මුලින් එට්සිය වටේ රවුම් ගහපන්. කට්ටිය විකුනන්න මොනාද කියල දල අදහසක් ගනින්. උඹට පෙන්නන ගනී උඹ හිතන්නෙවත් නැති දේවල් මිනිස්සු විකුණනවා සහ හිතන්නෙවත් නැති විදියට ඒවාට සෙලින් වෙනවා කියල. 

6. උදාහරණයක් විදියට මචන් පොල්කටු, වේලපු මල්, පොල් ලෙලි, කොහු බත් වගේ උඹලා තඹ සතේකට මායිම් නොකර විසික් කරන දේවල් මිනිස්සු මාර විදියට බයින් කරනවා කියල උඹට පේන්න ගනී. 

7. (ප.ලි. මේ උදා හරණයක් විතරයි. - හැමෝම චිත්‍ර අඳින්න යන්න එපා) එට්සියේ සර්ච් කරොත් උඹට පෙනෙයි බලිකුරුටු වගේ ඇඳපු චිත්‍ර (ඒවාට කියන්නේ Abstract Art කියල - පොඩ්ඩක් ගූගල් කරලා බලහන්.) පට්ට ගණන් වලට විකිණෙනවා. ඒ මේ ලොකු ලොකු ආටිස්ලා නෙමේ... නිකන්ම නිකන් සාමාන්‍ය මිනිස්සු ඇඳපුවා. සාමානයෙන් $10 - $1000ටත් එහා ගණන් වලට යන ඒවා පේන්න ගනී. ඒවා මචන් උඹෙන් ඕඩර් වැඩිවෙන්න වැඩි වෙන්න උඹට ඒවාට ගණන් උස්සන්න පුළුවන්. (ප.ලි. මේ එක්තරා ආට් එකක්. ඒක කරන්න ක්‍රියේටිව් අයිඩියාස් තිබ්බා නම් ඇති. පොඩ්ඩක් ගූගල් කරන්න වීඩියෝස් බලන්න. මේවා අඳින එක එක ක්‍රම තියනවා. හොයාගන්න පුළුවන් වෙයි) 

8. හොයා ගනින් කැන්වස් එකක්... එක්කෝ මේ වගේ පේන්ට් කරන්න පුළුවන් කල්පවතින ටිකක් ගනකම රෙදි.. අරගෙන පේන්ට් බකට් දෙක තුනකුත් අරන් අමුතු චිත්‍ර ඇඳපන්.... චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න ඕනේ නෑ. උඹට අයිඩියා ටිකක් තිබ්බා නං එච්චරයි. 

9. ඔහොම චිත්‍ර දෙක තුනක් ඇඳලා හොඳට පැහැදිලිව පේන්න තියල එක්කෝ ෆ්‍රේම් එහෙකට ගන්න පුළුවන් නම් අරගෙන ලස්සන ෆොටෝ ටිකක් ගනින්. 

10. දාපන් මචං ටිකක් අඩුවට Etsy එකේ.... මුලින් $10 - $15 දැම්මත් කමක් නෑ... 

11. ඩිස්කවුන්ට් සෙට් කරපන්. ඔඵර්ස් සෙට් කරපන්. ඒවා සෙට් කරාම උඹේ ලිස්ටින් එක උන්ගේ සේල්ස් පේජ් එකේ උඩට එන්න ගන්නවා. වීව්ස් වැඩි වෙනවා. ඩිස්කවුන්ට් සෙට් කරාම එට්සි එකෙන් ප්‍රමෝෂන් පේජ් එකට ඔටෝ ඇඩ් කරනවා. ඒ වාසිය නියමයි. 

12. අනිවා මචන් ඕවා යනවා. හොඳට පැක් කරලා වෙලාවට පොස්ට් කරපන්. පොස්ට් කරන්නත් බැරි නෑනේ. මොකෝ අයිටම් එක උඹ ගාව තියෙන්නේ පොස්ට් ඔෆිස් එකට ගියා පොස්ට් කරා.... ඔය ආට් වගේ දේවල් යවන අර බට වගේ දේවල් තියෙන්නේ. එහෙම එහෙක දාල යවන්න පුළුවන් නං එහෙම කරහන්. 

13. fedex / dhl වගේ දෙකකින් ගණන් බලාගෙන ඒ ගණන් අල්ලලා එට්සියේම දාපන් ෆාස්ට් ෂිපින් ඔප්ෂන් එක... එතකොට ඉක්මනට ඕනේ එකා ඒ ගැන දීලා හරි උඹේ ගන්නවා. 

14. ඔහොම කරපන් කාලයක්. සෙලින් වෙන අයිටම් වලට බයර්ලාගෙන් රිවීව් ගනින්. උන්ට හම්බවෙච්ච අයිටම් එක උන්ට බිත්තියේ එල්ලලා ෆොටෝ එකක් අර රිවීව් එකට දාන්න කියහන්. එහෙම කරන උන්ට උඹට පර්සනල් ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. එහෙම කරලා ඒකට උනන්දු කරහන්. 

15. මොකද එට්සිය කියන්නේ අමුතුම මිනිස්සු ඉන්න තැනක්. හරිම හොඳ මිනිස්සු ඉන්න තැනක්. ඒ මිනිස්සුන්ගේ රිවීව් එකක් අර විදියට ෆොටෝ එකක් එක්ක එනවා කියන්නේ ඕක දකින තව කෙනෙක්ට ආස හිතෙනවා ඒ වගේ ආට් එකක් අරන් මගේ ගෙදරත් තියාගන්න ඕනේ කියල.... 

16. ඔහොම උඹට සෙලින් එක දෙක එන්න ගනිද්දී කස්ටම් ඕඩර් ඕන් කරපන්. ඒ කියන්නේ මචන් මේඩ් ටු ඕඩර් ඔප්ෂන් එක... ඕක ඕන කරනවා කියන්නේ හිටපු ගමන් කොමෂල් ටයිප් ඕඩර් වදිනවා බර ගණන් වලින්. 

17. සාමාන්‍යයෙන් එක ආට් එකක් $20 / $25 ට ගියා කියමු එකක්... අනිවා මේ ටයිප් ඒවා ඊට වැඩ වැඩි ගානට යනවා. උඹ හිතපන් උඹට අර කැන්වස් එකට එක්කෝ රෙදි වලට පේන්ට් වලට එක චිත්‍රයක් කරන්න රුපියල් 500 / 1000 ක් යයි කියල.... (එච්චර යන්නේ නෑසුවර්...) ඕකට පොස්ටේජ් ඔක්කොම එකතු උනාම ටෝටල් 2000 කියමු.... $20 / $25 ගියා නං අඩුම රුපියල් 1000 වත් ප්රෝෆිට්. 

18. එට්සියේ උඹට දාන්න පුළුවන් අයිටම් ලිමිට් එකක් නෑ.... ඉතින් බන් රෙදි මීටර් කීපයක් අරන් ඕවා ස්ටෑන්ඩ්ඩඩ් ගානකට කපලා ආට් කීපයක් කරන්න පුළුවන්. කරලා එට්සියේ දාපන්. 

19. ඔහොම සෙලින් වෙන්න ගත්තම රිවීව් එන්න ගත්තම උඹට අර $20 / 25 දීපු එක නිකන්ම $40 / 50 දෙන්න පුළුවන් වෙනවා. ඕක තව දුවද්දී ඒකම ඊටත් වැඩිය වැඩි ගණන් වලට ඩිමාන්ඩ් කරන්න උඹට පුළුවන් වෙනවා. 

20. ඔහොම කරද්දී බන් දවසකට ඕඩර් 5ක් 10ක් එන්න ගනිද්දී තව දෙයක් කරපන්. මෙච්චර කල් ෆ්‍රේම් නැතුව යැව්වා නං... වඩුවැඩ කරන එකෙක් අල්ලන් උඹේ ආට් වලට ගැලපෙන ෆ්‍රේම් එකක් හදා ගනින්. නෑ ආට් එක ෆ්‍රේම් එකට ගහන්න ඕනේ නෑ. ඒ ෆ්‍රේම් එකට හරියන ලී ටික කපලා... ඒ ෆ්‍රේම් ඒක හදාගන්න ඕනේ ඇණටිකත් එකතු කරලා උඹේ අයිටම් එකට අලුත් ඔප්ෂන් එහෙකුත් දාපන් විත් ෆ්‍රේම් මැටීරියල්ස් කියල... (බයවෙන්න එපා ගන්න එකක් නෑ කියල... මේ රටවල් වල කබඩ් පවා එන්නේ ලී ටිකයි ඇණ ටිකයි වෙනම... අපි තමයි හදාගන්න ඕනේ... ඉතින් උන් අර ලී ටික තියල ෆ්‍රේම් එක ගහන එක ගේමක් නැතුව කරයි. පුළුවන් නම් ඒකෙ ස්ටෙප් බයි ස්ටෙප් පොඩි ගයිඩ් එකක් ඊමේල් කරපන් කස්ටමර් ට වැඩේ ඉවරයි) - මේ ෆ්‍රේම් සාම්පල් එකක් ඉමේජ් සෙට් එකේ අන්තිමට එල්ලලා ඇති බලන්න. 22. ඔච්චර කරනවා කියන්නේ ඔප්ෂන් ටිකක් / වෙරියේෂන් දෙනවා කියන්නේ බන් අනිවා උඹට ඕඩර් එන්න ගන්නවා. අනික රිටන් රිඵන්ඩ් කේස් අඩු නිසා පේපැල් අවුලක් වෙන්නෙත් නෑ... 


21. ඔහොම තියෙද්දී එට්සියේ පුළුවන් තමන්ගේ ස්ටෝර් එක පර්සනලයිස් කරන්න. තමන්ගේ ඩොමේන් එකක් ඩිරෙක්ට් අරන් ගහන්න පුළුවන් විදියක්. ඒක කරලා තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් කරා කියන්නේ අර උඹට හැදිච්ච කස්ටමර් බේස් එක උඹට හොඳටම ඇති. මොකද උන් උඹට තව මිනිස්සු හොයල දෙනවා අනිවා... 


22. මේ ටික කරා කියන්නේ බන් එතනින් එහාට ගේමක් නෑ... මම මේ කිව්වේ එකෙක් කරපු දෙයක්.... ඌ මේ වෙද්දී $$$ ඉලක්කම් 4 විතර ගාණන් මාසෙකට ප්රෝෆිට් කරනවා.... මේ මූ ඒක පටන් අරන් මාස 5/6ක් වගේ කාලෙකින්... ඌ ඒ කතාව වෙන පොස්ට් එහෙක ලියන්නන්. ඌ එහෙම කරා නං අනිවා උඹලත් පුළුවන් වෙන්නෝන... මොකද ඌත් උඹලා වගේම එකෙක්. කෝකටත් කියල මේ පල්ලෙහා තියන ආට් ටික බලහන්කො... ඊළඟට ඒවගේ සෙලින් කවුන්ට් එකයි.... විකිනෙනන ගානයි බලහන්කො මචං..... මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කොමෙන්ට් එකක්ම දාන්න මචන්... මමත් දන්න දෙයක් නං කියල දෙන්නන්.

(ප.ලි. ආටිස්ට්ලා (ඒ කිව්වේ චිත්‍ර අඳින අය) හිත් නරක් කරගැනීමෙන් වලකින්න. මේ චිත්‍ර වලට අපහාස කරන්න ලියපු එකක් නෙමෙයි. චිත්‍ර ගැන ලොකු දෙයක් නොදැන වැඩක් පටන්ගත්ත මල්ලි කෙනෙක් සාර්ථක වෙච්ච විදිය දැකලා ඒ ආශ්‍රයෙන් උදාහරණයක් අරන් ලිව්වා විතරයි)

Wednesday, August 26, 2020

අපේ සිංහල ජන කවිය 1කොටස


අතීත ජනයා තමන්ගේ කාන්සියත්, වෙහෙසත් නිවා ගැනීම සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය. සෑම සාහිත්‍යක ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නා ලැබේ. සිංහල සාහිත්‍යයයේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර රීතීන්ට අනුගත වෙමින් නිර්මාණකරනයේ යෙදෙති. සම්භාවය කාව්‍ය ගණයේ ලා සැලකෙන කවි සිළුමිණ, සසදාවත, මුවදේවුදාවත යන ගී කාව්‍යයන්ගේ පටන් සන්දේශ කාව්‍ය, උපදේශ කාව්‍ය , බොහෝ පැරණි කෘතීන් හි නිරූපණය වන්නේ මෙම විදග්ධ කාව්‍ය රීතියයි. ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි ජනයා අතුරිනි. යම්කිසි ජන කොට්ඨාසයක සිතුම් පැතුම්, සැප දුක් මෙන්ම ඔවුන්ගේ ඇදහීම්, ඇගයීම්, ජීවනෝපාය ආගමික පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙළි වෙන බවයි. ජන කවි ජන ශ්‍රැති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව කාලාන්තරයක් මුළුල්ලේම මේ නිර්මාණ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට අලිඛිත ව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි ආදී විවිධ ජන කවි ප්‍රබේධ අද ලිඛිත ව ඇතත් මේවා අපට උරුම ව ඇත්තේ කටින් කට පැවතෙමින් පරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය. සිංහල ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරා වත, වෙසස්න්තර ජාතක කාව්‍ය, තුන්සරණය යනු ඒවා ය. එමෙන්ම ගජමන් නෝනා, රංචාගොඩ ළමයා, අන්දරේ ආදි ප්‍රකට ජන කවීන් ගැනද අසන්ට ලැබේ. උගතුන් විසින් උගතුන් සඳහා රචනා කරන ලද විදග්ධ කවියෙන් ජන කවිය වෙනස් වනුයේ ජන කවි තුළ දක්නට ලැබෙන අව්‍යාජත්වය, පුනරුක්තිය, අනුවේදනීයත්වය, සංයමය ආදී ලක්‍ෂණ නිසා ය. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගත් සරල කෘෂිකාර්මික සමාජය ජන කවිය සඳහා උල්පත විය. ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි විවිධ ස්වරූප අපට දැකිය හැක. මේවා බිහි වූයේ කෙත, හේන හා පැල ඇසුරු කොට ගෙනය. ගැමි කතුන් එක් ව ගොයම් පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම හෝ ගොයම් නෙළීමේ දර්ශනයක් ගැමි කවියාගේ සිත පිබිදවීමට තුඩු දෙන සුන්දර අත්දැකීමකි. එය සහජ කුසලතාවයෙන් පිරිපුන් ජන කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි මේ.

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගගේ දිය ඇදලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙළුම්

කෙත හෙවත් කුඹුර ගැමියාගේ ස්වයංපෝෂිත ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයයි. කෙත ආශ්‍රිත වැඩ කටයුතුවල දී ගන්නේ උත්සවශ්‍රීයකි. කෙත මඟින් බත සපයා ගැමියන්ගේ කුසගිනි දුරු කරනවා පමණක් නොව ඔවුන්ගේ අනේකවිද දුක් දොම්නස් හා ජීවන සරතස පළවා හැර සන්තෘප්තිය ළඟා කෙරේ. කෙතෙහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය මේ කවියෙන් කියැවෙයි.

කෙතක ගොයම් පැළ නිල දිලිසෙන වා
විටෙක ඉඳන් මල් උයන් තනන වා
කෙතක ඉඳන් මල් මාල ගොතන වා
මලක බඹරු බස් වට නද දෙන වා

Tuesday, August 25, 2020

ජීවිතය ජයගන්න කොතරම් උත්සාහවන්ත වෙන්න ඕනෙද?




ඕනෑම දෙයක් ජය ගන්න සිතුවිලි කියන කාරනය ඉතාමත් වැදගත් වෙන එයක්. ලෝකයේ එක් මිනිසෙක් සාර්ථක වෙන්නත්තවත් අයෙක් අසාර්ථක වෙන්නත් බහුලව බලපාන ප්‍රධානම සාදකය වෙන්නෙ සිතුවිලි වල වෙනස කීවොත් එහි කිසිම වරදක් නෑ. 
සාමාන්‍යයෙන් සාර්ථක මිනිසෙක් හා අසාර්ථක මිනිසෙක් සිතන විදිහ හත් පසින්ම එකිනෙකට වෙනස්බව ඔබ කලින් අසා ඇති.  නමුත් ඇත්තටම ඒ වෙනස කුමක්ද? අපි ප්‍රායෝගිකව සාර්ථක වෙන්නනම් අපි සිතුවිලි වෙනස් කරගත යුත්තේ මොන ආකාරයෙන්ද?
සිතුවිලි වල වෙනස ගැන කතා කරද්දී ඒ සදහා දිය හැකි හොදම උදාහරණයක් වන්නේ තෝමස් අල්වා එඩිසන්. ඔහු විදුලි බුබුල නිපදවීමේදී 1014 වතාවක් අසාර්ථක වුනා නමුත් ඔහු මේ සෑම වතාවකම ඉදිරියට යන්න තීරණය කලා මිසක් එය අත්හරින්නට තීරනය කලේ නෑ.
ඔහු කොහොමද ඒ දේ කලේ ඔහුට එක දිගට පරාජය වෙන්න වෙන්න මේ වැඩේ එපා වුනේ නැද්ද? ඔහුට එපා නොවෙන්නත් අපිට එක පාරක් දෙපාරක් අසාර්ථක වෙනකොට දෙයක් එපා වෙන්නත් හේතුව මොකක්ද?
ඔහු මෙයට පිලිතුර ඔහු විදුලි බුබුල සොයා ගත් වෙලාවේදී ඔහුගේ මුවින්ම දී තිබුනා. ඔහු මෙහෙම සදහන් කලා " මම 1014 වතාවක් අසාර්ථක වුනේ නෑ. මම පරාජය විය හැකි ක්‍රම 1014ක් සොයා ගත්තා"
නිකමට වගේ හිතලා බලන්න අපි මොකක් හරි කරන්න ගිහින් අසාර්ථක වුනාම "මේ දේනම් හරියන වැඩක් නෙමේ" කියලා සිතනවා විනා කවදාවත් හිතලා තියෙනවාද "මම මේ දේ හරියන්නේ නැති එක ක්‍රමයක් ඉගෙන ගත්තා" කියලා?

සාර්ථකත්වය ප්‍රායෝගිකව ලගා කරගන්නා චරිත සෑම මොහොතකම ඕනෑම පරාජයක, අසාර්ථකත්වයක් තුලම තමන්ට ඉදිරියට යාමට අවශ්‍ය ධනාත්මක දෙයක් සොයා ගන්නවා. එයට පුරුදු වුන මනසක් කිසිම විටෙක ජීවිතේ පරාජයක් බාර ගන්නේ නෑ. ඔවුන් සෑම වෙලාවකම තම ගමන නිමා කරන්නේ ජයග්‍රහනයකින් විතරයි!

Sunday, August 23, 2020

කවිකාර හැන්දෑව


ඔබ කොහේදැයි නොදැන 
හිත ලතැවුලක රිදුන
මේ ප්‍රේමයේ සුසුම
ඔබ නමින් පිපි පියුම

මල් වියන් දැක දැක දුරින් 
නිල් උයන් පසු කර ගිහින්
විල් දියත සුපිපුණු පියුම් 
සෙව්ව ද විල සිදී
ගිම්හනයේ දුක විදී

නෙතු පියන් ඇර ඇර බලා
ඔබ සොයා වෙහෙසිලා
රෑ පුරා ලියවුණු ලියුම් 
ආදරේ කවි වැකි 
අකුරු බොද වී මැකී

Sunday, August 16, 2020

Online Typing Jobs සිදුකර මුදල් උපයන්න කැමති අයට හොදම Sites 5ක් මෙන්න



ඉතින් මේ ලිපිය ලියන වෙලාව වෙනකොටත් මුලු ලෝකයම දරුණු කොරෝනා වසංගතය නිසා පීඩා විදිනවා. ලාංකික අපිත් ඇදිරි නිසා ගෙවල් වල. මේ දවස්වල තියෙන තත්වයේ භයානක කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. හැමෝම රටේ නීතියට ගරු කරලා හමුවීම් වලින් ඈත් වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කියලා ආදරයෙන් මේ ලිපිය කියවන ඔයාගෙන ආදරයෙන් ඉල්ලා සිටිනවා.

මේ දවස්වල ගොඩක් අය ගෙදර ඉන්න නිසා Online Part time jobs වලට පොඩි වැඩි අවධානයක් ඇති වෙලා තියෙනවා කීවොත් නිවැරදියි. ගොඩක් අය හොයන්නේ ඉතා ඉක්මනින් ලොකු ගානක් හොයන්න පුලුවන් Online jobs. නමුත් ඇත්තම කතාව නම් එහෙම එක පාරම කෙටි කාලයකින් ලොකු ගානක් හොයන්න ඇත්තටම අමාරුයි. නමුත් ඔයා Fiverr වගේ Freelancing Site එකක පලවෙනි දවසේ ඉදලම ඕඩ්ර් එන්න තරම් වාසනාවන්ත වුනොත් නම් ටික කාලෙකින් ලොකු ගානක් හොයාගන්න පුලුවන් හැබැයි. නමුත් දැන් එහෙම වාසනාවන්තයෝ නැති තරම්.

මීට කලින් ලිපියේ අපි ගෙනාපු Picoworkers Micro Job Site එකෙ නම් පොඩ්ඩක් මහන්සි වෙලා පොඩි පොඩි Task Complete කලොත් නම් දවසකට ඩොලර් ගානක් හොයාගන්න ඔයාලට පුලුවන් වෙයි. නමුත් ඒ ලිපිය කියවපු ගොඩක් අය ඒක කරන්න කම්මැලි ගතියක් පෙන්නුම් කරා. ඒ වගේම තවත් අය වෙනත්  ගෙදර ඉදන් කරන්න පුලුවන් Data Entry Jobs ගැන මගෙන් වෙනමම අහලා තිබුනා. ඒ නිසාම මේ ලිපිය ලියන්න ඕනෑ කියලා මම තීරණය කලා.

හැමෝම අතේ smartphone තියෙන නිසා ඕනෑම කෙනෙක්ට අද මම කතා කරන Online Captcha Solving Sites වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුලුවන්. ඒ වගේම මේවගේ කරන්න තියෙන්නෙ එයාලා ඔයාලට දෙන Captcha වල අකුරු හෝ වචන ටික Type කරලා ඒ Captcha එක Solve කරන්න. මේක මට කම්මැලි වැඩක් නිසා මම මේ සයිට් වල වැඩිය වැඩ කරලා නෑ. නමුත් මම මේ සම්බන්ධව තිබුණු විදේශීය බ්ලොග් අඩවි රාශියක් අධ්‍යනය කරලා තමා මේ ලෝකේ හොදම Online Typing Jobs Sites/ Online Captch Solving Sites 5 ඔයාලට ගෙනාවෙ.

මේ සයිට් වලට register වෙන විදිය ගැන වගේම sign in වෙන විදිය ගැන නම් මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. කාටහරි එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ සයිට් වල ඔයාල Type කරන වචන 1000 කට ගෙවන්නේ 0.4$ – 2$ වගේ මුදල් ප්‍රමාණයක්. ඔයාලට දවසකට උපයන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ ඔයාගේ captcha solving speed එක හා ඔයාගේ website experience එක අනුව. සමහර සයිටි ඔයාලට මුලදි පොඩි training එකක් දෙනවා. නමුත් සමහර ඒවානම් පටන් ගත්ත වෙලේ ඉදලම මුදල් උපයන්න පුලුවන්. ඒ නිසා කැමති අය මේවාගෙන් කැමති එකක හෝ ඔක්කෝගේම Join වෙලා වැඩේ කරගෙන යන්න. හැබැයි මේවගෙ ගොඩක් ඒවගෙනම් සල්ලි ගෙවන්නෙ Paypal වලට. ඒ නිසා ඔයාලට ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal එකක් මුලින් හදා ගන්නත් පුලුවන් වෙයි. මේ ගැන Google, Youtube search කරලා බලන්න. ඕනෑ තරම් විඩියෝ හා ලිපි තියෙනවා.

එහෙනම් අපි සයිට් ටික ගැන කතා කරමු,

 

1) Megatypers

මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්‍රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්‍රම වලින් ගෙන්වා ගන්න පුලුවන්. Minimum Payout එක 5$.



 

2) Protypers

මේ සයිට් එකත් Megatypers වගේම සයිට් එකක් තමා. මේකෙදි ඔයාලට ඔයාලගෙ යාලුවෝ සම්බන්ධ කරලා එයාලා උපයන මුදලින් 10% referral income එකක් ගන්න පුලුවන්. ඒ නිසා මේකේ වැඩ කරන ඔයාලා පුලුවන් තරම් යාලුවෝ මේකට සම්බන්ධ කරගන්න. Paypal, Webmoney වගේ ක්‍රම වලට තමා සල්ලි ගන්න පුලුවන්නෙ. 1000 captcha solving වලදී ඔයාලට ගෙවන්නේ 0.45$ වගේ ගානක්. Paypal වලට සල්ලි ගන්නවන්ම් 3$ තියෙන්න ඕනෙ Minimum Payout එක.

Sign Up Protypers here>>>

 

3) Kolotibablo

මේකත් ලගදී ජනප්‍රිය වුනු Typing Site එකක්. මේකෙදි ඔයාලට 1000 captcha solving වලදී ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. Paypal, Okpay, Bitcoin, Webmoney වගේ ක්‍රම වලට ඉපයීම් ලබාගන්න පුලුවන්. Paypal මුදල් ගන්නවානම් අවම ඩොලර්3ක් වත් තියෙන්න ඕනෙ.

Sign Up Kolotibablo here>>>

 

4) Fasttypers

1000 captcha solving වලදී ඩොලර් 1.5 වගේ මුදලක් ඔබට හිමිවෙනවා. මුදල් ලබා ගැනීමේ අවම සීමාව ඩොලර් 5යි. රාත්‍රී 12 සිට පාන්දර 5 අතර කාලයේ ඔබට වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්ථාව හිමිවෙනවා. Paypal, Perfect Money, Webmoney වගේ ක්‍රම වලින් ඔබට උපයන මුදල් ලබා ගන්න පුලුවන්.

Sign Up Fasttypers here>>>

 

5) 2Captcha

මේකත් ලගදී ජනප්‍රිය වුනු හොද වෙබ් අඩවියක්. 1000 captcha solving වලදී ඩොලර් 1 ක්වගේ මුදලක් ඔබට හිමි වෙනවා. Referral මගින් මුදල් ඉපයීමේ අවස්ථාව මෙහිදීත් ඔයාලට හිමිවෙනවා වගේම මුදල් ලබාගන්න පුලුවන්නෙ Bitcoin, webmoney වගේ ක්‍රම වලින් පමණයි. නමුත් මෙහිදී ඔයාලට Paypal වලින් සල්ලි ගන්න බැහැ.

Sign Up 2captcha here>>>

 

ඉතින් මේ වෙබ් අඩවි 5ට අමතරව තවත් Online Data Entry වෙබ් අඩවි ඕනෙ තරම් තියෙනවා. ඒවා ඔයාලට අන්තරජාලය හරහාම සොයා බලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඉතින් මේ සයිට් වලදී මුදල් උපයන්න නම් ඔයාලගේ Typing Speed එක ගොඩක් වැදගත් වෙනවා. මුල් කාලෙදි නම් ගොඩක් වැරදි වෙයි. හැබැයි කාලය අරන් නිවැරදිව මුලින් Type කරන්න. ඔයා ගොඩක් වරද්දලා කරොත් සමහර විට Ban වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිස්සමින් කරගෙන යන්න. ලංකාවට ඔයාලට ඩොලර් ගෙන්නන්න හැකි වෙනවානම් ඒක තරම් සතුටක් මට නෑ. ඒ නිසා මේ සයිට් ගැන තවත් විස්තර අන්තර්ජාලයෙන්ම හොයලා බලලා වැඩේ කරන් යන්න. ජය වේවා.

Friday, July 31, 2020

බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?


 ගොඩක් අයට තියන ලොකු ප්‍රශ්නයක් තමයි බක්ස් අඩවියකින් මාසයකට 100$ උපයන් කොහමද?

හැමදාම ක්ලික් කරල බොහම අමාරුවෙන් යන්තම් මාසෙකට 1.2$ පමන උපයන් පුලුවන්.

ඔන්න අද කියල දෙන් හදන් කොහමද බක්ස් වලින් එහෙම නැතිනම් ඇඩ් ක්ලික් කරල කොහමද එක බක්ස් අඩවියකින් 100$ක් උපයන්නෙ කියල.

පලමුවෙන්ම කියන් ඔනි හැම බක්ස් අඩවියකින්ම මෙම ක්‍රමයෙන් ලාබ ලබන් බෑ.මේ වැඩේට සාර්තක සයිට් තියනව. ඊලගට බලමු වැඩෙ කරන විදිය පියවරෙන් පියවර.

මේ වැඩෙ ටිකක් අමරුයි කියල හිතෙයි එත් අත්හරින් එපා.ලේසියෙන් ලොකු මුදලක් හොයන් පුලුවන් හොදම ක්‍රමය තමයි මේ ක්‍රමය.හරි ඔබ ඔන් බක්ස් එකේ රෙජිස්ටර් වෙලා ඇඩ් ක්ලිල් කරල 0.75ක් හොයාගන් ඔනි මේ වැඩෙට.ඉන්පසු එම 0.75$ මගින් රෙන්ට් රෙෆරල් 3ක් ගන්න.දැන් සෑම දිනකම ඇඩ් ක්ලික් කර යුතුවෙනව මොකද අපි අද ඇඩ් ක්ලික් නොකලොත් හෙට රෙෆරල් ක්ලික් වල මුදල් අපිට ලැබෙන්නෑ.මෙලෙස ඒ ලැබෙන ආදායමත් උපයොගිකර ගෙන තව රෙෆරල් කිහිප දෙනෙක් එකතුකර ගන්න.මේ විදියට රෙෆරල් 500ක් දක්වාවත් වැඩිකරගන්.(මේක කරන් පුලුවන් වැඩක් ලාබ ලබන් පුලුවන් වැඩක්.මමත් මෙම ක්‍රමයෙන් මාසෙකට ලොකු මුදලක් හොයනව.)

ඉන්පසුව අප්ග්‍රේඩ් මෙම්බර් කෙනෙක් වෙන්න.රෙෆරල් 200-300ක් වගේ ඉන්නකොට අප්ගේඩ් කරගන් පුලුවන්නම් වඩා හොදයි.අප්ගේඩ් උනාට පසුව රෙෆරල් 2000කට ට්‍රයි කරන් වැඩේ ගොඩක් සාර්තක වෙයි.මාසෙකට ලොකු අමතර මුදලක්.විනාඩි කියද ගත කරන් ඔනි. 


රෙන්ට් රෙෆරල්ල ගන්නේ මෙහෙමයි
මුලින්ම ඔන් බක්ස් වෙත පිවිස ලොග් වෙන්න
දැන් පහත පරිදි rent referals ක්ලික් කරන්න

ඉන්පසු ලැබෙන පිටුවේ click hear add funds යන්න ක්ලික් කරන්න

  
 දැන් පහත පරිදි ලැබෙන පිටුවෙ ඔබ කැමති අයුරකින් රෙන්ටල් බැලැන්ස් එක සදහා මුදල් එකතුකර ගත හැක.

main balance මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.

main balance යන්න ක්ලික් කර පසු පහත අයුරැ පිටුවක් ලැබෙන අත්‍ර එහි අවස්ය මුදල තොරා transfer from your main balance යන්න් ක්ලික් කරන්න

  
alertpay මගින් මුදල් පහත පරිදි ඇඩ් කර ගත හැක.

 alertpayයන්න මත ක්ලික් කරන්න

පහත පරිදි පිටුවක් ලැබෙන අතර එහි අවස්ය මුදල තොරා alertpay මත ක්ලික් කරන්න 

  
ඉන්පසු පහත පරිදි ඇලර්ට් පේ වෙත ලින්ක් වන අතර;ඔබගේ යුසර් නේම් පාස්වර්ඩ් ලබාදී ලොගින් ක්ලික් කරන්න

  
දැන් පහත පරිදි පිටුවක් ලැබෙන අතර transaction pin ලබාදී confirm and proceed ක්ලික් කරන්න


දැන් පහත පරිදි පිටුවක් ලැබෙන අතර එහි 6-5-4... ලෙස කාලය ගෙවී ඔන්බක්ස් වෙත නැවතත් පිවිසේ.එහි රෙන්ටල් බැලන්ස් වෙත 25$ එක්වී ඇති අයුර ඔබට දැක ගත හැක

  
දැන් ඔන් බක්ස් එකවුන්ට් වෙත ගොස් නැවතත් rent referals ක්ලික් කරන්න දැන් ඔබට පහත පරිදි දිස්වෙන පිටුවෙන් කැමති ප්‍රමානයෙ රෙෆරල් ෆැක් එකක් තොරාගත හැක.

  

ඉන්පසු පහත පරිදි රෙෆරල් සාර්තකව ඇඩ් වු බාවට පනිවිඩයක් ලැබේ.

  
නැවතත් දින 7ක් යනතුරු රෙෆරල් ගත නොහැකි අතර දින 7කට පසුව නැවතත් රෙෆරල් ෆැක් එකක් ලබාගත හැක.

  
ඔබගේ රෙෆරල් ලිස්ට් එක බලාගන්න පහත රැපයේ පරිදි රතු පැහැයෙන් කොටුකර  දැක්වෙන තැන ක්ලික් කරන්න


P.S:- ඔන් බක්ස් හි රෙජිස්ටර් වීමෙදී මොබිටෙල් ඩොන්ගල් වලින් අන්තර්ජාල පහසුකම ලබාගන්නා අයට රෙජිස්ටර් වීම මදක් අපහසු බවක් දැනගන්නට ලැබේ.මෙය මගහරවා ගැනීම සදහා www.abm.me  වෙත ගොස් හි enter url ලෙස  http://goo.gl/26l5T  ටයිප් කර ලොග් වන්න නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ එකකින් රෙග්ජිස්ටර් වන්න.ලොග් වීමේ දී ගැටලුවක් නොමැත.