මෙන්න යාළුවනනේ මම ලියන පළවෙනි post එක පළවෙනි එකෙන් හදවතට දැනෙන දෙයක් ගැන ලියන්න ඕනෙ කියල හිතුන හින්දා ආදරය ගැන ලියන්න හිතුණා. මම දන්නවා මේක කියවන ඔයාල හැමෝම පොඩි හරි ආදරයක රහ විඳල ඇති මේ වෙද්දි.(දෙක තුනක රහ බලපු අයත් ඇති) සමහරුන්ට නම් දැන් නිකන් කිචි කිචි වගේ නේද? හරි හරි ආදරේ එච්චරටම රසවත් එකක් තමයි අර කියමනක් තතියෙන්නෙ මේ ලෝකය පවතින්නෙ හිරුගේ උනුසුමයි මවගේ ආදරයයි මත කියලා ආදරය ඒ තරමටම ලෝකයට වැදගත් ඒත් මෙච්චර වටින ආදරය සමහරුන්ට විහිළුවක්
මොකක්ද මේ ආදරය කියන්නේ ආදරය කියන්නේ හැගීමක්. බැදීමක් ඇති කරවන හැඟීමක්. ආසාවකට එහා ගිය හැඟීමක්. අපි ආදරය කරන්න සහ අආදරය ලබන්න පටන් ගන්නේ මවු කුස පිළිසිඳගත්තු දවසෙ ඉඳලමයි මුලින්ම අපිට ආදරය කරන හැටි උගන්වන්නේ අපේ අම්මයි තාත්තයි. ඊලඟට අපේ සහෝදර සහෝදරියන් ඊලගට නෑදෑයන් යාලුවන් අසල්වාසීන් ගුරුවරුන් වගේ සමාජයේ හමුවන විවිධ පුද්ගලයන් එක්ක අපි බැඳීම් ඇති කරගන්නවා. හැබැයි මේ බැදීම් එච්චරම ශක්තිමත් නෑ.
ඊ ලඟට අපේ වයස අවුරුදු 12-13 වෙනකෙට අපි ටික ටික වෙනස් වෙන්න ගන්නවා. මේක සොභාවිකවම අපි තුල සිදුවන ශාරීරික හා මානසික ක්‍රියාවලියක්. මේකට තමයි වැඩි විය පැමිණිම කියන්නෙ. මේකට ගැහැනු පිරිමි බේදයක් නෑ මේ ක්‍රියාවලියත් එකක අපේ මනස තුල විරුද්ද ලිංගිකයන් කෙරෙහි ආකර්ෂන ඇති වෙනවා හැබැයි මේක ආදරම නෙවෙයි ෂණිකව ඇතිවෙන ආශාවක් වෙන්නත් පුලුවන් ඒකනේ ගොඩක් පිරිමි ලමයි ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් පට්ට කෑල්ල කියල කියන්නේ තව තව හොර වැඩත් කරනවා පස්සෙ එයා ගැනම සිහි වෙනකොට. කොහොම හරි මෙහෙම ඇතිවෙන හැගීමක් කාලයක් සමග ටිකක් වෙනස් විදිහකට දැනෙන්න ගන්නවා. එහෙම ඇතිවෙන හැගීම බැඳීමක් බවට පත් වුණාම ඒක ආදරයක් බවට පෙරලෙනවා.
මේ ආදරය සමහර විට ඒක පාර්ශවීය එකක් වෙන්නත් පුලුවන්. ලෝකෙටම රහසක් වෙච්චි ආදරයක් හිත අස්සෙ හිර කරන් මැරිමැරී උපදින පෙම්වතුන්/තමන්ගේ ආදරය තව කෙනෙකුට දන් දීලා උපේක්ෂාවෙන් ඒ දිහා බලන පෙම්වතුන් දහස් ගණනක් දැනුත් මේ එක කියවනවා ඇති.
ආදරය ඒ තරම් පිවිතරු බැඳීමක් ඒත් මේ පිවිතුරු බැදීම කිලිටි කර ගන්නේ ආදරයට ලිංගිකත්වය පටලවා ගත්තහමයි. අද ආදරයයි ලිංගිකත්වයයි ගහට පොත්ත වගේ බද්දවෙලා. හිතන්නකෝ පෙම්වතුන්ගේ දිනය දාට තමයි වැඩියෙන්ම rooms වලට රිංගන්නේ. එදාට කෙල්ලෝ කී දෙනෙක් ආදරය කියල මුලා වෙලා අනාගතය විනාශ කරගන්නවද? කොල්ලෝ කීදෙනෙක් ආදරයට මුවා වෙලා තමන්ගෙ කෙල්ලව විනාශ කරනවද? මේ ආදරය නෙමෙයි මේක තමයි ලිංගිකත්වය. එතකොට ආදරයට ලිංගිකත්වය එපාද? නැහැ ලිංගිකත්වයත් අවශ්‍යයි හැබැයි අවශ්‍ය එකමදේ ලිංගිකත්වය නෙමෙයි. ලිංගිකත්වය ගැනත් මේ එකේම ලියන්න ගියෙටත් මේකෙ කෙලවර හොයාගන්න වීල් එකක් ඕනෙ වෙයි. ඒ හින්දා ඒ ගැන වෙනම එකක් ලියන්නම් ආදරය ගැන ඔයාගෙ අදහස මීට වෙනස් ඇති කැමති නම් ඒ ගැන පහලින් ලියලා යන්න
හැමෝටම ලස්සන ආදරයක්